wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Level 1.0

Total questions: 12

Worksheet time: 26mins

Name
Class
Date
1.

1. විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව වන්නේ,

a)

1.පොදු භාණ්ඩ හා සේවා සැපයීම උදෙසා ප්‍රජාතන්ත්‍රීය දේශපාලන රාමුවක් ස්ථාපිත කිරීමය.

b)

2.භාණ්ඩ හා සාපේක්ෂව හිගකම නිවැරදිව නිරූපණය වන ආකාරයට මිල ගණන් සකසා ගැනීමය.

c)

3.මිනිස් උවමනාවන්ට සාපේක්ෂව ඵලදායී සම්පත්වල හිඟකම ය.

d)

4. දිළිඳුකම අඩු කරලීම සඳහා මුදල් ආදායමේ වඩාත් සම ව්‍යාප්තියක් අත්කර ගැනීමය.

e)

5.තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීමය.

2.

2.මානව ප්‍රාග්ධනය යනු,

a)

i. සංස්ථා සහ රජය හැර පුද්ගලයන් සතු සියලුම ප්‍රාග්ධනයයි.

b)

ii. රජය හැර පුද්ගලයන් සහ සංස්ථා සතු සියලුම ප්‍රාග්ධනයයි.

c)

iii. මිනිස්සුන්ගේ පරිහරණයට ගැලපෙන ආරක්ෂක ප්‍රමිති සපුරා ඇති යන්ත්‍ර සූත්‍රයි.

d)

iv. ශ්‍රම හමුදාව සතු කුසලතා සහ දැනුම් සම්භාරයයි.

e)

v. පාසල් හා රෝහල් සදහා යටිතල පහසුකම් ඉදිකිරීමයි.

3.

3.නිෂ්පාදන කාර්යක්ෂමතාවය යන්නෙන් අදහස් කරනුයේ,

a)

i. අඩුම පිරිවැයක් ගෙන දෙන නිෂ්පාදන ශිල්ප ක්‍රම භාවිත කිරීමය.

b)

ii. සමාජයට වඩාත් උවමනා කරන භාණ්ඩ මිශ්‍රණය නිෂ්පාදනය කිරීම ය.

c)

iii. පවත්නා සියලුම සම්පත් පරිපූර්ණ සේවා නියුක්ත වීම ය.

d)

iv. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ඇතුළත කිසියම් ලක්ෂයක නිෂ්පාදනය කිරීම ය.

e)

i. ශ්‍රමය වෙනුවට ප්‍රාග්ධනය ආදේශ කරන තාක්ෂණික දියුණුවකි.

4.

4.ඵලදායි සම්පත් වල හිගකමක් ඇති බැවින්, කිසියම් භාණ්ඩයක් වැඩියෙන් නිපදවා ගැනීමට, තවත් භාණ්ඩයක නිෂ්පාදනය කිසියම් ප්‍රමාණයකින් කැප කළ යුතුය. මෙම ලක්ෂණය අන්තර්ගත සංකල්ප වනුයේ,


a)

i. විශේෂ ප්‍රාගුන්‍යයයි

b)

ii. ආරෝපිත පිරිවැයයි

c)

iii. සාපේක්ෂ වාසියයි

d)

iv. නිරපේක්ෂ වාසියයි

e)

v. ආවස්ථික පිරිවැයයි

5.

5.භාණ්ඩයක සැපයුම් වක්‍රය වමට විතැන් කරනුයේ පහත සඳහන් කවරක් ද?



a)

1.නිෂ්පාදන පිරිවැය ඉහළ යාමක්

b)

2.නිෂ්පාදන පිරිවැය පහළ යාමක්

c)

3.භාණ්ඩයේ මිල ඉහළ යාමත්

d)

4.භාණ්ඩයේ මිල පහළ යාමත්

e)

5.ඉල්ලුම් අඩුවීමක්

6.

6.කිසියම් පුද්ගලයෙකුගේ ආදායම ආදායම් වැඩි වන විට, පොදු ප්‍රවාහන සේවය සඳහා ඔහුගේ ඉල්ලුම අඩු වන්නේ නම්, ප්‍රවාහන සේවයේ උදාහරණ වනුයේ,

a)

1.බාල භාණ්ඩයකට ය

b)

2.නොමිලේ භාණ්ඩයකටය.

c)

3.ගිෆන් භාණ්ඩයකට ය

d)

4.සාමාන්‍ය භාණ්ඩයකට ය

e)

5.පොදු භාණ්ඩයකටය

7.

7.X නැමති භාණ්ඩය සඳහා වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය පහත රූප සටහනින් පෙන්නුම් කරයි.

වෙළෙඳපොළ සමතුලිත ප්‍රමාණය A ලක්ෂ්‍යයේ සිට B ලක්ෂ්‍යය කරා වෙනස් වීමට බොහෝ දුරට හේතු විය හැක්කේ,

a)

i. ආදේශක භාණ්ඩ මිල ඉහළ යාමය

b)

ii. පාරිභෝගිකයන්ගේ ආදායම ඉහළ යාමය

c)

iii. පාරිභෝගිකයන්ගේ ආදායම් පහළ යාමය

d)

iv. X භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය පහළ යාමය

e)

v. X භාණ්ඩයේ සැපයුම අඩු වීමය

8.

