wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

WCQ - Iranga

Total questions: 25

Worksheet time: 17mins

Name
Class
Date
1.
යුවරාජ් සිං විසින් ස්ටුවර්ට් බ්‍රෝඩ් හට එක් ඕවරයකදී හයේ පහර හයක් එල්ල කල අවස්ථාවට අදාල විශේෂ සිදුවීම වන්නේ…(45 Seconds)
a)
එම ඕවරය ආරම්භයට පෙර ස්ටුවර්ට් බ්‍රෝඩ් හා යුවරාජ් අතර බහින්බස් වීමක් සිදුවීම
b)
එය පන්දු යැවූ ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ උපන් දිනය වීම
c)
කලකට පෙර එම දස්කම දක්වා ඇති රවී ශාස්ත්‍රී එම අවස්ථාවේදී විස්තර විචාරයේ යෙදී සිටීම
d)
එය යුවරාජ් සිංගේ උපන් දිනය වීම
2.
"Runs 'n Ruins" කවුරුන් විසින් රචනා කරන ලද කෘතියක්ද ? මෙය 80 දශකයේ එක් ක්‍රිකට් වාරයක් (season) පිලිබදව ලියැවුනු පොතකි. 
a)
සහීර් අබ්බාස්
b)
සුනිල් ගවස්කාර්
c)
ඇලන් බෝඩර්
d)
ඩේවිඩ් ගවර්
3.
ක්‍රිකට් නීතී වලට අනුව දැවී යන ආකා‍ර 11 ක් ඇත. (Retired Out ඇතුලත්ව) නමුත් මෙම වසරේ ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක වීමට නියමිත නව ක්‍රිකට් නීති වලට අනුව පහත සදහන් දැවීයන ආකාර 4 න් එකක් වෙනත් දැවී යන ක්‍රමයක් ‍යටතට පත් වී දැවී යන ආකාර ගණන 10 ක් බවට පත්වේ. එසේ නාමිකව අහෝසි වන දැවී යන ආකාරය (Method of dismissal)
(60 Seconds)
a)
පන්දුවට දෙවරක් පහර දීම 
b)
පන්දුව අතින් ඇල්ලීම
c)
පන්දු ‍රකින්නන්ට බාධා කිරීම 
d)
Retired Out 
4.
1992 අගෝස්තු මස SSC පිටියේදි පැවති ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පලමු ටෙස්ට් තරඟය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ සුවිශේෂී තරඟයකි. මෙහි ඔස්ට්‍රේලියා පලමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුළු ලබාගත් පන්දු යවන්නා වූයේ…
a)
ප්‍රමෝදය වික්‍රමසිංහ
b)
චම්පක රාමනායක
c)
චන්දික හතුරුසිංහ
d)
දොන් අනුරසිරි
5.
එම තරඟයේදී (92 අගෝස්තු SSC ඕස්ට්‍රේලියාව සමග) සිදුවූ විශේෂ සිදුවීමක් නොවන්නේ
(45 Seconds)
a)
පලමු ඉනිමේදී තම මංගල ශතකය ලැබූ රොමේෂ් කලුවිතාරණ දෙවනි ඉනිමේදී ලකුනු නොලබා දැවී යාම
b)
එකම ඉනිමක් තුල ලාංකීය පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කල පලමු ටෙස්ට් තරඟය මෙය වීම 
c)
ඒ වනතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් ඉනිමක වාර්තා කල වැඩිම ලකුණු සංඛ්‍යාව මෙම තරඟයේදී ලබා ගැනීම
d)
මාවන් අතපත්තු තම ප්‍රථම ටෙස්ට් ලකුණ ලබා ගැනීම
6.
වරක් ක්‍රිකට් තරගයක් අතර තුර ජාවෙඩ් මියන්ඩාඩ් විසින් පන්දු යවන්නෙකුට 'Fat Bus Conductor' (තඩි බස් කොන්දොස්තර) ලෙස අමතන ලදී. පසුව මියන්ඩාඩ් ගේ කඩුල්ල දවාගත් මේ පන්දු යවන්නා එයට ප්‍රතිචාරයක් ලෙස "Tickets Please" ලෙස කීවේය. මේ ප්‍රසිද්ධ සිද්ධි‍යට සම්බන්ද වූ පන්දු යවන්නා වූවේ (45 Seconds)
a)
ඩෙනිස් ලිලී
b)
මර්ව් හියුස්
c)
අර්ජුන රණතුංග
d)
ඉයන් බෝතම්
7.
