wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 10 ICT Test 11

Total questions: 20

Worksheet time: 30mins

Name
Class
Date
1.

මානව සම්පත් කළමණාකරණයට යොදාගත හැකි තොරතුරු හා සන්නිවේදන උපාංගයක් වන්නේ

a)

ඇඟිලි සළකුණු සුපරීක්ෂකය. (Finger Print Scanner)

b)

ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය.(ATM)

c)

BAR Code Reader

d)

විද්‍යුත් තන්තු රේඛිය යන්ත්‍රය (ECG)

2.

පහත සඳහන් පරිගණක ජාල වර්ග සලකන්න.

A. පාසල් පරිගණක විද්‍යාගාරයේ පරිගණක ජාලය.

B. ලංකා බැංකුවේ ශාඛා සියල්ලම ඇතුලත් පරිගණක ජාලය.

C. මහජන බැංකුවේ එක් ශාඛාවක ඇති පරිගණක ජාලය.

D. යම් ගොඩනැගිල්ලක් තුල පවතින WI-FI පරිගණක ජාලය.

ඉහත ජාල වර්ග අතරින් ස්ථානීය ප්‍රදේශ පරිගණක ජාලයකට අයත් වනුයේ....................... ජාල පමණි

a)

A , C, D

b)

A , B, C

c)

A, B , D

d)

B,C,D

3.

පහත පිළිතුරු අතරින් දැක්වීමේ උපාංග පමණක් ඇතුළත් පිළිතුර වන්නේ

a)

Joy Stick, Bar code Reader, Mouse

b)

Mouse, Touch Screen, Light Pen

c)

Touch Screen, Key Board, Light Pen

d)

Light Pen, Joy Stick, Bar code Reader

4.

පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න.

A. යතුරු පුවරුව (Key Board) ආදාන උපාංගයකි.

B. මොනිටරය (Monitor) ප්‍රතිදාන උපාංගයකි.

C. සුසංහිත තැටි (Compact Disk) ආචයන උපාංගයකි.

ඒවායින් කුමන ඒවා සත්‍ය වේද?

a)

A

b)

A C

c)

A B C

d)

B C

5.

.නිබලයක අඩංගු බිටු ප්‍රමාණය

a)

8

b)

4

c)

16

d)

32

6.

10001012 හි දශමය අගය වන්නේ

a)

67

b)

72

c)

69

d)

122

7.

සංඛ්‍යා පද්ධති පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නේ,

a)

ෂඩ් දශමය සංඛ්‍යා පද්ධතිය තුලදී 0 සිට 9 දක්වා සංඛ්‍යාන්ක පමණක් භාවිතා වේ.

b)

ද්වීමය සංඛ්‍යා පද්ධතියේදී 0 හා 1 යන සංඛ්‍යාක පමණක් භාවිතා වේ.

c)

අෂ්ඨමය සංඛ්‍යා පද්ධතිය තුල A,B,C,D,E හා F යන සංකේත භාවිතා කරයි.

d)

ද්විමය සංඛ්‍යාවක් අෂ්ඨමය සංඛ්‍යාක් බවට පත්කල නොහැක.

8.

තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඵලදායි ලෙස යොදා ගන්නා අවස්ථා වන්නේ.

a. බැංකු කටයුතු වලදී මුදල් ලබා ගැනීම හා හුවමාරු කිරීම අන්තර් ජාලය හරහා සිදු කිරීම.

b. ගුරුවරයා පාසලට නොපැමිනි දිනක සිසුන් මාර්ගගත පැවරුම් වල නිරත වීම.

c. අන්තර්ර්ජාලය යොදා ගනිමින් පුද්ගල චරිත වලට හානිදායක දෑ බෙදා හැරීම

d. ලංකාවේ සංචාරක කර්මාන්තයේ දී ගමන් මාර්ග සොයා ගැනීමට Google Map සේවාව භාවිතා කිරීම.

a)

a b d

b)

a b c

c)

b c d

d)

a b c d

9.

