wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 10 ICT Test 6

Total questions: 20

Worksheet time: 30mins

Name
Class
Date
1.

ඉගෙනුම් කළමනාකරණය පද්ධතියක් (Leaming Management System - LMS) සම්බන්ධයෙන් පහත කුමන වගන්තිය අසත්‍ය වේද?

a)

පාසල හෝ ආයතනය හෝ සතු වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු වීම.

b)

පාසල් තොරතුරු කළමනා කරණය සහ යාවත්කාලින කිරීමේ හැකියාව

c)

ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් හා සම්බන්ධ වීමට අන්තර්ජාල පහසුකම් අත්‍යවශ්‍ය නොවීම

d)

ගුණාත්මක ඉගෙනුම් ඒකක පද්ධතියට එකතු කිරීමට හැකි වීම

2.

කෘෂිකාර්මික කටයුතු නඟා සිටුවීමේ අරමුණින් සිදු කිරීමට සැලසුම් කරන ලද පහත කාර්යයන් සලකා බලන්න.

A. වගා වලට කෘමින්ගෙන් වන හානි වළක්වා ගැනීම සඳහා ස්වයංක්‍රීය කෘමි පාලන යන්ත්‍ර භාවිතය.

B. වගා බිමට අවශ්‍ය ජලය පාලනයකින් යුතුව ලබා දීම සඳහා ස්වයංක්‍රීය ජල සැපයුම් ක්‍රමය හඳුන්වා දිම.

C. විශාල වගා බිම් වල අස්වනු නෙලීම සඳහා රොබෝ තාක්ෂණයෙන් අස්වනු නෙලීම යන්ත්‍ර භාවිතය.

D. ගොවිපොළ ආරක්ෂාව සඳහා වගා බිම අවට මුරකරුවන් යෙදවීම.

ඉහත වගන්ති අතුරින් තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතයක් ලෙස සැලකිය නොහැකි වගන්තිය/ වගන්ති වන්නේ,

a)

A පමණි

b)

ඉහත සියල්ලම

c)

A හා C පමණි

d)

D පමණි

3.

තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් පහත වගන්ති සලක්‍ය

A ඉ-පොත්පත් කියවීම

B. සමාජ ජාල ඔස්සේ සමාජ සම්බන්ධතා වර්ධනය කිරීම

C. මෘදුකාංග හෝ කලා නිර්මාණ අනවසරයෙන් පිටපත් කිරීම

D. කර්මාන්ත සඳහා රොබෝ තාක්ෂණය භාවිතය.

ඉහත වගන්ති අතුරින් සදාචාරවත් ලෙස තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් සාවද්‍ය පිළිතුර වන්නේ,

a)

A

b)

D

c)

C

d)

B

4.

පරිගණක තාක්ෂණයේ පරිණාමය සම්බන්ධයෙන් දී ඇති පහත කවර වගන්තිය අසත්‍ය වේද?

a)

පරිගණක වල ආව යන ධාරිතාවය වැඩි විය.

b)

චිත්‍රක අතුරු මුහුණත් සහිත මෙහෙයුම පද්ධති බිහි විය.

c)

යාවත්කාලීන කිරීම ඉතා අසීරු විය

d)

පරිගණක වල විශාලත්වය ක්‍රමයෙන් කුඩා විය.

5.

අංකිත පරිගණකයක (Digital Computer) ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දක්වා ඇති වගන්ති වලින් නිවැරදි වගන්තිය වන්නේ,

a)

පරිසරයේ සිදුවන වෙනස්විම් හඳුනා ගනිමින් ක්‍රියාත්මක වෙයි

b)

සංඥා අවස්ථාවන් දෙකක් පමණක් හඳුනා ගනිමින් ක්‍රියාත්මක වෙයි

c)

භෞතික සාධක හා සංඛ්‍යාංක සංඥා දෙකම හඳුනා ගනිමින් ක්‍රියාත්මක වෙයි

d)

කිසියම් රාශියක් හෝ දත්තයක් ප්‍රමාණානුකූලව වෙනස්විම මත රඳා පවතී

6.

පරිගණකයක මධ්‍ය සැකසුම් ඒකකය සම්බන්ධයෙන් දී ඇති පහත වගන්ති අතුරින් සාවද්‍ය වගන්තිය වන්නේ,

a)

. පරිගණකයේ සමස්ථ පාලන කටයුතු හා මෙහෙයුම් කටයුතු සිදු කරයි.

b)

දත්ත තොරතුරු බවට පත් කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවයි..

c)

ගණිතමය හා තාර්කික ඒකකයෙන් සියලුම පර්යන්ත උපාංග පාලනය කරයි

d)

ගණනය කිරීම් වල අතරමැද ප්‍රතිඵලයන් හා උපදෙස්, රෙජිස්තර මතකයෙහි තාවකාලිකව රඳවා තබා ගනී.

