wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ICT-Grade 11C,D-Assesment-2

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.

වෙබ් අඩවියක අන්තර්ගතයට ඇතුළත් විය නොහැක්කේ කුමක් ද?

a)

පරිශිලක නාම, මුරපද

b)

ගීත, වීඩියෝ පට

c)

ප්‍රකාශන හිමිකම

d)

සජීවීකරණ

2.

වෙබ් අඩවියක ගුණාංගයක් වන්නේ කුමක් ද?

a)

යාවත්කාලීන කිරීම අපහසුයි

b)

පසුකාලීන ව නව අංග එකතු කිරීමේ ඉඩ ප්‍රස්තා සහිතයි.

c)

ග්‍රාහකයාට අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට ගත වන කාලය වැඩි ය.

d)

පරිශීලනය කිරීම අපහසුයි.

3.

වෙබ් අඩවියක සමස්ථ අන්තර්ගතය නිරූපණය කරන නම වන්නේ,

a)

index.html

b)

ප්‍රධාන මෙනුව (Main menu)

c)

මුල් පිටුව (Home page)

d)

අධිසන්ධාන (Hyperlink)

4.

වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් නොවන්නේ පහත කුමක් ද?

a)

ප්‍රචාරණය

b)

ප්‍රවෘත්ති බෙදා නොහැරීම

c)

විනෝදාස්වාදය

d)

සෙවුම් අවශ්‍යතා සඳහා

5.

විවෘත කේත වෙබ් සංස්කාරක මෘදුකාංගයක් නොවන්නේ කුමක් ද?

a)

Ckeditor

b)

Bluegriffon

c)

Kompozer

d)

Microsoft Front page

6.

හිමිකම් සහිත වෙබ් සංස්කාරක මෘදුකාංගයක් වන්නේ කුමක් ද?

a)

HTML

b)

Adobe Dream weaver

c)

Ckeditor

d)

Kompozer

7.

විවෘත කේත සන්ධාර කළමනාකරණ පද්ධති (CMS) මෘදුකාංගයක් නොවන්නේ කුමක් ද?

a)

Visual studio

b)

Drupal

c)

Joomla

d)

Wordpress

8.

ව‍ෙබ් අඩවි සම්බන්ධ ව දක්වා ඇති පහත ප්‍රකාශ සලකන්න.

A - වෙබ් අඩවියේ අන්තර්ගතය කිසියම් කාලයක් නොවෙනස් ව පවත්වා ගෙන යන්නේ ස්ථිතික වෙබ් අඩවි වලයි.

B - ස්ථිතික වෙබ් අඩවි සකස් කිරීමට වෙබ් සංස්කාරක, සරල වදන් සැකසුම් මෘදුකාංග භාවිතා කළ හැකිය.

C- පාසලක වෙබ් අඩවිය ස්ථිතික වෙබ් අඩවියකට උදාහරණයක් නොවේ.

D- ස්ථිතික වෙබ් අඩවි වඩාත් ආරක්ෂාකාරී වේ.

ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය ඒ්වා වන්නේ,

a)

A , B

b)

B, C, D

c)

A, B, D

d)

A, C, D

9.

ගතික වෙබ් අඩවි යනු,

a)

අන්තර්ගතය නිරන්තර ව වෙනස් නොවන වෙබ් අඩවි වේ.

b)

අන්තර්ගතය නිරන්තරව වෙනස් වන වෙබ් අඩවි වේ

c)

සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලට කියන තවත් නමකි.

d)

ආයතනයකට අදාල යම්කිසි කාල පරාසයකදී යාවත්කාලීන කරන වෙබ් අඩවියකි.

10.

ගතිත වෙබ් අඩවි නිර්මාණයට යොදා ගන්නා පරිගණක භාෂාවක් නොවන්නේ කුමක් ද?

a)

JSP

b)

PHP

c)

ASP.net

d)

html

11.

ගතික වෙබ් අඩවියක් සම්බන්ධ පහත ප්‍රකාශවලින් අසත්‍ය ප්‍රකාශය කුමක් ද?

a)

වෙබ් අඩවියක වත්මන් වේලාව ගතික ව පෙන්වයි.

b)

වෙබ් අඩවියේ සන්ධාරය තුළ සේවාදායකය මගින් ජනනය වන තොරතුරු නොමැත.

c)

විභාග අංකයකට අදාළ ව විභාග අපේක්ෂකයාගේ ප්‍රතිඵල පෙන්නුම් කරනුයේ ගතික වෙබ් අඩවියකිනි.

d)

වෙබ් අඩවියේ සන්ධාරය නිරන්තර ව වෙනස් වේ.

12.

වෙබ් අඩවි නිර්මාණය ආශ්‍රිත භූමිකාවක් නොවන්නේ කුමක් ද?

a)

Adminstrator

b)

Programmer

c)

Publisher

d)

Author

13.

වෙබ් ප්‍රකාශකයෙකු සපුරා ගත යුතු අවශ්‍යතාවයක් නොවන්නේ කුමක් ද?

a)

වෙබ් අතරික්සුව

b)

වෙබ් සත්කාරකය

c)

අන්තර්ජාල සම්බන්ධතාවය

d)

වසම්

14.

උඩුගත කිරීමේ මෘදුකාංග පමණක් පවතින පිළිතුර වන්නේ කුමක් ද?

a)

Filezilla, Drupal

b)

Kompozer, Ckeditor

c)

Filezilla, SmartFTP

d)

Joomla, SmartFTP

15.

අන්තර්ජාල සේවා සපයන්නෙක් (ISP) නොවන්නේ කුමක් ද?

a)

Dialog

b)

Telecom

c)

Etisalat

d)

Dial up