wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

PHRONESIS MIND - 2024 (Inter-Departmental Quiz Competition)

Total questions: 25

Worksheet time: 30mins

Name
Class
Date
1.

එක්තරා රහස්‍ය භාෂාවකින් DOCTOR යන්න ලියා දැක්වෙන්නේ HSGXSV ලෙස වේ. එසේනම්, එම රහස්‍ය භාෂාවෙන් PEN යන්න ලියා දක්වන්නේ කෙසේද?

a)

TQI

b)

PIR

c)

RQI

d)

TIR

2.

පියුමි සහ චමෝදි එකම සේවා ස්ථානයේ එකම දිනකදී තනතුරු දෙකක පත්වීම් ලැබූ යෙහෙළියන් දෙදෙනෙකි. පියුමිගේ වැටුප සෑම වසරකටම වරක් රුපියල් 250 බැඟින් වැඩිවන අතර චමෝදිගේ වැටුප සෑම වසරකටම වරක් රුපියල් 200ක් බැඟින් වැඩි වේ. ඔවුන් දෙදෙනාගේ වැටුප් වසර පහකදී එකම මට්ටමකට එළැඹුණේ නම්, ඔවුන් අතර වැටුප් පරතරය රුපියල් 100ක් වන්නට ඇත්තේ පත්වීම ලබා වසර කීයකදීද?

a)

5

b)

4

c)

3

d)

2

3.

චාමර අතැති මුදලින් ගෙවීමට හැකිවන්නේ ඔහුට ගෙවීමට නියමිත මුදලින් 75%ක් පමණි. තවත් රුපියල් 8ක් තිබේ නම් ඔහුට නියමිත මුදලින් 80%ක් ගෙවීමට හැකිවනු ඇත. එසේ නම් චාමර අතැති මුදල රුපියල් කීයද?

a)

රුපියල් 150

b)

රුපියල් 180

c)

රුපියල් 120

d)

රුපියල් 160

4.

සතියේ සෑම දිනකම P දුම්රිය ස්ථානයේ සිට සෑම පැය දෙකහමාරකටම වරක් Q දුම්රිය ස්ථානය කරා දුම්රියක් පිටත් වේ. එක්තරා අවස්ථාවකදී Q දුම්රිය ස්ථානය කරා යන දුම්රිය, ඊට මිනිත්තු 40කට පෙර ගමන් ඇරඹූ බවත්, ඊළඟ දුම්රිය පැය 18:00ට පිටත් වන බවත්, P දුම්රිය ස්ථානයෙන් නිවේදනය කෙරුණි. එසේනම්, එම නිවේදනය නිකුත් කළ අවස්ථාවේ වේලාව විය හැක්කේ කීයද?

a)

පැය 16:00

b)

පැය 16:10

c)

පැය 16:20

d)

පැය 16:40

5.

ඩේවිඩ් කම්කරුවෙකි. ඔහුගේ දිනක වැටුප රුපියල් 1500ක් විය. දින භාගයක් වැඩ කළහොත් ඒ සඳහා වැටුප රුපියල් 900ක් විය. දින 10ක් වැඩ කිරීමෙන් පසු ඔහු උපයා ගත් මුදල රුපියල් 12600ක් වූයේ නම් ඔහු වැඩ කළ දින භාගයේ දවස් ගණන කීයද?

a)

2

b)

3

c)

4

d)

6

6.

2023 නොවැම්බර් මාසය හා සසඳන විට 2024 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව තුළ පහත සඳහන් කුමන භාණ්ඩ සහ සේවාවක අපනයන ආදායමේ ඍණ වර්.ධනයක් පෙන්නුම් කළේද?

a)

රබර් සහ රබර් නිමි භාණ්ඩ

b)

ඇගලුම් සහ රෙදි පිළි

c)

පොල් ආශ්‍රිත නිෂ්පාදන

d)

කුළුබඩු සහ සාන්ද්‍රිත ද්‍රව්‍ය

7.

පහත දැක්වෙන AI මෙවලම් අතරින් කාර්.ය සහ ව්‍යාපෘති කළමනාකරණය (Task and Project Management) පාදක කරගනිමින් සැකසී ඇති AI මෙවලමක් නොවන්නේ,

a)

Asana

b)

BeeDone

c)

Avoma

d)

Ang.do

8.

ශ්‍රී ලංකාවේ 2024 ජන හා නිවාස සංගණනයෙහි මූලික වාර්.තාවට අනුව රට තුළ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන කීයද?

a)

331

b)

340

c)

350

d)

545

9.

2023 (2024) වාර්.ෂික පාසැල් සංගණනයට අනුව ශ්‍රී ලංකාව තුළ පවතින රජයේ පාසැල් සංඛ්‍යාව කොපමණද?

a)

11012

b)

9821

c)

10096

d)

11126

10.

2019 වර්.ෂයේ ශ්‍රී ලංකාවේ ළමාරක්ෂක ආයතනවල ළමුන් පිළිබඳ සංගණනයෙන් අනාවරණය වන පරිදි ළමා ආරක්ෂක ආයතනවල සිටින ගැහැනු ළමුන් ප්‍රතිශතය වන්නේ,

a)

62.2%

b)

37.8%

c)

70.8%

d)

29.2%

11.

උස අඩි 5 අඟල් 5ක් සහිත ටෝකියෝවල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක සහ ජපානයේ දෙපාර්තමේන්තුවක ගබඩාවක පිළිගැනීමේ නිලධාරියෙක් ලෙස යොදවා ඇති ලොව ඉහළම ශ්‍රේණිගත ඇන්ඩ්රොයිඩ් මානවරූපී රොබෝවගේ (Android humanoid robot) නම කුමක්ද?

a)

Sophia

b)

Jia Jia

c)

Nadine

d)

Junco Chihira

12.

