wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 10 1st Quiz

Total questions: 10

Worksheet time: 30mins

Name
Class
Date
1.

10 + 7 = 17 යන ක්‍රියාවලියේදී "සැකසීම (Process)" ලෙස හඳුන්වන්නේ කුමක්ද?

a)

10 සහ 7 යන අගයන්

b)

17 යන අවසාන පිළිතුර.

c)

10 + 7 එකතු කිරීමේ ක්‍රියාවලිය.

d)

පිළිතුර තිරය මත දිස්වීම. ​පිළිතුරු පත්‍රය

2.

දත්ත (Data) ලෙස හඳුන්වන්නේ කුමක්ද?

a)
  • කිසියම් සැකසුමකට ලක් කර ලබාගත් අවසාන තීරණයකි.

b)
  • අර්ථවත් බවින් වැඩි, ඕනෑම අවස්ථාවක භාවිතා කළ හැකි කරුණු වේ.

c)
  • සැකසුමකට ලක් නොවූ, තීරණ ගැනීමට භාවිතා කළ නොහැකි අර්ථ විරහිත කරුණු වේ.

d)
  • තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසු ලැබෙන ප්‍රතිඵලයකි.

3.

"තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය" මගින් පැහැදිලි කෙරෙන්නේ කුමක්ද?

a)

කාලයත් සමඟ තොරතුරක වටිනාකම ක්‍රමයෙන් වැඩි වන බව.

b)

තොරතුරක් නිර්මාණය වන අවස්ථාවේදී එහි වටිනාකම උපරිම වන අතර කාලයත් සමඟ එය අඩු වන බව. ​

c)

තොරතුරු ඕනෑම කාලයකදී එකම වටිනාකමකින් පවතින බව.

d)

දත්ත සැකසීමෙන් තොරතුරු නිර්මාණය කළ නොහැකි බව.

4.

පද්ධතියක ප්‍රධාන සංරචක (Components) අනුපිළිවෙලින් දැක්වෙන නිවැරදි පිළිතුර තෝරන්න. ​

a)

ප්‍රතිදානය (Output) -> සැකසීම (Process) -> ආදානය (Input)

b)

සැකසීම (Process) -> ආදානය (Input) -> ප්‍රතිදානය (Output)

c)

ආදානය (Input) -> ප්‍රතිදානය (Output) -> සැකසීම (Process)

d)

ආදානය (Input) -> සැකසීම (Process) -> ප්‍රතිදානය (Output)

5.

ප්‍රතිසම දත්ත (Analog Data) සඳහා උදාහරණයක් වන්නේ පහත සඳහන් කවරක්ද?

a)
  • නිවසේ සිටින සාමාජිකයන් ගණන.

b)
  • දශමස්ථාන සහිතව ඇති දත්ත (උදා: උෂ්ණත්වය).

c)
  • ශිෂ්‍යයෙකු ලබාගත් ලකුණු ප්‍රමාණය.

d)
  • කාර්යාලයක සිටින සේවකයන් සංඛ්‍යාව.

6.

ප්‍රමාණාත්මක දත්ත (Quantitative Data) බෙදා වෙන් කර ඇති ප්‍රධාන කොටස් දෙක වන්නේ?

a)
  • සංඛ්‍යාත්මක දත්ත සහ අක්ෂර දත්ත.

b)
  • සචල දත්ත සහ නිශ්චල දත්ත.

c)
  • සංඛ්‍යාත දත්ත (Digital) සහ ප්‍රතිසම දත්ත (Analog).

d)
  • රූපමය දත්ත සහ ශබ්ද දත්ත.

7.

පහත දැක්වෙන ලක්ෂණ අතරින් ගුණාත්මක තොරතුරු (Quality Information) සතු විය යුතු ලක්ෂණයක් නොවන්නේ කුමක්ද?

a)
  • නිරවද්‍යතාවය (Accuracy)

b)
  • අදාළ බව (Relevancy)

c)

කාලීන බව (Timeliness)

d)

අර්ථ විරහිත බව (Meaninglessness)

8.

පද්ධතියක ක්‍රියාකාරීත්වයේදී "ඇඟිලි සලකුණු යන්ත්‍රයක්" (Fingerprint Reader) මගින් ප්‍රතිදානය (Output) ලෙස ලබා දෙන්නේ කුමක්ද?

a)
  • යන්ත්‍රය මත ඇඟිල්ල තැබීම.

b)
  • ඇඟිලි සලකුණ පරීක්ෂා කර හඳුනා ගැනීම.

c)

තිරය මත අදාළ පුද්ගලයාගේ නම හෝ පැමිණීම තහවුරු කිරීමේ පණිවිඩය දිස්වීම.

d)

ඇඟිලි සලකුණෙහි ඡායාරූපයක් ලබා ගැනීම.

9.

දත්ත සහ තොරතුරු අතර ඇති වෙනස්කම් සලකා බැලීමේදී තොරතුරු (Information) වලට අදාළ වන නිවැරදි ප්‍රකාශය තෝරන්න.

a)

දත්ත සැකසීමෙන් තොරතුරු නිර්මාණය වේ.

b)

තොරතුරු සැමවිටම පද්ධතියකට ආදානය (Input) ලෙස ලබා දේ.

c)

තොරතුරු වලින් නිසි තීරණයක් ගැනීමට නොහැකිය.

d)
  • තොරතුරු යනු සැකසීමට ලක් නොවූ දේවල් වේ

10.

සංඛ්‍යාත්මකව නිරූපණය කළ නොහැකි දත්ත (උදා: රසය, සුවඳ) හඳුන්වන නම කුමක්ද?

a)

ප්‍රමාණාත්මක දත්ත (Quantitative Data)

b)

ප්‍රතිසම දත්ත (Analog Data)

c)

ගුණාත්මක දත්ත (Qualitative Data)

d)

සංඛ්‍යාත දත්ත (Digital Data)