Font size
WorksheetsGrade11-ICT Quiz Sinhala Medium
Total questions: 40
Worksheet time: 40mins
1. පහත කුමක් අමු දත්ත ලෙස සැලකේ ද?
(1) පංතියේ සිටින උසම සිසුවා.
(2) පංතියේ සිටින සිසුන් සිසුන් ගණන.
(3) පංතියක සිටින ළමුන් ලබාගත් ලකුණුවල සාමාන්‍යය.
(4) පංතියක ලකුණු සටහන් පත්‍රිකාව (Mark sheet).
දී ඇති කාර්යයන් සඳහා භාවිතා කරන උපාංග වල නිවැරදි පිළිවෙල තෝරන්න
(1) OMR,OCR,MICR
(2) OCR,OMR,MICR
(3) OCR,MICR, OMR
(4) MICR,OCR,OMR
3. පහත ඒවායින් මෙහෙයුම් පද්ධතියක් නොවන්නේ කුමක් ද?
(1) Ubuntu
(2) PS2
(3) MS Dos
(4) Linux
4. ස්ථානීය පෙදෙස් ජාලයක් මධ්‍යය ගත පරිගණකයක් මගින් කළමනාකරණය කරනු ලබයි නම් එම ජාලය වන්නේ
(1) බස් පරිගණක ජාලය.
(2) මුදු ආකාරයේ පරිගණක ජාලය.
(3) තරු ආකාරයේ පරිගණක ජාලය.
(4) A peer-to-peer network.
5. මොඩමයක් අවශ්‍යය වන්නේ
(1) පරිගණකයක් ස්ථානීය ප්‍රදේශ ජාලයකට සම්බන්ධ කිරීමටය
(2) පරිගණකයක් අංකිත ජාලයකට සම්බන්ධ කිරීමටය.
(3) ප්‍රතිසම දුරකතන ජාලයක් මගින් අංකිත සන්නිවේදනය පැවැත්විමටය.
(4) සියළු දත්ත සන්නිවේදන කටයුතු සඳහාය.
6. 17810 යන දශමය සංඛ්‍යාවට සමාන ද්වීමය සංඛ්‍යාව කුමක්ද?
(1) 110110112
(2) 101101102
(3) 101100102
(4) 100100112
7. 2AE යන ෂඩ්දෂමය සංඛ්‍යාවඑ සමාන අශ්ටමය සංඛ්‍යාය වන්නේ
(1) 13568
(2) 12568
(3) 12668
(4) 12558
8. A+(A' . B) මගින් නිරූපනය කරන්නේ?
(1) A
(2) AB
(3) A+B
(4) B
9. ASCII සඳහා කොපමණ විවිධ අනුලක්‍ෂ භාවිතා කෙරේද?
(1) 256
(2) 128
(3) 21
(4) 16
10. රූප සටහනේ ඇති A සහ B සඳහා අගයන් වන්නේ
(1) 0 සහ 0
(2) 1 සහ 0
(3) 0 සහ l
(4) 1 සහ 1
11. දී ඇති සත්‍යතා වගුවට අදාල නිවැරදි තාර්කික ද්වාරය තෝරන්න.
(1) OR
(2) NAND
(3) AND
(4) NOR
12. විද්‍යුත් පැතිරුම්පත් කෝෂයක =6/3*2^3-5 යන සමීකරණය අන්තර්ගත කරන ලදි. එවිට ලැබෙන ප්‍රතිදානය වන්නේ.
(1) 6
(2) 11
(3) 10
(4) 59
13. දී ඇති පැතුරුම් පත භාවිතයෙන් ජනකගේ මුළු ලකුණු සෙවීම සඳහා E8 කෝෂය තුලට යෙදිය යුතු ශ්‍රිත/ය වන්නේ.
(1) =sum(c4:i6)
(2) =sum(c4:c6,f4:f6,i4:i6)
(3) =c4+c5+c6+f4+f5+f6+i4+i5+i6
14. දී ඇති පැතුරුම් පත භාවිතයෙන් ජනක විභාගයේ දී මුහුණදුන් විෂයන් ගණන සෙවීමට E10 කෝෂයේ යෙදිය යුතු සමීකරණය වන්නේ.
(1) =COUNTIF(C4:C6,F4:F6,I4:I6)
(2) =SUM(C4:C6,F4:F6,I4:I6)
(3) =COUNT(C4:I6)
(4) = COUNT(C4:C6,F4:F6,I4:I6)
15. ඉහත පැතුරුම් පතෙහි දෙවන පේලියෙන් අයිතම වල මිල දක්වන අතර F3 කෝෂයෙන් වට්ටම් ප්‍රතිශතය දක්වයි. ටෙලිවිෂන් යන්ත්‍රයේ ශුද්ධ මිල සෙවීමට B3 කෝෂයට ඇතුලත් කල යුතු සමීකරණය කුමක් ද?
(1) =B2-B2*F$3
(2) =B2*F$3
(3) =B2-B2*$F3
(4) =B2*$F3
16. ඇඩා ලව්ලේස් ප්‍රසිද්ධ වන්නේ ලොව ප්‍රථම ................. ලිවීම සඳහා ය.