8. භාණ්ඩ ඒකකයක් සදහා රුපියල් 100ක සමතුලිත මිලක් පවතින කල්පිත තරඟකාරී වෙළඳපලක් උපකල්පනය කරන්න. දැන් වෙළඳපොළ සැපයුම් වක්‍රය සෑම මිලදී ගැනීමකදී ම නම්‍ය තත්ත්වයක සිට, සෑම මිලක දී ම අනම්‍ය තත්වයක් කරා වෙනස් බවත්, එහිදී වෙලදපොල සමතුලිත මිල නොවෙනස්ව පවතින බවත් සලකන්න. මෙම වෙනස පාරිභෝගික අතිරික්ත සහ නිෂ්පාදන අතිරික්තය මත ඇතිවන ප්‍රතිවිපාක කවරේද ?

a)

නිෂ්පාදන අතිරික්තය වැඩි වේ


පාරිභෝගික අතිරික්තය අඩු වේ

b)

නිෂ්පාදන අතිරික්තය අඩු වේ


පාරිභෝගික අතිරික්තය වැඩි වේ

c)

නිෂ්පාදන අතිරික්තය වැඩි වේ


පාරිභෝගික අතිරික්තය වැඩි වේ

d)

නිෂ්පාදන අතිරික්තය නොවෙනස් වේ


පාරිභෝගික අතිරික්තය වැඩි වේ

e)

නිෂ්පාදන අතිරික්තය වැඩි වේ

පාරිභෝගික අතිරික්තය නොවෙනස් වේ

9.

9.සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වෙළෙඳපොළ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර පහත රූප සටහනින් පෙන්නුම් කරයි.

වෙලදපොල සමතුලිත මිල P1 සිට P2 දක්වා ඉහළ යා හැක්කේ,

a)

i. පාරිභෝගිකයන්ගේ ආදායම ඉහළ ගිය විටය.

b)

ii. අනුපූරක භාණ්ඩයක මිල ඉහළ ගිය විටය.

c)

iii. නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස පහළ වැටුණ විට ය.

d)

iv. නිෂ්පාදිතය මත ලබා දෙන සහනාධාර ඉහළ ගිය විටය.

e)

v. P2 මිල උපරිම මිලක් වශයෙන් නෛතිකව නියම කළ විට ය.

10.

10.පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක්, එහි සිසුන්ට අන්තර්ජාල සේවාව ආරම්භයේ දී ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙනු ලැබේ යැයි උපකල්පනය කරන්න. පසුව අන්තර්ජාල සේවාව භාවිතා කරන අයගෙන් පැයකට රුපියල් 100ක් බැගින් ගාස්තුවක් අය කිරීමට ආයතනය තීරණය කළ අතර අන්තර්ජාල සේවාව සඳහා සිසුන්ගේ ඉල්ලුම් වක්‍රය පහත රූප සටහනේ දැක්වේ.

ගාස්තු අයකිරීම හඳුන්වා දුන් පසුව අහිමි වූ පාරිභෝගික අතිරික්ත වටිනාකම


a)

i. රුපියල් 90000

b)

ii. රුපියල් 45000

c)

iii. රුපියල් 40000

d)

iv. රුපියල් 10000

e)

v. රුපියල් 5000

11.

11. නිෂ්පාදනය මත ඒකක බද්දක් පැනවීමට පෙර හා පසුව කිසියම් පාරිභෝගික භාණ්ඩයක් සඳහා වූ ඉල්ලුම් හා සැපයුම් ලේඛනය පහත වගුව පෙන්වයි. ඒකක බද්දේ ප්‍රමාණය සහ බද්දට පසු මිල නොපෙන්වයි.

ඒකක බද්දේ ප්‍රමාණය සහ වෙනස් වූ ප්‍රමාණය කොපමණද ?

a)

i. බද්ද රුපියල් 10 හා මිල වෙනස රුපියල් 5කි.

b)

ii. බද්ද රුපියල් 10 හා මිල වෙනස රුපියල් 10කි.

c)

iii. බද්ද රුපියල් 50 හා මිල වෙනස රුපියල් 75කි.

d)

iv. බද්ද රුපියල් 50 හා මිල වෙනස රුපියල් 85කි.

e)

v. බද්ද රුපියල් 10 හා මිල වෙනස රුපියල් 80කි.

12.

12.X භාණ්ඩය තරඟකාරී වෙළඳපොලක අලෙවි කෙරේ යැ යි යැයි උපකල්පනය කරන්න. X භාණ්ඩ නිෂ්පාදනය මත ඒකක බද්දක් පනවනු ලැබූහොත් පහත සඳහන් කවරක් නිවැරදි වේද ?

a)

i. ඉල්ලුම් වක්‍රය පූර්ණ නම්‍ය වේ නම්, බද්දේ ප්‍රමාණයෙන් මිල ඉහළ නොයයි.

b)

ii. ඉල්ලුම් වක්‍රය පූර්ණ අනම්‍ය වේ නම්, බද්දේ ප්‍රමාණයෙන් මිල ඉහළ නොයයි.

c)

iii. ඉල්ලුම් වක්‍රය වඩා නම්‍ය වන විට, පාරිභෝගිකයාගේ බදු බර ඉහළ යයි.

d)

iv. ඉල්ලුම් වක්‍රයේ නම්‍යතාව අඩුවෙන විට, පාරිභෝගිකයාගේ බඳු බර ඉහළ නගී.

e)

v. බද්දේ ප්‍රතිඵලයක් වශයෙන් පාරිභෝගික අතිරික්තය ඉහළ නගී.