NEW
Font size
WorksheetsFirst Year
Total questions: 23
Worksheet time: 1hrs 9mins
01. එකතු කිරීම නම් ගණිත කර්මය
A - න්‍යාදේශ්‍ය න්‍යායට එකඟ වේ.
B - සංඝටන න්‍යායට එකඟ වේ.
C - විඝටන න්‍යායට එකඟ වේ.
ඉහත ප්‍රකාශවලින් සත්‍ය වන්නේ,
A පමණි.
A හා B පමණි.
A හා C පමණි.
A, B, C සියල්ලමය.
02. අඩු කිරීම නම් ගණිත කර්මය
A - න්‍යාදේශ්‍ය න්‍යායට එකඟ වේ.
B - සංඝටන න්‍යායට එකඟ වේ.
C - විඝටන න්‍යායට එකඟ වේ.
ඉහත ප්‍රකාශවලින් සත්‍ය වන්නේ,
A පමණි.
C පමණි.
A හා Bපමණි.
A, B, C සියල්ලමය.
03. ගුණ කිරීම නම් ගණිත කර්මය
A - න්‍යාදේශ්‍ය න්‍යායට එකඟ වේ.
B - සංඝටන න්‍යායට එකඟ වේ.
C - විඝටන න්‍යායට එකඟ වේ.
ඉහත ප්‍රකාශවලින් සත්‍ය වන්නේ,
A පමණි.
B පමණි.
A හා B පමණි.
A, B, C සියල්ලමය.
04. බෙදීම නම් ගණිත කර්මය
A - න්‍යාදේශ්‍ය න්‍යායට එකඟ නොවේ.
B - සංඝටන න්‍යායට එකඟ නොවේ.
C - විඝටන න්‍යායට එකඟ නොවේ.
ඉහත ප්‍රකාශවලින් සත්‍ය වන්නේ,
A පමණි.
B පමණි.
A හා C පමණි.
A, B, C සියල්ලමය.
05. a හා b හි අගයන් පිළිවෙලින් -3 සහ +2 වන විට a+b හා b+a හි අගයන් පිළිවෙලින්,
-1 සහ +1 වේ.
+1 සහ -1 වේ.
+1 සහ +1 වේ.
-1 සහ -1 වේ.
06. a හා b හි අගයන් පිළිවෙලින් -5 සහ -3 වන විට a−b හා b−a හි අගයන් පිළිවෙලින්,
+2 සහ +2 වේ.
-8 සහ -8 වේ.
-2 සහ +2 වේ.
-2 සහ -2 වේ.
07. a හා b හි අගයන් පිළිවෙලින් -3 සහ -4 වන විට a÷b හා b÷a හි අගයන් පිළිවෙලින්,
−43 සහ −34 වේ.
−43 සහ 34 වේ.
43 සහ 34 වේ.
34 සහ 43 වේ.
08. a හා b හි අගයන් පිළිවෙලින් -2 සහ +4 වන විට a×b හා b×a හි අගයන් පිළිවෙලින්,
-6 සහ -6 වේ.
+2 සහ +2 වේ.
8 සහ -8 වේ.
-8 සහ -8 වේ.
09. a, b හා c අගයන් පිළිවෙලින් -3, 2 සහ -1 වන විට (a+b)+c සහ a+(b+c) හි අගයන් පිළිවෙලින්,
-4 සහ -4 වේ.
-2 සහ -2 වේ.
2 සහ -4 වේ.
2 සහ 2 වේ.
10. a, b හා c අගයන් පිළිවෙලින් -3, 0 සහ +1 වන විට (a−b)−c සහ a−(b−c) හි අගයන් පිළිවෙලින්,
-4 සහ 2 වේ.
4 සහ -2 වේ.
4 සහ 2 වේ.
-4 සහ -2 වේ.
a, b, c පිළිවෙලින් -5, 1 සහ -2 වන විට (a÷b)÷c සහ a÷(b÷c) හි අගයන් පිළිවෙලින්,
-10 සහ −25 වේ.
25 සහ 10 වේ.
−25 සහ 10 වේ.
−25 සහ −25 වේ.
12. a, b, c පිළිවෙලින් -3, -1 සහ -1 වන විට (a×b)×c සහ a×(b×c) හි අගයන් පිළිවෙලින්,
3 සහ 5 වේ.
5 සහ 3 වේ.
