wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ICT GRADE 10 TEST 3

Total questions: 20

Worksheet time: 30mins

Name
Class
Date
1.

දත්ත ආදානය කිරීම සඳහා යතුරු පුවරුව සහ මූසිකය භාවිත කරන ලද්දේ කුමන පරම්පරාවේ පරිගණකවල ?

a)

පළමු පරම්පරාවේ පරිගණක

b)

තුන්වන පරම්පරාවේ පරිගණක

c)

දෙවන පරම්පරාවේ පරිගණක

d)

හතරවන පරම්පරාවේ පරිගණක

2.

පරිගණකය පළමු පරම්පරවේ සිට පස්වෙනි පරම්පරාව දක්වා පරිණාමයේදී සිදුවූ වෙනස්කම් සම්බන්ධ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ.

A. පරිගණකයේ ප්‍රමාණය සහ විදුලිය වැයවීම අඩුවිය.

B. වේගය සහ ගබඩා කළ හැකි ධාරිතාව අඩු විය.

C. බහුකාර්ය උපකරණයක් වීම සහ භාවිතය වැඩිවීම.

මෙම ප්‍රකාශ අතුරින් සත්‍ය වන්නේ

a)

A පමණි

b)

A හා B පමණි

c)

A හා C පමණි

d)

A B හා C සියල්ල

3.

ආදාන, ප්‍රතිදාන, ආචායන උපක්‍රමයක් ලෙස ජෝසෆ් ජැකුවාර්ඩ් විසින් ලොවට හඳුන්වා දුන් සිදුරු පත්‍රිකා ක්‍රමය භාවිතා කර සකස් කරන ලද ප්‍රථම පරිගණකය වන්නේ,

a)

Pascaline

b)

Analytical Engine

c)

Difference Engine

d)

ENIAC

4.

පළමු පරම්පරාවේ පරිගණක සම්බන්ධයෙන් අදාළ නොවන ප්‍රකාශය වනුයේ,

a)

පරිගණක ප්‍රමාණයෙන් විශාල විය.

b)

අධික තාපයක් පිට විය.

c)

මෙහෙයුම් පද්ධති භාවිතය ආරම්භ විය.

d)

දත්ත සැකසීමේ වේගය ඉතා අඩු විය.

5.

පරිගණක පරිණාමයේ දී එක් එක් පරම්පරාවල දත්ත පිළිවෙලින් පෙළගැස්සූ විට ලැබෙන පිළිතුර වනුයේ, සැකසීමේ උපාංග පහත දැක්වේ. මේවා පරම්පරා අනුව

a)

DCAB

b)

BACD

c)

BADC

d)

CDAB

6.

පරිගණක පරිණාමයේදී සිදුරු පත්‍රිකා ක්‍රමය භාවිතා කරන ලද මුල්ම ගණක යන්ත්‍රය වනුයේ,

a)

Pascaline

b)

Analytical Engine

c)

Mark 1

d)

ENIAC

7.

එක් එක් පරිගණක පරම්පරාවල දත්ත සකස්කිරීම සඳහා භාවිතා කළ තාක්ෂණික උපාංගය සැකසීමේ වේගය අනුව ඉහළම වේගයේ සිට අඩුම වේගය දක්වා පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ,

a)

රික්තක නල, ට්‍රාන්සිස්ටරය, සංගෘහිත පරිපථ, විශාල පරිමාණයේ අනුකලිත පරිපථ, අති විශාල පරිමාණයේ අනුකලිත පරිපථ

b)

විශාල පරිමාණයේ අනුකලිත පරිපථ, අති විශාල පරිමාණයේ අනුකලිත පරිපථ, රික්තක නල, ට්‍රාන්සිස්ටරය, සංගෘහිත පරිපථ

c)

රික්තක නල, ට්‍රාන්සිස්ටරය, විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ, අති විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ, සංගෘහිත පරිපථ,

d)

අති විශාල පරිමාණයේ අනුකලිත පරිපථ, විශාල පරිමාණයේ අනුකලිත පරිපථ, සංගෘහිත පරිපථ, ට්‍රාන්සිස්ටරය, රික්තක නල

8.

