wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ICT GRADE 10 Test 2

Total questions: 20

Worksheet time: 29mins

Name
Class
Date
1.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වඩාත් හොදින් විස්තර කෙරෙන ප්‍රකාශය තෝරන්න.

a)

සකස් කළ තොරතුරු සන්නිවේදන කිරීම සඳහා භාවිතා කරන තාක්ෂණයකි

b)

දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීම සඳහා යොදාගැනෙන තාක්ෂණයකි

c)

තොරතුරු සකස් කරගැනීම හා හුවමාරු කර ගැනීමකි

d)

දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත්, ඒවා ගබඩා කර ගැනීමටත්, හුවමාරු කර ගැනීමටත් භාවිතා කරන තාක්ෂණයයි

2.

කෘෂි කර්මාන්තයේ දී තොරතුරු තාක්ෂණය යොදා ගන්නා අවස්ථා ලෙස බෝග වගාව, සත්ත්ව පාලනය සහ ධීවර කර්මාන්තය හඳුන්වා දිය හැක. බෝග වගාව සඳහා පමණක් යොදා ගනු ලබන යන්ත්‍ර නිවැරදිව සඳහන් කර ඇති පිළිතුර වනුයේ,

A. කාලගුණ මිණුම් යන්ත්‍රය

B. ගුවන් විදුලි සංඥා හැඳුනුම් උපකරණය (RFID)

C. ස්වයංක්‍රීය වල් පැළ ඉවත්කරණය

a)

A ,B

b)

C පමණි

c)

B ,C

d)

A ,C

3.

ඉගෙනුම් කලමණාකරණ පද්ධතියක් මගින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විවිධ පාර්ශවයන් වෙත ලබාදෙන පහසුකම් කීපයක් පහත දැක් වේ.

 A. පැවරුම් ආදිය නිවසේදීම සිදුකර උඩුගත කළ හැකිවීම

B. පාසල් තොරතුරු යාවත්කාලීන කිරීමේ හැකියාව

C. සංවාද මණ්ඩප හා සම්බන්ධ වී ගැටලු සඳහා ප්‍රතිචාර දැක්වීමට හැකි වීම

ඉහත පහසුකම් සිසුන්ට, ගුරුවරුන්ට හා පරිපාලකයින්ට පිළිවෙලින් දැක්වෙන පිළිතුර වනුයේ,

a)

ACB

b)

BAC

c)

BCA

d)

СВА

4.

අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ශිෂ්‍යයෙකුට අන්තර්ජාලය හා සම්බන්ධ වෙමින් අධ්‍යාපනය ලැබිය හැකි වෙබ් අඩවි පමණක් ඇතුලත් පිළිතුර තෝරන්න.

5.

නැවක ගමන්ගත් මගීන් පිරිසකට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ ඇති බවට නාවිකයින් විසින් රෝහලට දැනුම්දෙන ලදි. රෝහලේ කාර්ය මණ්ඩලය විසින් නැවේ සිටි මගීන්ට ප්‍රතිකාර ලබා දුන් දුරස්ථ සෞඛ්‍ය රැකවරණයේ වඩාත් ගැළපෙන ලක්ෂණයක් වන්නේ,

a)

නිවසේ සිට අධීක්ෂණය

b)

දුරස්ථ සෞඛ්‍ය උවටැන්

c)

දුරස්ථ පුහුණුව

d)

දුරස්ථ ශල්‍යකර්ම

6.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් මගින් මිනිසාගේ කාර්යයන් ඉතා පහසු වී ඇත. එමෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අනිසි ලෙස භාවිතයෙන් ඔබට පමණක් නොව මුළු මහත් සමාජයටම අවැඩක් සිදු විය හැක. ඉන් එක් අනිසි ප්‍රතිඵලයක් ලෙස ඇබ්බැහිවීම සඳහන් කළ හැක. මේ නිසා සිදුවන ශාරීරික අපහසුතාවයක් වනුයේ,

A අක්ෂි ආබාධ

B. කොන්දෙ අමාරුව

C. හිසේ කැක්කුම

a)

B ,C

b)

A පමණි

c)

A ,B

d)

A, B ,C

7.

පන්තියේ කණ්ඩායම් ක්‍රියාකාරමක දී සහන් ඇතුළු කණ්ඩායමට පැවරුණේ දත්ත හා තොරතුරු ඇතුළත් ලැයිස්තුවකින් තොරතුරු වෙන්කර හඳුනා ගැනීමටයි ඔවුන් විසින් තොරතුරු යැයි හඳුනාගත් කිහිපයක් පහත දැක්වේ. ඒ අතරින් නිවැරදිව හඳුනාගෙන ඇති තොරතුරු මොනවාද?

A. මාසික විදුලි බිල්පත

B. 10 ශ්‍රේණියේ එක් එක් සිසුවාගේ ස්කන්ධය

C. 2019 අඩුම වාර්ෂික වර්ෂාපතනය පුත්තලමෙන් වාර්තා වී ඇත

a)

A පමණි

b)

A හා B පමණි

c)

A හා C පමණි

d)

A B හා C සියල්ල

8.

ශ්‍රී ලංකා රජය විසින් ව්‍යාපාර වලට ලබා දෙන ඉ. රාජ්‍ය සේවාවක් වන්නේ,

a)

ආකෘති පත්‍ර

b)

බිල්පත් ගෙවීම් සේවා

c)

නීති පද්ධති

d)

බැංකු තොරතුරු

9.