"What Colour was the Couch?"
 මෙය එක් පන්දු යවන්නෙක් හමුවේ දිගින් දිගටම දැවී ගිය පිතිකරුවෙකු ඒ නිසා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් බවට පැතිර ගිය රාවය නිසා ඊලග තරගයේදී එම පිතිකරුවාට මුහුණ දීමට සිදුවූ Sledge වීමකි. පන්දු යවන්නා සහ පිතිකරුවා වූවේ (45 Seconds)
a)
ශේන් වෝර්න් සහ ඩැරල් කලිනන්
b)
ග්ලේන් මැක්ග්‍ර්‍රාත් සහ මයිකල් ඇතර්ටන්
c)
ඇලන් ඩොනල්ඩ් සහ චන්දික හතුරුසිංහ
d)
චමින්ද වාස් සහ ක්‍රිස් ගේල්
8.
තම මංගල ටෙස්ට් ඉනිමේදී ලකුණු බිංදුවට දැවී නොගිය පිතිකරුවා මේ අතරින් කවුරුන්ද ?
a)
ඉන්සමාම් උල් හක්
b)
ඇන්ඩෲ සයිමන්ස්
c)
සයීඩ් අන්වර්
d)
ලෙන් හට්න්
9.
පලමු පෙල ක්‍රිකට් ක්‍රිඩා කර ඇති සොහොයුරන් තිදෙනෙක් හෝ වැඩි ගණනක් සිටිනා ක්‍රීඩා පවුලක් නොවන්නේ (45 Seconds)
a)
වෙත්තමුනි සොහොයුරන් (ශ්‍රී ලංකාව )
b)
වෝ සොහොයුරන් (ඔස්ට්‍රේලියාව )
c)
රණතුංග සොහොයුරන් (ශ්‍රී ලංකාව )
d)
ෆ්ලවර් සොහොයුරන් (සිම්බාබ්වේ)
10.
Iron Gloves (යකඩ අත් ආවරණ) යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ කඩුළු රකින්නා කවුද ?
a)
ඇලන් නොට්
b)
ජැක් රසල්
c)
ජෙෆ්‍රි ඩූජෝන්
d)
රොඩ්නි මාෂ්
11.
Paddles, Tubby, Whispering Death සහ Gaffer යන අන්වර්ථ නාම (Nick Names) ප්‍රසිද්ධ ක්‍රීඩකයන් සිව් දෙනෙක්ට භාවිතා විය. ඒ නම් වලට සම්බන්ධයක් නැති ක්‍රීඩකයා තෝරන්න. (45 Seconds)
a)
ඇලෙක් ස්ටුවර්ට්
b)
ස්ටීව් වෝ
c)
මයිකල් හෝල්ඩින්
d)
රිචර්ඩ් හැඩ්ලි
12.
පලමු පෙල ක්‍රිකට් තරඟයක් තුල එකට ක්‍රීඩා කර ඇති (එකම පිල වෙනුවෙන් හෝ ප්‍රතිවාදී පිල් වෙනුවෙන් ) පිය පුතු යුවලක් නොවන්නේ… (45 Seconds)
a)
ඩෙනිස් ස්ට්‍රීක් සහ හීත් ස්ට්‍රීක්
b)
C.K. නායුදු සහ C.N. නායුදු
c)
ටේගනරින් චන්දර්පෝල් සහ ශිව්නරින් චන්දර්පෝල්
d)
ඉයන් බොතම් සහ ලියම් බොතම්
13.
1959 දී එංගලන්තයේ ප්‍රාන්ත තරඟ සමයක් අතරතුර සිදුවූ රිය අනතුරකින් දක්ෂ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් මියගිය අතර අනතුරට ලක්වූ රථය පදවන ලද්දේ සර් ගාෆීල්ඩ් සෝබර්ස් විසිනි. මෙම අනතුරෙන් මියගිය ක්‍රීඩකයා කවුද ? (45 Seconds)
a)
ජෝර්ජ් සමර්ස්
b)
අබ්දුල් අසීස්
c)
ඉයන් ෆොලී
d)
කොලී ස්මිත්
14.
"Controversially Yours" යන ග්‍රන්ථය, කුමන ක්‍රිකට් ක්‍රීඩකයාගේ ස්වයං චරිතාපදානයද ?
a)
ඉයන් බොතම්
b)
ජෙෆ් තොම්සන්
c)
ෂොඊබ් අක්තාර්
d)
ජාවෙඩ් මියැන්ඩාඩ්
15.
