wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 5 Muthugala sir Online test

Total questions: 20

Worksheet time: 40mins

Name
Class
Date
1.

තාත්තා සතු ඉඩමකින් තුනෙන් එකක් නංගිට දුන්නේය. දහයෙන් තුනක් මල්ලිට දුන්නේය. ඉඩමෙන් වැඩි කොටසක් ලැබුණේ කාටද ?

a)

නංගිට

b)

මල්ලිට

c)

දෙදෙනාටම සමානය

2.

පස්වරු 6.20ට ගෙදරින් පිටත් වූ තාත්තා නැවත ගෙදර පැමිණියේ, පෙරවරු 10.40ටය තාත්තා ගෙදරින් පිටත ගත් කළ කාලය කොපමණද?

a)

පැය 4 විනාඩි20

b)

පැය 7 විනාඩි 40

c)

පැය 16 විනාඩි 20

3.

කුඩා ඇඳක දිග මීටර දෙකක් හා පළල මීටර් එකක් වේ .එම ඇඳ වටේ දිග මීටර් හයකි. එවැනි ඇඳන් දෙකක් එකට තබා සකස් කරන ලද විශාල ඇඳක වටේ දිග කොපමනද?

a)

12m

b)

10m

c)

8m

4.

අම්මා ළඟ තිබූ මුදලින් බාගයක් ඇය තමා ළඟ තබාගෙන, ඉතිරියෙන් තුනෙන් එකක් මට දුන්නාය. මට දුන් මුදල් රුපියල් 75 ක් නම්, අම්මා ළඟ තිබූ මුදල කීයද?

a)

රුපියල් 150

b)

රුපියල් 450

c)

රුපියල් 225

5.

එකම ස්ථානයක ඇති වාහන දෙකක් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන්ට මීටර් සියය බැගින් ගමන් කරයි .ඉන්පසු එක් රථයක් එහි දිය රියදුරාගේ වම් අත පැත්තට අනෙක් රථය එහි රියදුරාගේ දකුණු අත පැත්තටත් මීටර් සීයය බැගින් ගමන් කර නවතී. දැන් වාහන දෙක අතර දුර විය හැක්කේ,

a)

200m

b)

200m අඩුය

c)

200m වැඩිය

6.

පැත්තක් සෙන්ටිමීටර 16 ක් වූ ත්‍රිකෝණාකාරව නවා ඇති කම්බියක් දිග හැර ඉන් එක සමාන වූ කුඩා සමචතුරස්‍රාකාර හැඩතල 4ක් සාදායි නම්,

එම සමචතුස්‍රාකාර හැඩතලයක පැත්තක දිග විය හැක්කේ ,

a)

3cm

b)

4cm

c)

12cm

7.

සහෝදරයින් තුන් දෙනෙකුගේ දැන් වයස්වල එකතුව අවුරුදු 28කි. මීට් අවුරුදු තුනකට පෙර ඔවුන් දෙදෙනෙකුගේ වයස්ව වල එකතුව අවුරුදු 15 කි. එසේනම් ඉතිරි ළමයාගේ දැන් වයස අවරුදු කීයද?

a)

අවුරුදු13

b)

අවුරුදු7

c)

අවුරුදු9

8.

අපේ ගෙදර ජීවත් වන්නේ මමත්, ආච්චිත්, අම්මාත් පමණි. ආච්චි මට මැන්සි නෝනා නොකියයි. ආච්චි අම්මාට ද මට ද සැමි නෝනා නොකියයි. එසේනම් අම්මාගේ නම කුමක්ද ?

a)

මැන්සි නෝනා

b)

සැමි නෝනා

c)

ලුසි නෝනා

9.

අපේ ගෙදර ජීවත් වන්නේ මමත්, ආච්චිත්, අම්මාත් පමණි. ආච්චි මට මැන්සි නෝනා නොකියයි. ආච්චි අම්මාට ද මට ද සැමි නෝනා නොකියයි. එසේනම් ලුසි නෝනා යනු කව්ද ?

a)

මම

b)

ආච්චි

c)

අම්මා

10.