පරිගණකය පරිණාමයේදී හමුවන යාන්ත්‍රික පරිගණක දෙකක් වන ආකලන යන්ත්‍රය හා විශ්ලේෂන යන්ත්‍රය සකස්‌ කළ විද්‍යාඥයින් දෙදෙනා පිළිවෙලින් දැක්වූ විට පිළිතුර වන්නේ,

a)

බ්ලෙයිස් පැස්කල් හා ජෝන් නේපියර්

b)

චාර්ල්ස් බැබේජ් හා බිල්ගේට්ස්

c)

බ්ලෙයිස් පැස්කල් හා චාර්ල්ස් බැබේජ්

d)

චාර්ල්ස් බැබේජ් හා බ්ලෙයිස් පැස්කල්

9.

ප්‍රකාශ අක්ෂර සංජානනය (OCR) හා චුම්භක තීන්ත අනුලක්ෂණ කියවනය (MICR) මගින් සිදුකරනු ලබන කාර්යය විස්තර කරන නිවැරදි පිළිවෙල වන්නේ,

a)

අක්ෂර සුපරික්ෂණය කිරීම හා බහුවරණ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම.

b)

බහුවරණ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම හා චෙක්පත් වල අංකය පරීක්ෂා කිරීම.

c)

චෙක්පත් වල අංකය පරීක්ෂා කිරීම හා අක්ෂර සුපරික්ෂණය.

d)

අක්ෂර සුපරික්ෂණය හා චෙක්පත් වල අංකය පරීක්ෂා කිරීම.

10.

- රාජ්‍යට (E - Government) සම්බන්ධ වෙබ් ලිපිනයක් වන්නේ,

11.

ඉතා අධික ප්‍රමාණයේ අනුකලිත පරිපථ (ULSIC) දෘඩාංග තාක්ෂණය භාවිතා කළ පරිගණක වල ලක්ෂණයක් / ලක්ෂණ පහත පරිදි වේ.

A චිත්‍රක අතුරු මුහුණතක් දැකිය නොහැක

B අන්තර්ජාලය සහ බහුමාධ්‍ය යෙදවුම් භාවිතය

C කෘතිම බුද්ධිය මත පදනම් වීම හා ඇති හඬ හඳුනා ගැනීමේ හැකියාව

D ක්ෂුද්‍ර සකසනය ප්‍රධාන දෘඩාංග තාක්ෂණය ලෙස භාවිතා කිරීම

ඉහත ප්‍රකාශ අතුරින් සත්‍ය වන්නේ,

a)

A හා B පමණක් නිවැරදිය.

b)

B, C හා D පමණක් නිවැරදිය.

c)

B හා C පමණක් නිවැරදිය.

d)

ඉහත සියල්ලම නිවැරදිය

12.

අමල් පරිගණක ක්‍රීඩාවල නිතරම නිරත වීම නිසා අධ්‍යාපන කටයුතු මගහරවා ගැනීම සහ විවිධ සෞඛ්‍යම අපහසුතා වලට ලක්ව ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ අනිසි ප්‍රතිඵලයක් ලෙස අමල් මුහුණපා ඇති ගැටළුව වඩාත්ම හොඳින් පැහැදිලි කළ හැකි වරණය වන්නේ.

a)

මෙය සයිබර් අපරාධයකි

b)

මානසික විකෘතිතාවයකි

c)

පෞද්ගලිකත්වයට හානි සිදුවීමකි

d)

ඇබ්බැහි වීමකි

13.

තොරතුරු වලට අදාළ ලක්ෂණ කීපයක් පහතින් දැක්වේ.

A අදාළ බව

B අංග සම්පූර්ණ බව

C ප්‍රමාණාත්මකව විශාල බව

D පිරිවැය අවම බව

මේවා අතුරින් ගුණාත්මක තොරතුරක නිවැරදි ලක්ෂණ වන්නේ,

a)

A, B සහ C පමණි.

b)

B, C සහ D පමණි.

c)

A, B සහ D පමණි.

d)

ඉහත සියල්ලම.

14.