ජාත්‍යන්තර චෙස් සම්මේලනයේ 2025 පෙබරවාරි මාසය වනවිට ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව අංක 1 ස්ථානය දරන චෙස් ක්‍රීඩකයාගේ නම කුමක්ද?

a)

Carlseu, Magnus - Norway

b)

Gukesh D - India

c)

Caruana, Fabiano - USA

d)

Nakamura, Hikaru - USA

13.

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වූ කුමාර් සංගක්කාර කුමන ක්‍රිකට් කමිටුවක සභාපති ලෙස 2025 දී නම් කරන ලදි ද?

a)

International Cricket Council Committee

b)

MCC World Cricket Committee

c)

ECB Performance Cricket Committee

d)

MCC's World Cricket Advisory Committee

14.

2024 වර්.ෂයේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවති T10 Super League ක්‍රිකට් තරඟාවලියේ තරඟ පාවාදීමකට හසු වූ ඉන්දියානු ජාතික පුද්ගලයා කුමන කණ්ඩායමක හිමිකරුද?

a)

Colombo Jaguars

b)

Jaffna Titans

c)

Nuwara Eliya Kings

d)

Galle Marvels

15.

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨ ගීතය රචනා කර ඇත්තේ කවුරුන් විසින්ද?

a)

රත්න ශ්‍රී විජේසිංහ

b)

මහාචාර්ය පණ්ඩිත් අමරදේව

c)

ආචාර්ය රෝහණ වීරසිංහ

d)

මහාචාර්ය දර්ශන රත්නායක

16.

මූලික මුදල ලෙස ඩොලර් මිලියන 450.3ක් වැය කර ලියනාඩෝ ඩාවින්චි විසින් නිමකර ඇති ලොව මිල අධිකම සිතුවම ලෙස සැලකෙන්නේ,

a)

Interchange

b)

The Card Players

c)

Salvator Mundi

d)

Number 17 A

17.

ඉන්දියානු සාගරයේ මීළඟට ඇතිවෙන සුළි කුණාටුවට නමක් යෝජනා කිරීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබී ඇති අතර ශ්‍රී ලංකාව විසින් යෝජනා කරන ලද නම කුමක්ද?

a)

Viyaru

b)

Mahasen

c)

Asani

d)

Shakti

18.

ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කර ඇති පරිදි 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වාර්තා වූ උපතේදී ආයු අපේක්ෂාව (Life expectancy at birth) සහ උපතේදී සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව (Healthy Life expectancy at birth) පිළිවෙළින් වන්නේ,

a)

76.3 සහ 66.6

b)

76.9 සහ 67.0

c)

78.5 සහ 68.2

d)

 73.3 සහ 64.20

19.

උස් ගොඩනැගිලි සහ නාගරික වාසස්ථාන පිළිබඳ කවුන්සිලයේ සිදු කළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2023 වර්ෂයේ ඉදිකිරීම් අවසන් කළ ලොව දෙවන විශාලතම ගොඩනැගිල්ල කුමක්ද?

a)

Merdeka 118 - Kuala Lampur

b)

Burj Khalifa - Dubai

c)

Wuhan Greeland Center - Wuhan

d)

Iconic Tower – Cairo

20.

164,800m දිග චීනයේ ඉදිකර ඇති ලොව දිගම අධිවේගී දුම්රිය පාලමේ නම කුමක්ද?

a)

Kita - Yaita Viaduet

b)

Wuhan Metro Bridge

c)

Danyang - Kunshan Grand Bridge

d)

Tianjin Grand Bridge

21.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉදිරිපත් කර ඇති පරිදි ඉහළ ග්ලයිසමික් දර්ශකයක් (High Glycemic Index) සහිත ආහාර වර්ගයක් නොවන්නේ,

a)

අල

b)

සුදුබත්

c)

සුදු පාන්

d)

කිරි

22.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2023/2024 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන දර්ශකය සහ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත වී ඇති ස්ථානය පිළිවෙළින් වන්නේ,

a)

0.803 සහ 60 වෙනි ස්ථානය

b)

0.547 සහ 60 වෙනි ස්ථානය

c)

0.780 සහ 78 වෙනි ස්ථානය

d)

0.855 සහ 78 වෙනි ස්ථානය

23.

2024 ගෝලීය සාම දර්ශකයට (Global Peace Index) අනුව ප්‍රථම ස්ථානයට ශ්‍රේණිගත වී ඇති රට කුමක්ද?

a)

අයිස්ලන්තය

b)

අයර්ලන්තය

c)

ඔස්ට්‍රියාව

d)

නවසීලන්තය

24.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ප්‍රකාශයට පත් කරන ලොව සතුට වාර්තාවට (World Happiness Report) අනුව 2021-2023 කාලපරිච්ඡේදයේදී වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින්ගේ සතුට පිළිබඳ ශ්‍රේණිගත කිරීමෙන් පළමු ස්ථානය ගත් රට කුමක්ද?

a)

නෝර්වේ

b)

ඩෙන්මාර්කය

c)

ස්වීඩනය

d)

ෆින්ලන්තය

25.

2024 Times Higher Education (THE) විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව පළමු ස්ථානය ලබාගෙන ඇති විශ්වවිද්‍යාලය කුමක්ද?

a)

Harvard University

b)

University of California

c)

University of Oxford

d)

University of Cambridge