පහත දැක්වෙන්නේ අකුරු මාරු කර ලියා ඇති වචන තුනකි. එම වචන තුනේ අකුරු නිවැරදි කර සකස් කළ විට ලැබෙන වචන වල වෙනස් අර්තයක් සහිත වචනය තෝරන්න.

a)

තත්පරය

b)

පත්තරය

c)

ඩිනාවිය

11.

මා ළඟ රුපියලේ, දෙකේ හා පහේ කාසි වලින් රුපියල් විස්සක් ඇත. එහි ඇති රුපියලේ කාසි ගණන තුනක් නම් ,මා ළඟ ඇති වැඩිම දෙකේ කාසි ගණන කීයද?

a)

5

b)

6

c)

3

12.

පහත ප්‍රකාශවලින් වැරදි ප්‍රකාශය තෝරන්න.

a)

සියලූම පක්ෂිහු පියාඹති.

b)

පියාඹන සියලුම දෙනා පක්ෂින් නොවෙති.

c)

කිසිම ක්ෂීරපායි සතෙකුට පියාඹිය නොහැකිය .

13.

පහත ප්‍රකාශවලින් වැරදි ප්‍රකාශය තෝරන්න.

a)

සෑම මලකින්ම ගෙඩියක් හට ගනී.

b)

සෑම ගෙඩියක්ම මලකින් හටගනී.

c)

කොස් ගසේ මල් පිපේ

14.

කොලය මල ලෙසද, මල පුටුව ලෙසද, පුටුව පොත ලෙසද, පොත පෑන ලෙසද සලකයි නම් ,වාඩිවිය යුත්තේ,

a)

මල

b)

පුටුව

c)

පොත

15.

කොලය මල ලෙසද, මල පුටුව ලෙසද, පුටුව පොත ලෙසද, පොත පෑන ලෙසද සලකයි නම් , පෑන යොදාගන්නේ

a)

ලිවීමට

b)

වාඩිවීමට

c)

කියවීමට

16.

ළමයෙක් වයස අවුරුදු 10 ක දී ශිෂ්‍යත්ව විභාගය ලියන අතර අවුරුදු 19 දී උසස් පෙළ විභාගය ලියයි. ඒ අනුව මල්ලි 2018 වර්ෂයේ දී ශිෂ්‍යත්ව විභාගය ද අක්කා 2021 වර්ෂයේ දී උසස් පෙළ විභාගය ද ලියයි. එසේනම් අක්කාගේ මල්ලිගේ වයස අතර වෙනස අවුරුදු කීයද?

a)

අවුරුදු3

b)

අවුරුදු6

c)

අවුරුදු9

17.

ළමයෙක් වයස අවුරුදු 10 ක දී ශිෂ්‍යත්ව විභාගය ලියන අතර අවුරුදු 19 දී උසස් පෙළ විභාගය ලියයි. ඒ අනුව මල්ලි 2018 වර්ෂයේ දී ශිෂ්‍යත්ව විභාගය ද අක්කා 2021 වර්ෂයේ දී උසස් පෙළ විභාගය ද ලියයි. එසේනම් අක්කා ශිෂ්‍යත්ව විභාගය ලියන වර්ෂය කීයද?

a)

2011

b)

2012

c)

2013

18.

ජලය ලීටර් 20 ක් අල්ලන ටැංකියකට මල්ලි වතුර ලීටර් 4 ක් දමන විට, නංගී ලීටර් 2 ක් ආපසු ගනියි .ටැංකිය සම්පූර්ණයෙන්ම පිරවීමට මල්ලි ජලය දැමිය යුතු වාර ගණන කීයද?

a)

5

b)

10

c)

9

19.

දිග පළල මෙන් තුන් ගුණයක් හෝ ඍජුකෝණාස්‍රාකාර මල් පාත්තියක වටේ දිග මීටර් 64කි. එහි පැත්තක දිග කොපමනද?

a)

16m

b)

24m

c)

30m

20.

විනාඩි 45න් 45ට නාදවන ඔරලෝසුවක් උදෑසන හතට පළමුව වුණි නම්, තුන්වන හා හතරවන වරට නාදවන වේලාවන් දෙක පිළිවෙළින් දැක්වෙන පිළිතුර වන්නේ,

a)

උදෑසන 9.15 , උදෑසන 10.00

b)

උදෑසන 8.30 , උදෑසන 9.15

c)

උදෑසන 8.30 , උදෑසන 9.10