7.

පරිගණකයක ක්‍රියාත්මක වන මතක ඒකක අතරින් පහත කුමන මතක උපාංගය නශ්‍ය නොවන මතකයක් (Non Volatile Memory ) ලෙස සැලකිය හැකිද ?

a)

සසම්භාවී ප්‍රවේශ මතකය (RAM).

b)

වාරක මතකය (Cache Memory ).

c)

පඨන මාත්‍ර මතකය (ROM)

d)

රෙජිස්තර මතකය (Register Memory).

8.

පරිගණක පද්ධතියක මූලික සංඝටක දැක්වෙන නිවැරදි පිළිවෙළ වනුයේ

a)

දත්ත ලබා දීම, ගබඩා කිරිම, අවශ්‍ය තොරතරු ලබා දීම

b)

දත්ත ලබා දිම, දත්ත සකස් කිරීම, ගබඩා කිරිම, අවශ්‍ය තොරතුරු ලබා දීම

c)

දත්ත සකස් කිරීම, ගබඩා කිරීම, අවශ්‍ය තොරතුරු ලබා දීම

d)

දත්ත ලබා දීම, දත්ත සකස් කිරීම, අවශ්‍ය තොරතුරු ලබා දීම

9.

විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ (LSIC) හා වේගවත් පරිගණක ජාල තාක්ෂණය යොදා ගනු ලැබුවේ කුමන පරිගණක පරම්පරාවේද?

a)

දෙවන පරම්පරාවේ

b)

තෙවන පරම්පරාවේ

c)

සිව්වන පරම්පරාවේ

d)

පස්වන පරම්පරාවේ

10.

වර්තමාන සමාජ දුරස්ථකරණය හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදු වූ බරපතල බලපෑම අවම කර ගැනීමට උපකාරී වූ තාක්ෂණික භාවිතයක් වන්නේ

a)

මාර්ගස්ථ දුරස්ථ අධ්‍යාපනය

b)

ඉලෙක්ට්‍රොනික සමර්පන

c)

උපදේශන සේවා පහසුකම්

d)

අංකිත පුස්තකාල සම්බන්ධතාව

11.

මෘදුකාංග හෝ කලා නිර්මාණ අනවසරයෙන් පිටපත් කිරීම හා බෙදා හැරීම අයත් වන්නේ;

a)

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යෙදවුමක් ලෙසිනි

b)

අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදවුමක් ලෙසිනි.

c)

ව්‍යාපාර ක්ෂේත්‍රයේ යෙදවුමක් ලෙසිනි

d)

සන්නිවේදන තාක්ෂණයේ අනිසි ප්‍රතිඵලයක් ලෙසිනි

12.

ඉ-රාජ්‍ය සම්බන්ධතාවය මැගින් රජය පුරවැසියන්ට (G2C) හා වෙනත් රාජ්‍යයන්ට (G2G) ලබා දෙන සේවාවක් වන්නේ;

a)

ශ්‍රී ලංකා සිතියම

b)

වාණිජ සංවිධාන තොරතුරු

c)

ආකෘති පත්‍ර

d)

ගැසට් පත්‍ර

13.

පරිශීලකයින් විශාල ප්‍රමාණයක්, පර්යන්ත (Terminal) විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් තොරතුරු හුවමාරු කර ගැනීම හා ඉ-වෙළඳාමේදී භාවිතා කරනු ලබන පරිගණක තාක්ෂණය හඳුන්වන්නේ,

a)

සුපිරි පරිගණකය (Super Computer)

b)

මධ්‍ය පරිගණකය (Mini Computer)

c)

මහා පරිගණකය (Main Frame Computer)

d)

ක්ෂුද්‍ර පරිගණකය (Micro Computer)

14.

දත්ත ආදානය කිරීම සඳහා යතුරු පුවරුව සහ මූසිකය භාවිත කරන ලද්දේ කුමන පරම්පරාවේ පරිගණකවල ද?

a)

පළමු පරම්පරාවේ පරිගණක

b)

දෙවන පරම්පරාවේ පරිගණක

c)

තුන්වන පරම්පරාවේ පරිගණක

d)

හතරවන පරම්පරාවේ පරිගණක

15.

පරිගණකය පළමු පරම්පරවේ සිට පස්වෙනි පරම්පරාව දක්වා පරිණාමයේදී සිදුවූ වෙනස්කම් සම්බන්ධ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ.

