Search Header Logo
Untitled Presentation

Untitled Presentation

Assessment

Presentation

English

2nd Grade

Hard

Created by

Nandana Wijesuriya

Used 1+ times

FREE Resource

1 Slide • 9 Questions

1

Grade 11 Commerce

By Nandana Wijesuriya

2

Fill in the Blanks

සම්පත් බැංකුවේ ජංගම ගිණුමක් හිමි සුමුදු ප්‍රනාන්දු විසින් ව්‍යාපාරයේ නියෝජිතයෙකු වන සුමිඳු සෙනෙවිරත්න වෙත රු. 10 000ක් චෙක්පතක් ලබා දෙන ලදී. චෙක්පතේ ආරක්ෂාව සඳහා චෙක්පත මත සරල සමාන්තර රේඛා දෙකක් ද ඇඳීමෙන් අනතුරුව.

ඉහත චෙක්පත වලංගු වීම සඳහා මුහුනතෙහි අත්සන් යෙදීමට හැකියාව ඇත්තේ,

01) සුමිඳු සෙනෙවිරත්නට ය.

02) සුමුදු ප්‍රනාන්දුට ය.

03) සම්පත් බැංකුවට ය.

04) ඉහත පාර්ශවයන් සියල්ලටම ය.

3

Fill in the Blanks

චෙක්පතේ ආරක්ෂාව සඳහා සුමුදු ප්‍රනාන්දු විසින් චෙක්පත මුහුනතෙහි සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම හඳුන්වන්නේ,

01) චෙක්පත අගරු කිරීම ලෙස ය.

02) චෙක්පත රේඛනය ලෙස ය.

03) චෙක්පත අවලංගු කිරීම ලෙස ය.

04) චෙක්පත ප්‍රතික්ෂේප කිරීම ලෙස ය.

4

Fill in the Blanks

ඒක පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කර ව්‍යාපාර නාමය ලියාපදිංචිය සඳහා යොමු කළ යුතු වන්නේ ?

(1) දින 7ක් ඇතුළත ය.

(2) දින 14ක් ඇතුළත ය.

(3) දින 15ක් ඇතුළත ය.

(4) දින 21ක් ඇතුළත ය.

5

Fill in the Blanks

මිහිඳු ආරියරත්න මහතා විසින් තම මෝටර් රථය හේමමාලි බණ්ඩාර මහතා වෙත විකුණන ලද අතර හේමමාලි බණ්ඩාර මහතා විසින් එම මෝටර් රථය ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ රක්‍ෂණය කරන ලදී. මෙහි රක්ෂනාවරණයට අදාළ පාර්ශවයක් නො වන්නේ,

(1) ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව

(2) හේමමාලි බණ්ඩාර

(3) මෝටර් රථය

(4) මිහිඳු ආරියරත්න

6

Fill in the Blanks

වාණිජ බැංකුවක පමනක් ආරම්භ කල හැකි, චෙක්පත් මඟින් ගනුදෙනු කළ හැකි නමුත් පොලීයක් හිමි නොවන ගිණුම් වර්ගය වන්නේ,

1) ඉතිරි කිරීමේ ගිණුම් වේ.

2)ස්ථාවර තැන්පතු ගිණුම් වේ.

3) ජංගම ගිණුම් වේ.

4) ධනයෝජන ගිණුම් වේ

7

Fill in the Blanks

ජංගම ගිණුමේ පවතින ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කිරීම තුළින් පංගු ගිණුම හිමියා බැංකුවට ණය වී ඇති මුදල් වටිනාකම හඳුන්වන්නේ,

1) බැංකු ගිණුම් ලෙසය.

2) බැංකු ප්‍රකාශන ලෙසය.

3) බැංකු අයිරාව ලෙසය.

4) බැංකු තැන්පතු ලෙසය

8

Fill in the Blanks

පාසල් ශිෂ්‍යයෙකු වන සුනිමල් තමාට අවශ්‍ය අභ්‍යාස පොත් 03ක්, පැන් 02ක් පාසලේ පොත් සාප්පුවෙන් මිලදී ගන්නා ලදී. මෙය,

1) සිල්ලර වෙළඳාමකි.

2) තොග වෙළඳාමකි.

3) ආයතන වෙළඳාමකි.

4) අපනයන වෙළඳාමකි.

9

Fill in the Blanks

රක්ෂණ ගිවිසුමකට අදාළ වන සියලු තොරතුරු හෙළි කිරීමට බැඳී සිටීම හඳුන්වන මූලධර්මය වන්නේ,

(1) දායකත්වය

(2) උපරිම විශ්වාසය

(3) හානි පූර්ණය

(4) රක්ෂණ හිමිකම්

10

Fill in the Blanks

සිරිල් ගමගේ විසින් රු. 5,000,000ක් වටිනා ගොඩනැගිල්ලක් එම වටිනාකමට ගිනි රක්ෂණ ඔප්පුවක් සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සමාගමෙන් ලබා ගත්තේය. හදිසියේ ඇති වූ ගින්නකින් ගොඩනැගිල්ලේ රු. 2,000,000ක් වටිනා කොටසක් විනාශ විය.

ඉහත සිද්ධියට අදාළ ගිනි රක්ෂණ ඔප්පුවෙන් හිමිවන වන්දි මුදල වන්නේ,

(1) රු. 2,000,000

(2) රු. 3,000,000

(3) රු. 5,000,000

(4) රු. 8,000,000

pattern-tertiary

Grade 11 Commerce

By Nandana Wijesuriya

Show answer

Auto Play

Slide 1 / 10

SLIDE