(1) පරිගණක වැඩසටහන
(2) හොලරිත් කේතය
(3) ව්‍යාජ කේත
(4) පැස්කල් වැඩසටහන
17. ටෙරාබයිට එකක් සමාන වන්නේ කිලෝබයිට්…………...
(1) 1024x1024
(2) 1000x1000
(3) 1024
(4) 1024x1024x1024
18. අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති සියළු පරිගණක වෙන්කර හඳුනාගැනීමට IP ලිපිනය යොදා ගැනේ. IP ලිපිනයකට උදාහරණයක් වන්නේ,
(1) 292.168.10.3
(2) http://www.myschool.com
(3) 192:208:101:13
(4) 192.168.10.3
19. නිවැරදි ප්‍රකාශ තෝරන්න
(1) සියළු ඊ-මේල් ලිපින එකිනෙකින් අනන්‍ය වන අතර එය වඩාත් වේගවත් සහ ලාභදායි සන්නිවේදන ක්‍රමය වේ.
(2) වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා වසම් නාමය භාවිතා වන අතර DNS සර්වරය මගින් වසම් නාමය IP ලිපිනය බවට පරිවර්තනය කරනු ලැබේ.
(3) වෙබ් සංස්කාරක උපාංග වෙබ් අඩවි උඩුගත කිරීම සඳහා භාවිතා කරයි.
20. අන්තර්ජාලය හරහා විඩියෝ සම්මන්ත්‍රන පැවැත්වීම සඳහා අවශ්‍යතා වන්නේ,
(1) වෙබ් කැමරාව, අන්තර්ජාල සම්බන්ධතාව, පරිගණක සහ වෙබ් සංග්‍රාහක මෘදුකාංග.
(2) වෙබ් කැමරාව, පරිගණක, අන්තර්ජාල සම්බන්ධතාව සහ සන්නිවේදන මෘදුකාංග
(3) අන්තර්ජාල සම්බන්ධතාව, පරිගණක, සන්නිවේදන උපාංග සහ සුපරීක්‍ෂකය.
(4) සම්මන්ත්‍රන ශාලාව, අන්තර්ජාල සම්බන්ධතාව, පරිගණක සහ සන්නිවේදන මෘදුකාංග.
21. පහත කුමක් වලංගු ඊ-මේල් ලිපිනයක් සඳහා උදාහරණයක් වේද?
(1) shan/silva@hotmail.com
(2) shan@silva@hotmail.com
(3) shan_silva@hotmail.com
(4) shan.silva.hotmail.com
22. පහත සඳහන් කුමක් පරිගණක අපරාධයක් නොවන්නේද?
(1) ඊ-මේල් හරහා පරිගණක වයිරසයක් යැවීම
(2) පරිගණකයක් සොරකම් කිරීම
(3) වෙබ් පිටුවල අන්තර්ගත කරුණු උපුටා ගැනීම සහ ඔබගේ නමින් නැවත ප්‍රකාශනය කීරීම
(4) මෘදුකාංග පිටපත් කිරීම
23. පහත කුමක් පද්ධති මෘදුකාංගයක් සඳහා උදාහරණයක් වේද?
(1) දත්ත පාදක මෘදුකාංග
(2) පැතුරුම් පත්
(3) වදන් සැකසුම්
(4) ප්‍රති වයිරස
24. පහත සඳහන් පැස්කල් වැඩසටහන් කොටස ක්‍රියාත්මක කල පසු X සඳහා ලැබෙන අගය වන්නේ.
(1) 3
(2) 3.5
(3) 5
(4) 350
25. ඉහත ව්‍යාජ කේතය ක්‍රියාත්මක කල පසු ලැබෙන නිවැරදි ප්‍රතිදානය කුමක්ද?
(1) 2 11
(2) 22 11
(3) 2 12
(4) 22 12
25. දී ඇති ගැලීම් සටහනට ගැලපෙන නිවැරදි ව්‍යාජ කේතය වන්නේ?
27. දී ඇති ගැලීම් සටහනෙහි නිවැරදි තර්කය කුමක්ද?
(1) If Average_marks>=65 AND average_attendents>=75 then Award_medal=True else Award_certificate=True
(2) If Average_marks>=65 OR average_attendents>=75 then Award_medal=True else Award_certificate=True
(3) If Average_marks>=65 then Award_certificate=True else average_attendents>=75 then Award_medal=True else
(4) If Average_marks>=65 OR average_attendents>=75 then Award_certificate=True else Award_medal=True
(28) ඉහත ව්‍යාජ කේතයෙහි ප්‍රතිදානය පරිදි ‘*’ ලකුණ කී වරක් ප්‍රදර්ශනය වේද?
(1) 4
(2) 5
(3) 6
(4) 7
29. ඉහත වගුව සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය මින් කුමක්ද?
(1) Book වගුවෙහි ක්‍ෂේත්‍ර හකරක් ඇත.
(2) Author වගුවෙහි ඇති රෙකෝඩ ගණන දෙකකි.
