wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Quiz 3

Total questions: 13

Worksheet time: 17mins

Name
Class
Date
1.

නවීන තාක්ෂණයෙන් නිපදවා ඇති රොබෝ යන්ත්‍ර ,නිෂ්පාදන කාර්යය සඳහා යොදාගැනීමෙන් ලැබෙන වාසියක් නොවන්නේ ,

a)

පැය අටෙහි සේවාව

b)

වැඩි කාර්යක්ෂමතාව

c)

නිරවද්‍යතාව

d)

පිරිසිදු බව

2.

පිළිවෙළින් මෙහෙයුම් පද්ධති බිහිවීම සහ වේගවත් පරිගණක ජාල බිහිවීම යන කරුණු වලට අදාළ වූ පරිගණක පරම්පරා අයත් පිළිතුර කුමක්ද ?

a)

දෙවන පරම්පරාව හා තෙවන පරම්පරාව

b)

හතරවන පරම්පරාව හා පස්වන පරම්පරාව

c)

තෙවන පරම්පරාව හා සිව්වන පරම්පරාව

d)

තෙවන පරම්පරාව හා දෙවන පරම්පරාව

3.

අතුරුමුහුණත් හා සම්බන්ධ පහත සදහන් වගන්ති අතුරින් නිවැරදි වන්නේ කුමක්ද ?

A - අණ කිරීම් හා උපදෙස් ඇතුළත් කිරීම සදහා ප්‍රේරකයක් ( prompt ) විධාන පේළි අතුරුමුහුණත් සහිත මෙහෙයුම් පද්ධතියේ දක්නට ලැබේ.

B - වර්තමානයේ සියලු පරිගනක මෙහෙයුම් පද්ධතිවල අතුරුමුහුණත් සකස් වන්නේ චිත්‍රක පාදක කරගනිමින් ය.

C - චිත්‍රක පරිශීලක අතුරුමුහුණතේ ප්‍රධාන සංරචක ලෙස WIMP භාවිතා වේ.

a)

A හා B පමණි

b)

B හා C පමණි

c)

A හා C පමණි

d)

A B හා C සියල්ලම

4.

ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක වාසියක් නොවන්නෙ මේ අතරින් කුමක්ද ?

a)

උපස්ථ පිටපත් ලබා ගැනීමේ පහසුව.

b)

තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂම වීම.

c)

දත්ත විශ්ලේෂණය කිරීමේ අපහසුව.

d)

දත්තවල ස්වායත්තතාව.

5.

1)පැතුරුම්පත් මෘදුකාංගයකදී 8+2*3^2/6-3 හි නිවරදි පිලිතුර වන්නේ,

a)

8

b)

5

c)

8.66

d)

10

6.

1101101 ද්විමය සංඛ්‍යාවට තුල්‍ය නොවන සංඛ්‍යාව තෝරන්න.

a)

10910

b)

1558

c)

6D16

d)

19910

7.

උසස් පෙළ වාණිජ අංශයෙන් ඉදිරිපත්වන සිසුවකුට ගිණුම්කරණය (A) හා ආර්ථික විද්‍යාව (E) විෂයන් අනිවාර්යෙන් තෝරාගත යුතු අතර ව්‍යාපාර අද්‍යනය(B) හා තොරතුරු සන්නිවේදන තාක්ෂනය (T) යන විෂයන් දෙකෙන් එකක් තෝරා ගත යුතුය

ඉහත ප්‍රකාශනය නිවැරදිව පෙන්වන බුඋලිය ප්‍රකාශය තෝරන්න?

a)

A AND E) AND (B OR T)

b)

(A OR E) AND (B AND T)

c)

(A AND E) OR (B OR T)

d)

(A AND E) OR (B AND T)

8.

පහත කේතය සලකා බලන්න

BEGIN

X=1

WHILE X<=5 DO

PRINT X

X=X+1

END WHILE

END

ඉහත කේතය තුලින් ප්‍රතිදානය වන්නේ ?

a)

0,1,2,3,4,5

b)

1,2,3,4

c)

1,2,3,4,5

d)

1,2,3,4,5,6

9.

විද්‍යුත් සමර්පන මෘදුකාංග හා සම්බන්ධ පහත දැක්වෙන ප්‍රකාශ පිළිබද අවදානය යොමු කරන්න.

(A) ctrl +p කෙටිමං යතුර භාවිත කිරීමෙන් කදා දර්ශන අවස්ථාවේදී pen tool ලබාගත හැකිය.

(B)යතුරු පුවරුවේ F5 යතුර භාවිත කළ විට පළමු කදාවෙන් දර්ශනය ආරම්භ වේ.

(C) shift + F5 කෙටිමං යතුර භාවිත කිරීමෙන් තෝරන ලද කදාවෙන් දර්ශනය ආරම්භ වේ.

ඉහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය වන්නේ,

a)

A හා B

b)

B හා C

c)

A හා C

d)

ඉහත සියල්ලම

10.

පරිගණයක ආරක්ශාව සම්බන්ධයෙන් පහත පද සලකන්න.

A - දෘඩාංග ගිනි පවුර

B - මෘදුකාංග ගිනි පවුර

C - පරිශීලක නාමය හා මුරපදය

D - අගුළු යෙදීම

ඉහත A, B, C ,D අතරින් කුමන ප්‍රකාශය / ප්‍රකාශ පරිගණකයක හෝ පරිගණක ජාලයක තාර්කික ආරක්ශාව සදහා නිදසුනක් වන්නේ ද

a)

A හා B පමණි.

b)

A,B හා C පමණි.

c)

B හා C පමණි.

d)

 C පමණි

11.

පහත දක්වා ඇති ව්‍යාජ කේත කොටස සලකන්න

BEGIN

READ units

IF units <= 50 THEN

amount = units*1

ELSE

IF units > 50 AND units <= 150 THEN

amount = 50+(units - 50)*2

ELSE

amount = 250 + (units - 150)*5

ENDIF

DISPLAY amount

units සදහා 175 ආදානය කළහොත් ප්‍රතිදානය වන්නේ කුමක්ද?

a)

175

b)

250

c)

300

d)

375

12.

පහත සදහන් වගන්ති අතුරෙන් සත්‍ය වන්නේ කවරක්ද?

A - Pascal යනු ඉහල මට්ටමේ ක්‍රමලේඛ භාෂාවකි.

B - පහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂාවලට වඩා ඉහළ මට්ටමේ භාෂා ක්‍රමලේඛ තේරුම් ගැනීම ක්‍රමලේඛකයන්ට අපහසුය.

C - සම්පාදකයක් (compiler) මගින් ඉහළ මට්ටමේ ක්‍රම්ලෙඛ භාෂාවක් පහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂාවක් බවට පරිවර්තනය කරයි.

a)

A හා B

b)

A හා C

c)

B හා C

d)

A,B, හා C

13.

Whatsapp Number

4 lines