ස්විචය හා නාභිය අතර ඇති ප්‍රධාන වෙනස්කම වන්නේ

a)

ස්විචය අර්ධ ද්වීපථ විධි ක්‍රමයට දත්ත හුවමාරු කරන අතර නාභිය පූර්ණ ද්වීපථ විධි ක්‍රමයට දත්ත හුවමාරු කරයි.

b)

නාභිය තමා වෙත ලැබෙන තොරතුරු තමාට සම්බන්ධ සියළුම පරිගණක වෙත යොමු කරන අතර

ස්විචය අදාල පරිගණකයට පමණක් යොමු කරයි.

c)

ස්විචය විසින් දත්ත හුවමාරුවේ දී අනවශ්‍ය තදබදයක් ඇති කළ ද නාභිය එසේ නොකරයි.

d)

ස්විචය පරිගණක දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් අතර සම්බන්ධතාව ඇති කිරීමට යොදා ගන්නා අතර නාභිය එසේ නොවේ.

10.

එක්තරා සිසුවෙක් රේඩියෝ නාලිකාවක විකාශනය වූ ප්‍රවෘත්ති ප්‍රකාශයකට සවන් දීමෙන් පසු එදින පාසලේ තොරතුරු තාක්ෂණ විශයේදී ඉගෙනගත් ඊ රාජ්‍යය යෙදවුමක් පිළිබඳව ප්‍රවෘත්ති ප්‍රකාශයේදී අසන්න ලැබුණු බව තම මිතුරාට දුරකථන ඇමතුමක් ලබාදි පවසන ලදී. ඉහත සිද්ධියෙහි ඇති දත්ත සම්ප්‍රේෂණ විධික්‍රමය / ක්‍රම වන්නේ,

a)

පුර්ණ ද්වීපථ (full duplex) හා අර්ධ ද්වීපථ (Half duplex)

b)

ඒක පථ(Simplex) හා පුර්ණ ද්වීපථ (full duplex)

c)

පුර්ණ ද්වීපථ (full duplex)

d)

ඒක පථ(simplex) හා අර්ධ ද්වීපථ(Half duplex)

11.

පඨන මාක්ර මතකය (Read Only Memory-ROM) පිළිබඳ සාවද්‍ය ප්‍රකාශය වන්නේ,

a)

පඨන මාත්‍ර මතකයේ ඇති දත්ත විදුලි බලය නොමැති විට මැකී යයි.

b)

පරිගණකයේ මුලික ක්‍රියාවන්ට අවශ්‍ය විධාන මෙහි තැන්පත් කර ඇත.

c)

පරිගණක නිෂ්පාදන ආයතනය මගින් පඨන මාත්‍ර මතකය ක්‍රම ලේඛණය කරයි.

d)

පඨන මාත්‍ර මතකය පරිගණයේ මව් පුවරුවට සම්බන්ධ කර ඇත.

12.

ප්‍රවේශ වේගය අනුව දී ඇති ආචයන උපාංග ආරෝහණ පිළිවෙලට පෙල ගස්වා ඇති පිළිතුර වන්නේ කුමක්ද?

a)

නම්‍ය තැටිය, දෘඩ තැටිය, සසම්භාවී ප්‍රවේශ මතකය (RAM), වාරක මතකය (Cache memory)

b)

වාරක මතකය, සසම්භාවී ප්‍රවේශ මතකය, දෘඩ තැටිය, නම්‍ය තැටිය

c)

සසම්භාවී ප්‍රවේශ මතකය, වාරක මතකය, දෘඩ තැටිය, නම්‍ය තැටිය

d)

වාරක මතකය, දෘඩ තැටිය, නම්‍ය තැටිය, සසම්භාවී ප්‍රවේශ මතකය

13.

පහත සඳහන් වගන්ති සලකා බලන්න.

(A) ප්‍රකාශ තන්තු කේබල තුල ආලෝකය පරාවර්තනය වෙමින් දත්ත සම්ප්‍රේෂණය සිදු වේ.

(B) ඇඹරි යුගල කේබල නිෂ්පාදනයේ දී තඹ රැහැන් භාවිතා කරයි.

a)

A සත්‍ය හා B අසත්‍ය වේ.

b)

A සහ B දෙකම සත්‍ය වේ.

c)

A අඅ B දෙකම අසත්‍ය වේ.

d)

A අසත්‍ය හා B සත්‍ය වේ

14.

