wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 7

Total questions: 20

Worksheet time: 15mins

Name
Class
Date
1.

රූපයේ දක්වා ඇති පත්‍රය සම්බන්ධයෙන් කුමන ප්‍රකාශය සත්‍ය වේද?

a)

ඒක බීජ පත්‍රී ශාක පත්‍රයකි

b)

ද්වී බීජ පත්‍රී ශාක පත්‍රයකි

c)

සමාන්තර නාරටි වින්‍යාසයක් ඇත

d)

පැහැදිලිව කිව නොහැක

2.

ශාක මුල්වලින් කෙරෙන ප්‍රධාන කාර්යය වන්නේ මින් කවරක්ද?

a)

මල් ඵල දැරීම

b)

ප්‍රභාසංස්ලේෂණය සිදු කිරීම

c)

ශ්වසනය සිදු කිරීම

d)

ජලය හා ඛණිජ ලවණ අවශෝෂණය කිරීම

3.

විටමින් A බහුල ආහාරයකි

a)

බතල

බතල

b)

කැරට්

කැරට්

c)

ගෝවා

ගෝවා

d)

මාළු

මාළු

4.

විද්‍යුත් ආරෝපණ ගබඩා කිරීම සිදුකරන උපාංගය වන්නේ,

a)

ධාරිත්‍රකය

ධාරිත්‍රකය

b)

ඩයෝඩය

ඩයෝඩය

c)

වියළි කෝෂය

වියළි කෝෂය

d)

ප්‍රතිරෝධකය

ප්‍රතිරෝධකය

5.

පහත පිළිතුරු අතරින් පෘෂ්ඨවංශී සතුන් යුගලය තෝරන්න.

a)

මකුළුවා, ඉස්සා

b)

මැඩියා, කූඩැල්ලා

c)

වවුලා, කැස්බෑවා

d)

පිඹුරා, කකුළුවා

6.

පහත දැක්වෙන පිළිතුරු අතරින් සුළගින්, ජලයෙන් හා සතුන් මගින් ව්‍යාප්ත වන ඵල හා බීජ පිළිවෙලින් ඇතුලත් පිළිතුර තෝරන්න.

a)

හොර, පැපොල්, මිරිස්

b)

වරා, පොල්, එඩරු

c)

නොළුම්, පුවක්, කොට්ටම්බා

d)

තක්කාලි, හොර, නාගදරණ

7.

රූපයේ පරිදි භූ තැටි චලනයෙන් ඇති විය හැකි අනිවාර්යය ප්‍රතිඵලයක් වන්නේ,

a)

ගැඹුරු ආගාධ ඇති වීම

b)

ප්‍රබල භූ කම්පන ඇති වීම

c)

ගිනි කදු නිර්මාණය වීම

d)

සුනාමි තත්ත්වයක් ඇති වීම

8.

මාලුවා හා ගොලුබෙල්ලා වෙන් කර දැක්වීමට දෙබෙදුම් සූචියක ඇතුලත් කළ නොහැකි ලක්ෂණයක් වන්නේ කුමක්ද?

a)

බාහිර කවචයක් ඇති/ නැති බව

b)

සමේ කොරල ඇති/ නැති බව

c)

ශ්වසනයට කරමල් ඇති/ නැති බව

d)

සංචරණයට පාද ඇති/ නැති බව

9.

අණ්වීක්ෂයේ කොටස් අතුරින් සීරුමාරු කළ නොහැක්කේ පහත කවරක්ද?

a)

දේහ නළය

b)

පාදය

c)

දර්පණය

d)

අවනෙත් කාච

10.

මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේ පෝෂක අවශෝෂණය වැඩි වශයෙන් සිදු වන්නේ,

a)

මහාන්තුය තුලදී

b)

ගුද මාර්ගය තුළදි

c)

අන්නස්‍රෝතය තුලදී

d)

ක්ෂුද්‍රාන්තය තුලදී

11.