A. පරිගණකයේ ප්‍රමාණය සහ විදුලිය වැයවීම අඩුවිය.

B. වේගය සහ ගබඩා කළ හැකි ධාරිතාව අඩු විය.

C. බහුකාර්ය උපකරණයක් වීම සහ භාවිතය වැඩිවීම.

මෙම ප්‍රකාශ අතුරින් සත්‍ය වන්නේ

a)

A පමණි

b)

A හා B පමණි

c)

A හා C පමණි

d)

A B හා C සියල්ල

16.

පන්තියේ කණ්ඩායම් ක්‍රියාකාරමක දී සහන් ඇතුළු කණ්ඩායමට පැවරුණේ දත්ත හා තොරතුරු ඇතුළත් ලැයිස්තුවකින් තොරතුරු වෙන්කර හඳුනා ගැනීමටයි ඔවුන් විසින් තොරතුරු යැයි හඳුනාගත් කිහිපයක් පහත දැක්වේ. ඒ අතරින් නිවැරදිව හඳුනාගෙන ඇති තොරතුරු මොනවාද?

A. මාසික විදුලි බිල්පත

B . 10 ශ්‍රේණියේ එක් එක් සිසුවාගේ ස්කන්ධය

C. 2019 අඩුම වාර්ෂික වර්ෂාපතනය පුත්තලමෙන් වාර්තා වී ඇත

a)

A

b)

A B

c)

A C

d)

A B C

17.

ඉහත රූප සටහනෙන් දැක්වෙන්නේ එක්තරා පරිගණකයක පද්ධති තොරතුරු සමූහයකි. එම ඉහත තොරතුරු වලට අනුව පරිගණකයේ හෝරා වේගය (Clock Speed) හා සසම්භාවී ප්‍රවේශ මතකයෙහි පිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක් ද?

a)

2.00 GHz - 2.6 GHz, 64bit

b)

2.00 GHz - 2.6 GHz, 8GB

c)

i7-4510U, 8GB

d)

2.00 GHz 2.6 GHz

18.

ප්‍රභාසංස්ලේෂණයේ දී ජලය සහ කාබන්ඩයොක්සයිඩ් යොදාගෙන ග්ලූකෝස් සහ ඔක්සිජන් නිපදවීම සිදු වේ. මෙහි ආදාන, ක්‍රියාවලිය සහ ප්‍රතිදාන අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ කුමක්ද?

a)

ප්‍රභාසංස්ලේෂණය → ග්ලූකෝස් සහ ඔක්සිජන් → ජලය සහ කාබන්ඩයොක්සයිඩ්

b)

ග්ලූකෝස් සහ ඔක්සිජන් → ප්‍රභාසංස්ලේෂණය → ජලය සහ කාබන්ඩයොක්සයිඩ්

c)

ජලය සහ කාබන්ඩයොක්සයිඩ් → ප්‍රභාසංස්ලේෂණය → ග්ලූකෝස් සහ ඔක්සිජන්

d)

ජලය සහ ග්ලූකෝස් → ප්‍රභාසංස්ලේෂණය → කාබන්ඩයොක්සයිඩ් සහ ඔක්සිජන්

19.

ඉ - බැංකු පද්ධති සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න. එම ප්‍රකාශ අතරින් ඉ-බැංකු පද්ධති හා සම්බන්ධ ව සත්‍ය ප්‍රකාශ ඇතුළත් පිළිතුර වන්නේ,

A - ඕනෑම ස්ථානයක දී ඕනෑම වේලාවක මුදල් ලබා ගැනීමේ හැකියාව

B - බැංකු පද්ධති මෘදුකාංග භාවිතයෙන් විවිධ බැංකු ගිණුම් අතර මුදල් හුවමාරු කිරීමේ හැකියාව

C - ඕනෑම මොහොතක චෙක්පත් මුදල් බවට පරිවර්තනය සහ හුවමාරු කිරීමට හැකිවීම

a)

A C

b)

A B

c)

B C

d)

A B C

20.

තුන්වන පරිගණක පරම්පරාව පිළිබඳ අසත්‍ය ප්‍රකාශය වනුයේ කුමක්ද?

a)

මෙහෙයුම් පද්ධතිය බිහිවීම

b)

පරිගණක වැඩසටහන් ක්‍රමලේඛනය සදහා ඉහළ මට්ටමේ පරිගණක භාෂා භාවිතය

c)

දත්ත ආදානය සඳහා යතුරු පුවරුව සහ මූසිකය භාවිතා කිරීම

d)

වේගවත් පරිගණක ජාල භාවිතය නිසා දත්ත සහ තොරතුරු පහසුවෙන් හුවමාරු කිරීම