Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Grade 9 Science

Total questions: 15

Worksheet time: 11mins

Name
Class
Date
1.

සංශුද්ධ ද්‍රව්‍යයක් වන්නේ කුමක්ද?

a)

රසදිය

රසදිය

b)

ලුණු දියර

ලුණු දියර

c)

බොර ජලය

බොර ජලය

d)

කොළ කැද

කොළ කැද

2.

මුළුමනින්ම පාහේ ස්වයංපෝෂී ක්ෂුද්‍රජීවී කාණ්ඩය වීමට වඩාත් ඉඩ ඇත්තේ,

a)

බැක්ටීරියා

බැක්ටීරියා

b)

දිලීර

දිලීර

c)

ඇල්ගී

ඇල්ගී

d)

ප්‍රොටෝසෝවා

ප්‍රොටෝසෝවා

3.

මිනිස් ඇසක ප්‍රතිබිම්බය හට ගන්නා ස්ථානය වන්නේ කුමක්ද?

a)

කණිනිකාව මත

b)

රුධිරග්‍රාහිය මත

c)

ශ්වේත ඝන ස්ථාරය

d)

දෘෂ්ටි විතානය

4.

කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනයට වඩාත් සුදුසු වන්නේ මින් කුමක්ද?

a)

වීදුරු වලින් සෑදු බීකරයකි

b)

තඹ වලින් සෑදූ බීකරයකි

c)

ඇලුමිනියම් වලින් සෑදූ බීකරයකි

d)

යකඩ වලින් සෑදූ බීකරයකි

5.

උක් යුෂ වලින් සීනි ලබා ගැනීමට යොදා ගන්නා මිශ්‍රණය වෙන් කිරීමේ ක්‍රමය වන්නේ,

a)

පෙරීම

b)

භාගික ආසවනය

c)

හුමාල ආසවනය

d)

ස්පටිකීකරණය

6.

තෙවන ගණයේ ලීවරයක් යොදා ගැනෙන අවස්ථාව වන්නේ කුමක්ද?

a)

ගිරයකින් පුවක් කැපීම

b)

සීසෝවක් පැදීම

c)

කටර් අඩුවකින් ඇණයක් ගැලවීම

d)

බිලී පිත්තකින් මාළු බෑම සදහා

7.

දේදුන්නක් ඇති වන්නේ,

a)

ආලෝක වර්තනය හා පරාවර්තනය නිසා

b)

ආලෝක වර්තනය නිසා

c)

ආලෝක පරාවර්තනය නිසා

d)

මේ කිසිවක් නිසා නොවේ

8.

හරිත ප්‍රවාහනය යටතට ගත හැක්කේ මින් කවරක්ද?

a)

වෙළද පොලට යාමේදී මෝටර් රථය භාවිතය

b)

පාසලට යාමේදී පාපැදිය භාවිතය

c)

පිටරට යාමේදී පෞද්ගලික ගුවන් යානයක් භාවිතය

d)

පරිවාර රථ පිරිවරාගෙන උත්සවයකට යාම

9.

පහත ඒවායින් නිර්මිත පරිසරයක් වන්නේ කුමක්ද?

a)

කදුකර වනාන්තර

කදුකර වනාන්තර

b)

කෘෂිකාර්මික බිම්

කෘෂිකාර්මික බිම්

c)

කඩොලාන පරිසර

කඩොලාන පරිසර

d)

තෙත් පතන

තෙත් පතන

10.

ඝනත්වය 800kgm-3 වන ද්‍රාවණයක 200kg ක පරිමාව මින් කවරක්ද?

a)

0.25 m3

b)

2.5 m3

c)

25 m3

d)

250 m3

11.

යෙදෙන බලය මගින් පෘෂ්ඨය මත උපරිම පීඩනයක් ක්‍රියාත්මක වීම සිදුවන්නේ කුමන අවස්ථාවේදීද?

a)

පොළව තලන විට

b)

කඹ අදින විට

c)

කොහුවලින් ලණු අඹරන විට

d)

ඉදි කටුවෙන් රෙදි මහන විට

12.

විශ්වයේ වෙනත් ස්ථානයක සිට පෘථිවිය වෙත ජීවය පැමිණි බව ප්‍රකාශ වන්නේ,

a)

ස්වයං සිද්ධ ජනන වාදය

b)

කොස්මොසොයික් වාදය

c)

විශේෂ මැවුම් වාදය

d)

ජෛව රාසායනික පරිණාමය පිළිබද වාදය

13.

ඉලෙක්ට්‍රොනික අණ්වීක්ෂයෙන් පමණක් නිරීක්ෂණය වන්නේ පහත ඒවායින් කුමක්ද?

a)

ඒඩ්ස් වෛරසය

ඒඩ්ස් වෛරසය

b)

පැරමීසියම්

පැරමීසියම්

c)

ඇමීබා

ඇමීබා

d)

එවුග්ලිනා

එවුග්ලිනා

14.

ඇසේ සුද ඇති වීම කෙරෙහි බලපාන කරුණක් නොවන්නේ,

a)

ජානමය හේතු

b)

අහිතකර පාරජම්බූල කිරණ

c)

වයසට යාම

d)

ඇසෙහි රුධිර පීඩනය වැඩි වීම

15.

පහත දැක්වෙන වගන්ති අතුරින් නිවැරදි වගන්තිය තෝරන්න.

a)

සංස්ථානික මහා ධමනිය දකුණු කෝෂිකාවෙන් ආරම්භ වේ.

b)

වම් කර්ණිකාව හා වම් කෝෂිකාව අතර ත්‍රි තුණ්ඩ කපාටය පිහිටයි.

c)

සංස්ථානික මහා ධමනිය ආරම්භයේ අඩසද කපාට පිහිටයි.

d)

පුප්පුශීය ධමනි වම් කර්ණිකාවට විවෘත වේ.