(3) Book වගුවෙහි AuthorID ප්‍රාථමික යතුරක් ලෙස ක්‍රියා කරයි.
(4) Book වගුවෙහි ප්‍රාථමික යතුර සඳහා ISBN යන්න වඩාත් සුදුසුම ක්‍ෂේත්‍රය වේ.
29. Book වගුවෙහි ISBN ක්‍ෂේත්‍රය සඳහා වඩාත් සුදුසුම දත්ත වර්ගය කුමක්ද?
(1) Currency
(2) Number
(3) Text
(4) Date
31. පහත සඳහන් කුමන ක්‍ෂේත්‍රයන් ආගන්තුක යතුරක් සඳහා උදාහරණ වේද?
(1) Publisher වගුවේ PubID
(2) Publisher වගුවේ Pubname
(3) Book වගුවේ PubID
(3) Book වගුවේ ISBN
32. Algorithms ග්‍රන්ථයේ කතෘ හා ප්‍රකාශක කවුරුන්ද?
(1) Anany Levitin and Pearson Education
(2) Evi Nemeth and Pearson Education
(3) Anany Levitin and Prentice Hall
(4) Haile Selassie and Pearson Education
33. වගුවෙහි ප්‍රථම පේලිය ප්‍රදර්ශනය කිරීම සඳහා නිවැරදි HTML කේතය කුමක්ද?
(1) <tr><th rowspan=”2”>Name</th><th colspan=”2”>Subjects</th></tr>
(2) <tr><th colspan=”2”>Name</th><th rowspan=”2”>Subjects</th></tr>
(3) <tr><td rowspan=”2”>Name</td><td colspan=”2”>Subjects</td></tr>
(4) <tr><th>Name</th><th>Subjects</th></tr>
34. වෙබ් පිටුවක පසුබිම් වර්ණය ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිතා කල හැකි HTML කේතය පහතින් තෝරන්න.
(1) <body backgroundcolor=”#33cc66”>
(2) <bgcolor=”#33cc66”>
(3) <body bgcolor=”#33cc66”>
(4) <page bgcolor=”blue”>
35. දී ඇති මෘදුකාංග සලකන්න. එයින් කුමන ඒවා පද්දති මෘදුකාංග සඳහා උදාහරණ වේද?
(1) උපස්ථායන මෘදුකාංග
(2) පැතුරුම් පත්
(3) වදන් සැකසුම්
(4) ප්‍රති වයිරස වැඩසටහන්
36. සංයුක්ත තැටියක් ඇතුලත් කරන විට [SHIFT] බොත්තම තද කරගෙන සිටීමෙන්...
(1) CD තැටිය ක්ෂණිකව ඉවතට එවයි
(2) ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම අත්හිටුවයි
(3) CD Properties දර්ශනය කරයි.
(4) කිසිවක් සිදු නොවේ
37. මෙහෙයුම් පද්ධතියක් මගින් සිදු කරන මූලික කාර්‍යන් අතරින් එකකි.
(1) ආදානය සඳහා යතුරු පුවරුව තිබේ දැයි පරික්ෂාව, වැඩසටහන් ප්‍රධාන මතකයට ඇතුළු වීම හා පිටවීම පාළනය, පරිශිලක සමග සන්නීවේදනය පවත්වා ගැනීම, keeping track of files and directories on backing storage.
(2) ආදාන හා ප්‍රතිදාන උපාංග පාලනය කිරීම, පරිශිලක ක්‍රියාවලි අධීක්ෂණය සහ පරිශීලක අතුරු මුහුණත් සකස් කිරීම.
(3) පද්ධති ආරක්ෂාව පාලනය, optimizing graphics images, ෆෝල්ඩර පවත්වා ගෙන යාම
(4) ඉහත එකක්වත් නොවේ.
38. තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය ශ්‍රී ලාංකීය සමාජයට හඳුන්වාදීමෙන් අත්වුනු ප්‍රතිලාභයක් වන්නේ පහත ඒවායින් කුමක්ද?
(1) නව දැනුම කරා කඩිනමින් ප්‍රවේශ වීමට හැකි වීම
(2) ගොවියන් හට දැන් පවතින මිල ගණන් පිලිබද දැන ගැනීමට හැකි වීම
(3) කාලගුණික දත්ත ලබාගැනීමට හා කාර්යක්‍ෂමව සංවිධානය වීමට හැකි වීම
(4) වයිරස පැතිරීම
29. නශ්‍ය මතකය සඳහා උදාහරණයක් ලෙස සැලකෙන්නේ
(1) සසම්භාවී ප්‍රවේශ මතකය (RAM)
(2) පඨන මාත්‍ර මතකය (ROM)
(3) දෘඩ තැටිය
(4) Memory Card
40. Walkie -Talkie පහත කිනම් දත්ත සම්ප්‍රේෂණ විධි සඳහා උදාහරණයක් වේද?
(1) පූර් ණ ද්ව්පථ
(2) ඒක පථ
(3) අර් ධ ද්විපථ
(4) ඉහත කිසිවක් නොවේ
