wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ජීවයේ රසායනික පදනම - Grade 10 Unit 1- තිසර ඒකනායක විද්‍යා පදනම

Total questions: 30

Worksheet time: 30mins

Name
Class
Date
1.

ස්වාභාවිකව පවතින මූලද්‍රව්‍ය ගණන සහ ජීවිදේහ තුළ අඩංගු වන මූලද්‍රව්‍ය ප්‍රමාණය පිළිවෙලින්

a)

95 ,20

b)

92 , 25

c)

95 , 25

d)

92 , 20

2.

ජීවි දේහ නිර්මාණයට වැඩි වශයෙන් ඉවහල් නොවන මූලද්‍රව්‍ය වන්නෙ

a)

ඔක්සිජන්

b)

හයිඩ්‍රිජන්

c)

පොස්පරස්

d)

කාබන්

3.

සජීවි සෛල (සජීවී පදාර්ථ) නිර්මාණය වී ඇති රසායනික සංයෝග බෙදිය හැකි කාණ්ඩ කීයද?

a)

2

b)

4

c)

3

d)

6

4.

සජීවි පදාර්ථයේ අඩංගු මූලික කාබනික සංයෝග වර්ග,

a)

5

b)

4

c)

3

d)

6

5.

සජීවි පදාර්ථ තුළ ඇති විටමින්,

a)

කාබනික සං‍යෝගයකි

b)

අකාබනික සං‍යෝගයකි

c)

වාෂ්පශීලී සං‍යෝගයකි

d)

වර්ණවත් සං‍යෝගයකි

6.

පෘතුවිය මතුපිට ඇති වඩාත්ම සුලබ කාබනික සංයෝගය වන්නෙ

a)

ප්‍රෝටීන

b)

කාබෝහයිඩ්‍රේට

c)

ලිපිඩ

d)

න්‍යශ්ටික අම්ල

7.

කාබෝහයිඩ්‍රේට් සෑදී ඇති ආකරය අනුව ඒවා ___ කට වර්ග කළ හැකිය.

a)

2

b)

3

c)

4

d)

5

8.

කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය කුමක්ද?

a)

පොලිසැකරයිඩ

b)

ඩයිසැකරයිඩ

c)

මොනෝසැකරයිඩ

d)

ග්ලයිකෝජන්

9.

සරල සීනි ලෙස හදුන්වනුයේ,

a)

මොනොසැකරයිඩ

b)

ඩයිසැකරයිඩ

c)

පොලිසැකරයිඩ

d)

සෙලියුලෝස්

10.

ඩයිසැකරයිඩ සෑදි ඇත්තෙ

a)

මොනොසැකරයිඩ අණු 3 ක් එකතු වීමෙනි

b)

මොනොසැකරයිඩ අණූ 2ක් එකතු වීමෙනි

c)

පොලිසැකරයිඩ අණූ රාශිකිනි

d)

ඩයිසැකරයිඩ අණූවකිනි

11.

පොලිසැකරයිඩ හි ගුණයක් නොවන්නෙ,

a)

ඇල් ජලයේ අද්‍රාව්‍යයි

b)

උණූ ජලයේ අද්‍රාව්‍යයි

c)

ස්ඵටිකරෑපී නොවේ

d)

වාෂ්පශීලී නොවේ

12.

මිනිස් ජීරණ පද්ධතිය තුළ ජීරණයට ලක් නොවන, මලබද්ධය වළක්වා ගැනීමට උදව් වන පොලිසැකරයිඩ වර්ගය කුමක්ද?

a)

සෙලියුලෝස්

b)

පිෂ්ටය

c)

ග්ලයිකෝජන්

d)

පෘක්ටෝස්

13.

ඉහත රූපයෙන් දැක්වෙන්නෙ,

a)

මොනොසැකරයිඩ අණු රාශියක් බහු අවයවීකරණය වීමෙන් සැදුණූ පොලිසැකරයිඩයක ව්‍යුහයක්

b)

මොනොසැකරයිඩ අණු 2 ක් එකතු වී සැදුණූ ඩයිසැකරයිඩයක අණූවක ව්‍යුහයක්

c)

මොනොසැකරයිඩයක් වන ග්ලුකෝස් අණූවක ව්‍යුහයක්

d)

පොලිසැකරයිඩ අණුවක්

14.

ගාකවල ගබඩා කෙරෙන කාබෝහයිඩ්‍රේට් වර්ගය

a)

සෙලියුලෝස්

b)

පිෂ්ටය

c)

ග්ලයිකෝජන්

d)

ගැලැක්ටෝස්

15.

කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කමක් නොවනුයේ

a)

ශක්ති ප්‍රභවයක් ලෙස

b)

සංචිත ආහාරයක් ලෙස

c)

නියුක්ලෙයික් අම්ලවල සංඝටකයක් ලෙස

d)

ප්‍රතිදේහ ලෙස ක්‍රියාකිරීම

16.

කාබන්,හයිඩ්‍රජන,ඔක්සිජන් හා නයිට්‍රජන් වලට අමතරව ප්‍රෝටීන වල අඩංගු වන්නෙ

a)

නයිට්‍රේට

b)

සල්ෆර්

c)

පොස්ෆරස්

d)

ඇමෝනියා

17.

පරිණත මිනිස් සිරුරේ ප්‍රෝටීන සංයුතිය කොපමණද?

a)

10%

b)

15%

c)

17%

d)

20%

18.

ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීමේ කර්යය අයත් වන්නෙ,

a)

ඇමයිනෝ අම්ල වල

b)

එන්සයිම වල

c)

ප්‍රෝටීන වල

d)

ඇමයිලේස් වල

19.

කාබෝහයිඩ්‍රේටවලට සාපේක්ෂව ලිපිඩ වල ඇති ඔක්සිජන් ප්‍රමාණය _____

a)

අඩුය

b)

වැඩිය

c)

සමානය

d)

ඉහත කිසිවක් නොවේ

20.

________+ ග්ලිසරෝල් --------> ලිපිඩ + _______

ඉහත හිස්තැන් සදහා සුදුසු පිලිතුරු පිලිවෙලින් ,

a)

ජලය , ග්ලයිකොජන්

b)

ජලය , මේද අම්ල

c)

මේද අම්ල , ඇමයිනෝ අම්ල

d)

මේද අම්ල , ජලය

21.

සජීවී පදාර්ථයේ අඩංගු ප්‍රධාන කාබනික අණු වර්ග අතරින් ප්‍රවේණිය ඉතා වැදගත් වනුයේ,

a)

කාබෝහයිඩ්‍රේට

b)

ප්‍රෝටීන

c)

ලිපිඩ

d)

න්‍යශ්ටික අම්ල

22.

නියුක්ලෙයික් අම්ල ප්‍රධාන ආකර කීයද?

a)

2

b)

3

c)

4

d)

5

23.

ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලියේදි වැදගත් කෘත්‍යක් ඉටුකරනුයේ,

a)

DNA

b)

RNA

c)

පොලිසැකරයිඩ

d)

ග්ලයිකෝජන්

24.

ජීවින්ගේ දේහ බරින් වැඩිප්‍රමාණයක් සමන්විත වන්නේ, (අකාබනික සංයෝග වලින්)

a)

ඛණිජ ලවණ

b)

ජලය

c)

විටමින්

d)

ඔක්සිජන්

25.

බොහෝ ජීවීන්ගේ ශරීර බරෙන් ____ ක් පම්ම්ණ ජලය වේ.

a)

1/2

b)

1/3

c)

2/3

d)

1/3

26.

ස්නායු ආවේඑග සම්ප්‍රේෂණය දී වැදගත් වන මූලද්‍රව්‍ය කුමක්ද?

a)

සෝඩියම්

b)

පොටෑසියම්

c)

‍යකඩ

d)

අයඩීන්

27.

හිමොග්ලොබීන් සංශ්ලේෂණයට අත්‍යාවශ්‍ය වන මූලද්‍රව්‍ය කුමක්ද?

a)

පොටෑසියම්

b)

සෝඩියම්

c)

මැග්නීසියම්

d)

යකඩ

28.

ඉගෙනීමට මැලිබවක් දැක්වීම, උස යාම සීමා වීම ආදිය කුමන මූලද්‍රව්‍යයක් හිග වීමෙන් ඇති වේද?

a)

පොස්පරස්

b)

කැල්සියම්

c)

අයඩීන්

d)

පොටෑසියම්

29.

අධික ලෙස හෘද ස්පන්දනය සිදු වීම, ස්නායු දුබලතා ඇතිවීම සිදු වනුයේ කුමන මූලද්‍රව්‍යයේ ගිගතාව නිසාද?

a)

සෝඩියම්

b)

මැග්නීසියම්

c)

පොටෑසියම්

d)

කැල්සියම්

30.

අස්ථි දුර්වල වී පහසුවෙන් කැඩීම සිදුවන්නෙ කුමන මූලද්‍රව්‍යයක හිගතාව නිසාද?

a)

සෝඩියම්

b)

කැල්සියම්

c)

පොස්ෆරස්

d)

පොටෑසියම්