NEW
Font size
Worksheets5 වසර ගණිත ගැටලු විසඳීම.
Total questions: 10
Worksheet time: 20mins
විසිවන සියවසේ දහ වන දශකයට අයත් වර්ෂයක් වනුයේ,
1980
2000
2001
ඉරිදා දින හතරකින් යුත් පෙබරවාරි මාසයක එම දිනවල එකතුවට තිබිය හැකි වැඩි ම අගය වන්නේ ,
75
46
70
යාලුවෝ හතර දෙනෙක් එකිනෙකාට වෙසක් පත් මාරු කර ගත්හ. හුවමාරු කරගත් වෙසක්පත් ගණන කීයද ?
12
16
6
එකේ සිට 20 තෙක් ඇති ඔත්තේ සංඛ්‍යාවල එක්තුව කීයද?
90
91
100
කමල්ට වම් පැත්තෙන් නිමල් සිටී. අමල්ට වම් පැත්තෙන් කමල් සිටි. මැද සිටින්නේ කවුද
අමල්
කමල්
නිමල්
සෘජුකෝණාස්‍රාකාර මල් පාත්තියක දිග පළල මෙන් තුන් ගුණයකි. එහි වටේ දිග මීටර් 16 කි. මල් පාත්තියේ පළල කීයද?
3m
2m
4m
යම් සංඛ්‍යාවක් 5 න් ගුණ කර දහයක් එකතු කළ විට ලැබෙන අගය එම සංඛ්‍යාව හයෙන් ගුණ කළ විට ලැබෙන අගයට වඩා හතරක් අඩු ය. එම සංඛ්‍යාව විය හැක්කේ ?
5
6
7
දින තිහක් ඇති මාසයක පිළිවෙලින් අඟහරුවාදා හා බදාදා දින පහ බැගින් ඇත. එම මාසයේ විසි එක් වෙනිදා දවස කුමක්ද ?
ඉරිදා
සඳුදා
අඟහරුවාදා
නිමල් ගණන් දෙකක් හදන විට අමල් ගණන් තුනක් හදයි. අමල් ගණන් තුනක් හදන විට කමල් ගණන් හතරක් හදයි. තිදෙනාම සෑදූ ගණන් ගණන 45කි. නිමල් සෑදූ ගණන් ගණන කීයද ?
12
14
10
ගණන් දහයක් පමණක් ඇති ප්‍රශ්න පත්‍රයක එක ගණනකට ලකුණු 2 බැගින් ලකුණු 20 ලැබෙයි. වරදින සෑම ගණනකට ම ලකුණු 1 බැගින් කඩු කරයි .නිමල් එම ප්‍රශ්න පත්‍රයේ ලබාගත් ලකුණු ගණන 11 කි. ඔහුගේ නිවැරදි පිළිතුරු ගණන කීයද ?
8
6
7