රේඩියෝ තරංග සහ ප්‍රබල චුම්භක අනුනාද මගින් ශරීර අභ්‍යන්තර කොටස්වල සවිස්තරාත්මක අංකිත රූපසටහන් ලබා ගත හැකි යන්ත්‍රය වන්නේ,

a)

විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය

b)

හෘද රෝග තිරගැන්වීමේ යන්ත්‍රය

c)

චුම්බක අනුනාද මුර්තන යන්ත්‍රය

d)

විද්‍යුත් නිකර්පර රේඛණ යන්ත්‍රය

15.

ගුවන් විදුලි සංඥා හැඳුනුම් භාවිතා කරනුයේ පහත ඒවායින් කුමක් සඳහාද?

a)

ස්වයංක්‍රීය කිරි දෙවීමේ යන්ත්‍ර සඳහා

b)

ධීවර කර්මාන්තයේ දී

c)

ගව පට්ටි පාලන කටයුතු වල දී

d)

දුරස්ථ සෞඛ්‍ය පුහුණු කටයුතු වල දී

16.

පහත සඳහන් දෑ අතරින් තොරතුරක් අන්තර්ගත පිළිතුර කුමක්ද?

a)

ගෘහස්ථ දුරකථන අංකයක අවසාන ඉලක්කම් හතර

b)

අද දින හම්බන්තොට නගරයේ උෂ්ණත්වය

c)

රවී ගණිතය සඳහා ලබාගත් ලකුණ

d)

ජාතික හැඳුනුම්පත් අංකය

17.

කාලගුණ මධ්‍යස්ථානයක් විසින් එක් මසක වර්ෂාපතන අගයන් වාර්තා කරගනු ලබයි. මෙමගින් ලබාගත හැකි තොරතුරක් නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ කුමක්ද?

a)

දිනයක වර්ෂාපතනය

b)

සාමාන්‍ය මාසික උෂ්ණත්වය

c)

මුළු මාසික උෂ්ණත්වය

d)

මාසික සාමාන්‍ය (Average) වර්ෂාපතනය

18.

දත්ත පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - පන්තියක සිටින සිසුන් ගණන

B - ක්‍රීඩාවට දක්ෂ සිසුන් ගණන

C - ඔවුන් ඉගෙනීමට දක්වන කැමැත්ත

ඉහත ප්‍රකාශ සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය කුමක්ද?

a)

A සහ B ප්‍රමාණාත්මක දත්ත වන අතර C ගුණාත්මක දත්ත වේ.

b)

B සහ C ප්‍රමාණාත්මක දත්ත වන අතර A ගුණාත්මක දත්ත වේ.

c)

A ප්‍රමාණාත්මක දත්ත වන අතර B සහ C ගුණාත්මක දත්ත වේ.

d)

A, B සහ C සියල්ලම ප්‍රමාණාත්මක දත්ත වලට උදාහරණ වේ.

19.

"විද්‍යුත් රාජ්‍ය' යන්නට වඩාත් නිවැරදි අර්ථකථනයක් ලබා දී ඇත්තේ කුමන පිළිතුර මගින්ද?

a)

රජයක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් එම රටෙහි පුරවැසියන්, සමාගම්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල රාජ්‍යයන් සමඟ සම්බන්ධතා පැවැත්වීම.

b)

රජයක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන්, සමාගම්, රාජ්‍ය හා

රාජ්‍ය නොවන සංවිධාන සමග සම්බන්ධතා පැවැත්වීම.

c)

රජයක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි සියළුම අංශ සමග සම්බන්ධතා පැවැත්වීම.

d)

රජයක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් එම රටෙහි සියළුම පුරවැසියන් සහ වෙනත් රටවල් වල පුරවැසියන් සමග සම්බන්ධතා පැවැත්වීම.

20.

පහත සදහන් දෑ අතුරෙන් කුමක් ශ්‍රී ලංකාවේ G2G (රජය වෙනත් රජයන්ට) සේවා හා බැදී පවතී ?

(A) ශ්‍රී ලංකා රේගුව පිළිබද විස්තර මාර්ගගතව ලබාදීම.

(B) ශ්‍රි ලංකා සිතියම මාර්ගගතව ලබාදීම.

(C) වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව අලුත්කිරීම.

a)

A සහ C පමණි

b)

A සහ B පමණි

c)

A, B, C සියල්ල

d)

B සහ C පමණි