මොළයේ ක්‍රියාකාරීත්වය සටහන් කිරීම සඳහා භාවිතවන උපකරණය වන්නේ,

a)

විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය (ECG)

b)

පරිගණකගත ආක්‍ෂක ශරීර ස්තර එක්රේ යන්ත්‍රය (CAT)

c)

විද්‍යුත් නිකර්පර රේඛන යන්ත්‍රය (EEG)

d)

චුම්බක අනුනාද මුර්තන යන්ත්‍රය (MRI)

10.

පහත ඒවායින් දත්ත (data) ලෙස සැළකිය හැක්කේ,

a)

වාර අවසාන ලකුණු ලැයිස්තුව

b)

පාසල් කාලසටහන

c)

2015 සා. පෙළ සමත් ප්‍රතිශතය

d)

එක් විෂයකට ලබාගත් ලකුණු

11.

දත්ත සකස් කිරීමට යොමු කිරීම...........A........... ලෙසත්, සකස් කළ තොරතුරු ලබා ගැනීම ............B.......... ලෙසත් හැදින් වේ. මෙහි A හාB සඳහා නිවැරදි පිළිතුරු පිළිවෙලින්,

a)

සකස් කිරීම, ප්‍රතිදානය

b)

ප්‍රතිදානය, ආදානය

c)

ආදානය, ප්‍රතිදානය

d)

ප්‍රතිදානය, සකස් කිරීම

12.

ගුණාත්මක තොරතුරක ලක්ෂණ පමණක් ඇතුළත් වන පිළිතුර වන්නේ,

a)

කාලීන බව, අදාළ බව, ස්ථිර බව

b)

පිරිවැය අවම වීම, නිරවද්‍යතාව, අදාළ බව

c)

සාධාරණ බව, නිවැරදි බව, ස්ථිර බව

d)

කාලීන බව, පිරිවැය අවම වීම, සාධාරණ බව

13.

ඉ- රාජ්‍යයේ සම්බන්ධතා පැවැත්වීම සඳහා යොදා ගැනෙන වෙබ් අඩවි පමණක් අඩංගුවන පිළිතුර වන්නේ,

14.

පහත සඳහන් දෑ අතරින් දත්තයක් වන්නේ,

A - පන්තියක සිටින සිසුන්ගේ නම්

B - වර්ෂ අවසාන විභාගයේ පන්තියේ සිසුන්ගේ ස්ථාන ලබාගත් ලකුණු ලැයිස්තුව -

C - අ.පො.ස. සා. පෙළ විභාග ප්‍රතිඵල

D - ගුරුවරුන්ගේ වැටුප් ලේඛණ තුළ ඇති අංක

a)

A පමණි

b)

A හා B පමණි.

c)

A හා D පමණි.

d)

සියල්ලම

15.

වෛද්‍ය ක්ෂේත්‍රයේ භාවිතාවන සුපරීක්ෂණ (Scanner) වර්ගයක් නොවන්නේ

a)

ECG, EEG

b)

CT, MRI

c)

CAT, X-ray

d)

ATM, CAL

16.

E - රාජ්‍ය යටතේ සේවා ලබන පාර්ශවයක් ලෙස සැලකිය නොහැක්කේ,

a)

G2C

b)

G2G

c)

G2S

d)

G2B

17.

අධ්‍යාපන පරිපාලන කටයුතු සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගෙන ඇති අවස්ථාවකට උදාහරණයකි.

a)

සිසුන් ලියාපදිංචි කිරීමේ පද්ධතියක් පවත්වා ගෙන යාම.

b)

ඉගෙනුම් කළමණාකරන පද්ධතියකට සම්බන්ධ වීම.

c)

විද්‍යාව විෂයය පහසුවෙන් ඉගෙනීම සඳහා පරිගණකය යොදා ගැනීම.

d)

අන්තර්ජාලයෙන් අධ්‍යාපන කටයුත්තකට අවශ්‍ය පින්තූරයක් බාගත කර ගැනිම.

18.

මාර්ගගත සාප්පු සවාරි මගින් පාරිභෝගිකයාට ඇති වාසි කීපයක් පහත දැක්වේ.

A) හර කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ හැකියාව.

B) මෙරට වෙළඳ ආයතන විසින් භාණ්ඩ නිවසටම සැපයීම.

C) පහසු ස්ථානයක සිට අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කිරීමේ හැකියාව.

a)

A පමණි

b)

A හා C පමණි

c)

B, හා C පමණි

d)

A, B, C යන සියල්ලම

19.

"අද දින ලබා ගන්නා කාලගුණ වාර්තා හෙට දිනට වලංගු නොවේ." මෙම ප්‍රකාශය ගුණාත්මක තොරතුරක කවර ලක්ෂණයකට උදාහරණයක් වේද?

a)

අදාළ බව

b)

කාලීන බව

c)

නිරවද්‍ය බව

d)

අංග සම්පූර්ණ බව

20.

මාර්ගගත දුරස්ථ අධ්‍යාපනයේ ඇති ලක්ෂණයක් වන්නේ පහත දැක්වෙන කුමක්ද?

a)

පන්ති කාමර පැවරුම්.

b)

පංති කාමරයක් තුළදී ගුරුවරයෙකුගෙන් ඉගෙන ගැනීම.

c)

නිශ්චිත ස්ථානයක සිට අධ්‍යාපනය හැදෑරීමට ඇති හැකියාව.

d)

පාඨමාලා ලියාපදිංචි කිරීමේදී ලබා දෙන අංකිත පුස්තකාල සම්බන්ධතාව.