NEW
Font size
Worksheetsසාරංගා නර්තන ප්‍රශ්නෝත්තර වැඩමුලුව 2021
Total questions: 20
Worksheet time: 10mins
ගොඩ සරඹ නර්තනය අවසන් කරනු ලබන්නේ,
අඩව්වෙනි
කස්තිරමෙනි
සීරුමාරුවෙනි
ඉරට්ටියෙනි
මාත්‍රා3+4 දෙතිතට හා මාත්‍රා 3+3 තනි තිතේ තාල රූපයට නර්තනයේ යෙදෙන වන්නම වනුයේ
තුරඟා වන්නමය.
සිංහරාජ වන්නමය
මුසලඩි වන්නමය
සැවුලා වන්නමය.
ශම යන භාවයේ රසය වන්නේ,
ශාන්ත රසයයි.
අත්භූත රසයයි.
කරුණා රසයයි.
වීර රසයයි.
ජෙන් තත්තත්/// ජෙන්තා....යන අඩව්ව භාවිත වන්නම වනුයේ,
සිංහරාජ වන්නමටය
හනුමා වන්නමටය
සැවුලා වන්නමටය
මුසලඩි වන්නමටය
මාත්‍රා 2+2+4 තාල රූපයට අයත් වට්ටම වන්නේ,
දොංජිංත ගත දොං වට්ටමයි.
කුදකුජිගත වට්ටමයි.
කුදංත ගත දොං වට්ටමයි.
ගොග් ගොග් ජිං ජිං ගත වට්ටමයි
රස සිද්ධාන්ත පිළිබඳ ග්‍රන්ථ රචනා කල පෙරදිග දාර්ශනිකයන් දෙදෙනෙකි.
අභිනව ගුප්ත පඩිවරයා හා රවින්ද්‍රනාත් තාගෝර් තුමාය
නන්දිකේශ්වර හා ප්ලෝටෝය.
භරත මුණි හා ප්ලේටෝය.
නන්දිකේශ්වර හා භරත මුණිවරයාය.
සෙම්බු,පින්නල් කෝලාට්ටම් යනුවෙන් හඳුන්වන ද්‍රවිඩ ගැමි නැටුම් සිංහල ගැමි නැටුම්වලදි හදුන්වන්නේ,
කළගෙඩි හා ලී කෙලි වශයෙනි.
ලී කෙළි හා කළගෙඩි වශයෙනි.
කළගෙඩි හා ලී මල්ලිය වශයෙනි.
ලී මල්ලිය හා කළගෙඩි වශයෙනි
නර්තන කලාවේ මාධ්‍ය වන්නේ,
නාදයයි.
චලනය යි..
වර්ණ යි
රේඛාව යි
බෙර වාදනයේදි භාවිත සතර බීජාක්ෂර වන්නේ,
තත් දිත් තොං නං ය
තත් ජිත් තොං නං ය
තත් ජිං දොං තා ය
තත් ජිං කුං නං ය.
රන්විලි දෙකොනට සොදින් තබන්නේ....... යන ගායනය ඇතුළත් වන්නේ,
ඔන්චිලි වාරම් කවවිලටය
මෝල්ගස් කවිවලටය.
ලී කෙළි කවිවලටය.
පතුරු කවිවලටය
උඩරට වන්නම් රචනා වුයේ කිනම් රජු දවසද?
11 රාජසිංහ රජු දවස.
කිත්සිරිමෙවන් රජු දවස
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස
මහා පරාක්‍රමබාහු රජු දවසය
දම්වැලක පුරුක් මෙන් එකිනෙකට සම්බන්ධ වන වන්නම් විශේෂයකි.එම වන්නම් විශේෂය අයත් වන්නේ,
උඩරට නර්තන සම්ප්‍රදායටය
සබරගමු නර්තන සම්ප්‍රදායටය.
ද්‍රවිඩ සිංදු සම්ප්‍රදායටය.
පහතරට නර්තන සම්ප්‍රදායටය.
මණීපුරි නර්තන කලාව දියුණු කිරිමේ පුරෝගාමියා වුයේ,
නන්දිකේශ්වරයන්ය
රබීන්ද්‍රනාත්තාගෝර් තුමන් ය
උදංයශංකර්ය
ඇරිස්ටෝටල්ය
කැළණි විශ්ව විද්‍යාලයට අනුබද්ධ සෞන්දර්යය අධ්‍යයන ආයතනය ස්වාධීන විශ්ව විද්‍යාලයක් බවට පත්වුයේ කිනම් වර්ෂයේදීද?
2005
1974
1936
2014
කොහොඹ කංකාරිය හා සමාජය,රටයකුම හෙවත් රිද්දි යාගය යන කෘතින් රචනා කරන ලද්දේ,
මුදියන්සේ දිසානයක හා ජයසේන කෝට්ටේගොඩ යන මහතුන් විසිනි.
ජයසේන කෝට්ටේගොඩ හා තිස්ස කාරියවසම් යන මහතුන් විසිනි.
මුදියන්සේ දිසානයක හා තිස්ස කාරියවසම් යන මහතුන් විසිනි.
තිස්ස කාරියවසම් හා ජයසේන කෝට්ටේගොඩ යන මහතුන් විසිනි .
කෝලම් නාටකයේ රඟමඩල වන්නේ,
කමතය.
රංග භූමිය යි.
තානායම්පොළ යි.
කරලිය යි.
“ගුද ගති ගත ගුඳ ගුඳ ගති ගත........ මෙම බෙර පදයෙන් කෝළම් රඟමඩලට පිවිසෙන්නේ.......
ජසයා ය
මුදලි ය.
අණබෙරකරුය.
නොංචි අක්කාය.
මණිපුරි නර්තනයේ රංගවස්ත්‍රාභරණ කට්ටලයට අයත් වූවකි.
තුයියා සේලය
රිෂම්පුරිට්
ඥෝරි
පාවඩ දාවනි
ශ්‍රී ලංකාවේ මුල්ම සිංහල ප්‍රශස්ති කාව්‍ය වන්නේ,
පරංගි හටන
ශෘංගාලංකාරය
පැරකුම්බා සිරිත
පවන
දෙසුළු මැදුම් තුන්තිත හි තාල රූපය වන්නේ,
2+2+3
2+2+4
3+3+2
2+3+4