පරිගණක ජාල වර්ග සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර වන්නේ කුමක්ද?

a)

බැංකු ජාල, ස්ථානීය ප්‍රදේශ ජාලයක් සඳහා උදාහරණයකි

b)

පාසල් පරිගණක ඒකකය තුළ පවත්වා ගෙන යන පරිගණක ජාලය, පුළුල් ප්‍රදේශ ජාලයකි

c)

අන්තර්ජාලය, පුළුල් ප්‍රදේශ ජාලය සඳහා උදාහරණයකි.

d)

ශාඛා සහිත විශ්ව විද්‍යාල ජාලය, ස්ථානීය ප්‍රදේශ ජාලයකි.

15.

පරිගණකවල දත්ත නිරූපණය සඳහා භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය කුමක්ද?

a)

දශමය

b)

අෂ්ටමය

c)

ද්විමය

d)

ෂඩ් දශමය

16.

11110112 යන සංඛ්‍යාවේ 0 හි බර සාධකය කුමක්ද?

a)

22

b)

21

c)

23

d)

102

17.

බැංකු ක්ෂේත්‍රයේ දී ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ගණුදෙනුකරුට නිකුත් කරන ලද බිල්පත් මුද්‍රණය සඳහාභාවිතවන මුද්‍රක විශේෂය අඩංගු වන්නේ කුමන පිළිතුරේද?

a)

තීන්ත විදුම් මුද්‍රකය (Inject Printer)

b)

තිත් න්‍යාස මුද්‍රකය (Dot metric Printer)

c)

ලේසර් මුද්‍රකය (Laser Printer)

d)

තාප මුද්‍රකය (Thermal Printer)

18.

පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය අඩංගු පිළිතුර වනුයේ කුමක්ද?

a)

සසම්භාවී පිවිසුම් මතකය, පඨන මාත්‍ර මතකය, ප්‍රධාන මතකය හා වාරක මතකය යනුවෙන් ප්‍රාථමික

මතකය කොටස් හතරකින් යුක්ත වේ.

b)

සසම්භාවී පිවිසුම් මතකය, පඨන මාත්‍ර මතකය හා වාරක මතකය යනු නශ්‍ය මතකයන් වේ.

c)

ද්විතීක ආචයන ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම අතර වැඩිම දත්ත ගබඩා ධාරිතාවයක් ඇත්තේ සංඛ්‍යාංක බහු විධ තැටිවල වේ.

d)

දෘඩ තැටියක දත්ත ලිවීම සහ කියවීම සිදු කරනු ලබන්නේ එහි ඇති ශිර්ෂක (Head) මගිනි.

19.

පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න

X - දත්ත ප්‍රභවය, සම්ප්‍රේෂණ මාධ්‍ය හා දත්ත ග්‍රාහකයා

Y - ඒකපථ, අර්ධ ද්විපථ හා පූර්ණ ද්විපථ

Z - ගුවන් විදුලි තරංග, ක්ෂුද්‍ර තරංග හා අධෝරක්ත කිරණ

ඉහත ප්‍රකාශ තුළ පිළිවෙලින් දත්ත සම්ප්‍රේෂණ විධි, සන්නිවේදනයේ මූලිකාංග හා සම්ප්‍රේෂණ මාධ්‍ය පිළිවෙලින් දැක්වෙන පිළිතුර වනුයේ කුමක්ද?

a)

X,Y ໑໙ Z

b)

Y, X සහ Z

c)

Y, Z සහ X

d)

Z, X Y

20.

රූප සටහනෙහි පෙන්වා ඇති ස්ථානීය පෙදෙස් ජාලයේ (LAN). A ලෙස නම් කර ඇති උපක්‍රමය වන්නේ කුමක්ද?

a)

මාර්ගකය (Router)

b)

ජාලකරණ අතුරු මුහුණුත (NIC)

c)

ස්විචය (Switch)

d)

මොඩමය (Modem)