පහත වගන්ති අතරින් නිවැරදි වන්නේ කුමක්ද?

a)

මධ්‍යම කදුකරයේ දී වායුගෝලීය පීඩනය වැඩි අගයක් ගනී

b)

වායුගෝලීය පීඩනය මැනීමට මිලිබාර් නම් ඒකකය භාවිතා කරයි

c)

පෘථිවි වායුගෝල මගින් අපට ලැබෙන පුයෝජන අල්පයි

d)

පෘථිවි වායුගෝලයට අයත් ස්තරවල මායිම් පැහැදිලිව හදුනාගත හැකිය

12.

ශාකයක ප්‍රරෝහ පද්ධතියට අයත් අවයවයක් නොවන්නේ පහත කවරක්ද?

a)

කද

කද

b)

පත්‍ර

පත්‍ර

c)

ඵල

ඵල

d)

මුල

මුල

13.

ගිනිකදු වලින් පිටතට පැමිණෙන මැග්මා සිසිල් වීමෙන් තැනෙන්නේ,

a)

අවසාදිත පාෂාණයි

b)

විපරිත පාෂාණයි

c)

ආග්නේය පාෂාණයි

d)

වටපිඩු පාෂාණයි

14.

තන්තු සහිත ආහාර බහුලව ගැනීමෙන් අපට ඇතවන වාසියකි.

a)

බෝවන රෝග වැළදීම අවම වීම

b)

මල බද්ධය වළක්වා ගත හැකි වීම

c)

ආහාරයේ ඇති සීනි අවශෝෂණය වැඩි වීම

d)

ආහාරයේ ඇති මේදය අවශෝෂණය වැඩි වීම

15.

සරල කෝෂයකින් විදුලිය නිපදවන අවස්ථවේ දි සිදු නොවන්නේ,

a)

සින්ක් තහඩුව දිය වීම

b)

අම්ලයේ වර්ණය වෙනස් නොවීම

c)

කොපර් තහඩුව අසලින් වායු බුබුලු පිටවීම

d)

කොපර් තහඩුව දිය වීම

16.

අවතල දර්පණයක් මත සමාන්තර ආලෝක කදම්බයක් වැටීමට සැලැස්වීමෙන් පසුව සිදුවන්නේ,

a)

ආලෝකය අපසාරී වීම

b)

ආලෝකය අභිසාරී වීම

c)

ආලෝකය සමාන්තරව ගමන් කිරීම

d)

ආලෝකය විහිදී යාම

17.

දර්ශක සම්බන්ධයෙන් පහත කවර වගන්තිය නිවැරදිද?

a)

අම්ල සදහා පිනොප්තලින් මගින් රෝස පාටක් ලබා දේ.

b)

භස්ම සදහා ලිට්මස් මගින් නිල් පාටක් ලබා දේ.

c)

අම්ල සදහා මෙතිල් ඔරේන්ජ් මගින් කහ පාටක් ලබා දේ.

d)

භාස්ම සදහා pH දර්ශකය රතු, තැඹිලි පාටක් ලබා දේ

18.

චාලක ශක්තියෙන් සිදුකරන කාර්යයක්/ කාර්යය වන්නේ පහත සදහන් කවරක්ද?

a)

සුළගේ බලයෙන් විදුලිය නිපදවීම

b)

සුළගේ ආධාරයෙන් වී වල බොල් වී ඉවත් කිරීම

c)

සුළං බලයෙන් ධාන්‍ය ඇඹරීම

d)

ඉහත සදහන් සියලු කාර්යයන්

19.

පසෙහි පාංශු වාතය ඇති බව ආදර්ශනය කළ හැක්කේ පහත කවරක් මගින් ද?

a)

පස් කැටයක් ජලයට දැමීම මගින්

b)

පස් කැටයක් කුඩු කිරීම මගින්

c)

පස් කැටයක් රත් කිරීම මගින්

d)

පස් ස්වල්පයක් ජලයේ දිය කිරීම මගින්

20.

බලයක් යෙදීමෙන් චලනය වන වස්තුවක වේගය වෙනස් කිරීමක් සිදුවන්නේ පහත කවර අවස්ථාවේද?

a)

දුන්නකින් ඊතලයක් විදීමේදී

b)

මේසයක ඇති ලාච්චුවක් ඇරීමේදී

c)

ගමන් කරන වාහනයක ත්වරකය පෑගීමේදී

d)

රබර් පටියක් ඇදීමේදී