-3 සහ -3 වේ.
3 සහ -3 වේ.
13. a, b, c අගයන් පිළිවෙලින් -2, 1 සහ -2 වන විට a(b+c) සහ ab+ac හි අගයන් පිළිවෙලින්,
2 සහ -4 වේ.
-2 සහ 4 වේ.
-2 සහ -2 වේ.
2 සහ 2 වේ.
14. a, b හා cවල අගයන් පිළිවෙලින් -3, 2 සහ -1 වන විට a(b−c) සහ ab−ac හි අගයන් පිළිවෙලින්,
-3 සහ -3 වේ.
-3 සහ -9 වේ.
-9 සහ -9 වේ.
9 සහ -9 වේ.
15. a, b හා cවල අගයන් පිළිවෙලින් 2, -3 සහ -2 වන විට a(b÷c) සහ ab÷ac හි අගයන් පිළිවෙලින්,
3 සහ 23 වේ.
−25 සහ −46 වේ.
-3 සහ 23 වේ.
25 සහ −23 වේ.
16. a, b හා cවල අගයන් පිළිවෙලින් 2, 2 සහ 3 වන විට a(b×c) සහ ab×ac හි අගයන් පිළිවෙලින්,
12 සහ 12 වේ.
10 සහ 10 වේ.
12 සහ 24 වේ.
24 සහ 10 වේ.
17. තාත්වික සංඛ්‍යා පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න.
A - තාත්වික සංඛ්‍යා යනු ඕනෑම ධන හෝ ඍණ නිඛිල සංඛ්‍යා, භාගික සංඛ්‍යා හෝ දශම සංඛ්‍යා වේ.
B - සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කළ හැකි ඕනෑම සංඛ්‍යාවක් තාත්වික සංඛ්‍යාවක් වේ.
C - තාත්වික සංඛ්‍යා කුලකයෙහි ශූන්‍යයට වම් පසින් ඇති සංඛ්‍යා ධන සංඛ්‍යා වන අතර ශුන්‍යයට දකුණු පසින් ඇති සංඛ්‍යා ඍණ සංඛ්‍යා වේ.
ඉහත ප්‍රකාශවලින් සත්‍ය වන්නේ,
A පමණි.
B පමණි.
A හා B පමණි.
A, B, C සියල්ලමය.
18. 85 යන්න දශම ආකාරයෙන් දැක්වූ විට එය
පරිමිත දශම සංඛ්‍යාවකි.
අපරිමිත දශම සංඛ්‍යාවකි.
සමාවර්ත දශම සංඛ්‍යාවකි.
සමාවර්ත නොවන දශම සංඛ්‍යාවකි.
19. 32 යන්න දශම ආකාරයෙන් දැක්වූ විට එය
පරිමිත දශම සංඛ්‍යාවකි.
අපරිමිත දශම සංඛ්‍යාවකි.
සමාවර්ත දශම සංඛ්‍යාවකි.
සමාවර්ත නොවන දශම සංඛ්‍යාවකි.
20. 267.3145 3145 3145....... යන්න කෙටි කර දැක්වූ විට නිවැරදි පිළිතුර වන්නේ,
21. π යන්න සංඛ්‍යාවකින් දැක්වූ විට එය,
අතාත්වික සංඛ්‍යාවකි.
ධන නිඛිල සංඛ්‍යාවකි.
ඍණ නිඛිල සංඛ්‍යාවකි.
තාත්වික සංඛ්‍යාවකි.
යන්න භාග සංඛ්‍යාවක් බවට පත් කළ විට නිවැරදි පිළිතුර වන්නේ,
10004583
1211
2411
451
23. පහත ප්‍රකාශ සලකන්න.
A - පරිමිත දශම භාග සංඛ්‍යා බවට පත් කල හැකි වුවද සමාවර්ථ දශම භාග සංඛ්‍යා බවට පත් කළ නොහැකිය.
B - පරිමිත දශම භාග සංඛ්‍යා බවට පත් කළ නොහැකි වුවද සමාවර්ථ දශම භාග සංඛ්‍යාබවට පත් කළ හැකිය.
C - පරිමිත දශම මෙන්ම සමාවර්ථ දශම ද භාග සංඛ්‍යා බවට පත් කළ හැකිය.
ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ,
A පමණි.
B පමණි.
C පමණි.
A හා B පමණි.
