wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ICT Grade 10 ( 1st Test )

Total questions: 10

Worksheet time: 20mins

Name
Class
Date
1.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයය පිළිබඳ වඩාත් හොඳින් විස්තර කෙරෙන ප්‍රකාශය වන්නේ,

a)

තොරතුරු සන්නිවේදනයේ දියුණුවත් සමග වර්තමානයේදී බහුලව භාවිතා කෙරෙන විෂයයකි.

b)

දත්ත සකස් කර ගබඩා කර තබා ගැනීමට භාවිතා කරන ක්‍රමවේදයන් පිළිබඳ හදාරන විෂයයකි.

c)

දත්ත සකස්කර තොරතුරු බවට පත්කිරීම, ගබඩා කිරීම හා සන්නිවේදනය කිරීම සඳහා යොදා ගැනෙන තාක්ෂණික ක්‍රම වේදයන් පිළිබඳ හදාරන විෂයකි.

d)

තොරතුරු පිළිබඳවත්, සන්නිවේදනය පිළිබඳවත්, ගැඹුරින් අධ්‍යයනය කරන අන්තර්ගතයන් සහිත වූ විෂයයකි.

2.

-රාජ්‍ය මගින් සලසා ගත හැකි සේවාවන් ඇතුළත් පහත ප්‍රකාශ සලකන්න.

A. ආයෝජන අවස්ථා පිළිබඳ විස්තර.

B. වාහන බලපත්‍ර අලුත් කිරීම

C. සංචාරකයින් සඳහා සහාය වීම

D. බිල්පත් ගෙවීම් සේවාවන්

a)

A , B

b)

B , C

c)

B , D

d)

A  ,C

3.

ශිෂ්‍යයෙකු වශයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කළ හැකි අවස්ථාවක් නොවන්නේ,

a)

විද්‍යුත් සමර්පන භාවිතයෙන් අධ්‍යාපන කටයුතු වල යෙදීම.

b)

පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන භාවිතය

c)

CD Rom මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීම.

d)

ඉගැන්වීම් ක්‍රම පිළිබඳ තොරතුරු අධ්‍යයනය

4.

මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න.

A. ඕනෑම ස්ථානයක සිට ඉගෙනුම් ඒකක හා සම්බන්ධ වීමේ හැකියාව ඇත.

B. මාර්ගගතව ගුරුවරයෙකු සම්බන්ධ කරගෙන අධ්‍යාපනය ලැබිය හැකිය.

C. ඉගෙනුම් ඒකක සංයුක්ත තැටි ආධාරයෙන් තැපැල් මගින් ගෙන්වාගෙන අධ්‍යාපනය ලැබිය හැකි වීම.

ඉහත ප්‍රකාශ අතුරින් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ පමණක් ඇතුළත් පිළිතුර වන්නේ,

a)

A , B

b)

B පමණි

c)

A, C

d)

A, B, C

5.

දුරස්ථ සෞඛ්‍ය රැකවරණයේ සේවාවක් නොවන්නේ,

a)

දුරස්ථ චැනල් සේවය

b)

නිවසේ සිට අධීක්ෂණය

c)

දුරස්ථ පුහුණුව

d)

දුරස්ථ සෞඛ්‍ය උවටැන්

6.

දත්ත සහ තොරතුරු සම්බන්ධයෙන් පහත ප්‍රකාශයන් සලකන්න.

A අර්ථශුන්‍ය දත්ත සකස් කිරීමකින් පසුව අර්ථාන්විත තොරතුරු තැනිය හැකිය.

B තොරතුරක් නිවැරදි වූ විට එය විශ්වසනීයත්වයෙන් යුක්ත වේ.

C තීරණ ගැනීම සඳහා සෑම විටම ඉවහල් කර ගැනෙනුයේ දත්ත වලට වඩා තොරතුරු

ඉහත ප්‍රකාශ අතුරින් සත්‍ය ප්‍රකාශ පමණක් ඇතුළත් පිළිතුර වන්නේ,

a)

A , B

b)

A , C

c)

B , C

d)

A, B , C

7.

පහත දැක්වෙන්නේ QR කේතයක් පරීක්ෂා කර වෙබ් අඩවියකට පිවිසීමේ අවස්ථා වල පියවරයන් ය.

A -  වෙබ් අඩවිය විවෘත කර දීම

B - QR කේතය සුපරීක්ෂණ කිරීම

C - QR කේතය විකේතනය කර වෙබ් අඩවිය සොයා ගැනීම

මෙම පියවරයන් ආදානය සැකසීම හා ප්‍රතිදානය ලෙස පිළිවෙලින් දැක්වූ විට පිළිතුර වන්නේ,

a)

ABC

b)

BCA

c)

СВА

d)

BAC

8.

මාර්ගගත සාප්පු සවාරි භාවිතයේ (Online shopping) ඇති වාසියක් නොවන්නේ,

a)

පැය 24 පුරාවට විවෘතව පැවතීම

b)

හර කාඩ්පත් මගින් ගෙවීම් කළ හැකිවීම.

c)

භාණ්ඩ නිරීක්ෂණය කර මිල දී ගත හැකිවිම.

d)

අදාළ ආයතනයට ගොස් භාණ්ඩ මිල දී ගත හැකි වීම

9.

දත්ත හා තොරතුරු සම්බන්ධයෙන් නිවැරදි වන්නේ කුමන ප්‍රකාශයද?

(a) කාලානුරූපී බව සහ සම්පූර්ණ බව තොරතුරක ලක්ෂණ දෙකක් වේ.

(b) තනිව ගත් කළ දත්ත වලට අර්ථයක් නැත.

(c) දත්ත තොරතුරු මත රඳා පවති.

a)

a , b

b)

a , c

c)

b , c

d)

ඉහත සියල්ලම

10.

පහත සඳහන් ඒවායින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ව්‍යාපාර ක්ෂේත්‍රයේ භාවිත වන අවස්ථාවක් විස්තර කරනුයේ කුමකින්ද?

a)

නවීන උපාය මාරගික තොරතුරු අන්තර්ජාලයෙන් පිරික්සීම.

b)

මාර්ගගත සාප්පු සවාරියක් භාවිත කිරීමට, පෙර ගෙවුම් අන්තර්ජාල සේවාවක් මිළදී ගැනීම.

c)

අධ්‍යාපනික මෘදුකාංගයක් මිළදී ගැනීම සඳහා ණය පත් භාවිතයෙන් මුදල් ගෙවීම.

d)

ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් හා සම්බන්ධ වී ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ පාඨමාලාවක් හැදෑරීම.