 "To The Point" යනු කවර් පොයින්ට් කලාපයේ ක්‍රීඩා කල විශිෂ්ඨ පන්දු රකින්නකුගේ ස්වයං චරිතාපදානයයි. එම ක්‍රීඩකයා කවුද ?
a)
හර්ෂල් ගිබ්ස්
b)
 ජොන්ටි රෝඩ්ස්
c)
 රිකී පොන්ටිං 
d)
පෝල් කොලිංවුඩ්
16.
රටවල් තුනක ජාතික ක්‍රිකට් කණ්ඩායම් වල නායකත්වය දෑරීමට තරම් වාසනාවන්ත වූ ලොව ප්‍රථම ක්‍රීඩකයා කවුද ? (මෙම රටවල් තුනම වර්තමානයේ ICC සාමාජික රටවල් වන නමුත්, මේ රටවල් අතරින් එකක් හෝ වැඩි ගණනකට ටෙස්ට් තත්වය නැත.) (45 Seconds)
a)
අමීර් එලාහි
b)
මහදේවන් සතාසිවම්
c)
බිලී මර්ඩොක්
d)
අබ්දුල් හෆීස් කාදර්
17.
රංගන හේරත් සහ ඇන්ජෙලෝ මැතිව්ස්, තාමත් ක්‍රීඩා කරන ශ්‍ර්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් වැඩිම ටෙස්ට් තරග ගණනකට සහභාගී වී ඇති දෙදෙනාය. පසුගිය ඉන්දියානු ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් මොවුන් දෙදෙනාට අමතරව වැඩිම ටෙස්ට් තරග ගණනකට සහභාගී විී ඇත්තේ කවුද? (45 Seconds)
a)
දිමුත් කරුනාරත්න
b)
දිනේශ් චන්දිමාල්
c)
උපුල් තරංග
d)
සුරංග ලක්මාල්
18.
A. Winter Shed  
B. Long Room  
C. The Slope    
                                    D. Warner Stand                                                
මේ අතරින් ලෝඩ්ස් ක්‍රීඩාංගණය හා සම්බන්ධ වන්නේ... (45 Seconds)
a)
B සහ C පමණි
b)
B පමණි
c)
B, C සහ D පමණි
d)
A, B සහ C පමණි
19.
 "Ball of the Century" ලෙස ප්‍රචලිත වී ඇත්තේ 1993 දී ශේන් වෝන් විසින් මයික් ගැටින් දවාලීමට යැවූ විශිෂ්ඨ පන්දුවයි... මෙම සිදුවීම සිදු වූයේ කුමන ක්‍රීඩාංගණයකද ?
a)
ලෝඩ්ස් 
b)
හෙඩිංලි
c)
ඕල්ඩ් ට්‍රැෆර්ඩ්
d)
මෙල්බර්න්
20.
ශ්‍රී ලංකාවේ පලමු ටෙස්ට් නායකයා වූ බන්දුල වර්ණපුර ටෙස්ට් තරඟ කීයකදී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබේද ?
a)
2
b)
3
c)
4
d)
6
21.
A. ෂහිඩ් අෆ්‍රිඩිගේ වේගවත්ම එක්දින ශතකය           B. බ්‍රයන් ලාරාගේ ලකුණු 375                     මෙම වාර්තා අතරින්, එම වාර්තාවන්හි පැරණි හිමිකරුවාගේ ඇස් ඉදිරිපිටම පිහිටවූ වාර්තාව හෝ වාර්තා වන්නේ... (45 Seconds)
a)
A පමණයි
b)
B පමණයි
c)
A සහ B දෙකම
d)
මින් එකක්වත් එසේ නොවේ
22.
ඇලන් බෝඩර්, ඉයන් බොතම් වැනි ලෝක පූජිත ක්‍රීඩකයින් තම ක්‍රිකට් දිවිය පුරාවටම භාවිත කලේ "DF" වර්ගයේ ක්‍රිකට් පිත්තකි. DF යන කෙටි යෙදුමෙන් හැඳින්වෙන මෙම පිති වර්ගයේ සම්පූර්ණ නම කුමක්ද ?
a)
Duncan Fearnley
b)
Dean Ferguson
c)
Duke's Favourite
d)
Driving Flourish
23.
එක්දින තරඟ වල අංක 5 ස්ථානයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් (most career runs at No.5) ලබාගෙන ඇත්තේ...
a)
අර්ජුන රණතුංග
b)
 ස්ටීව් වෝ
c)
 මයිකල් බෙවන්
d)
ඉන්සමාම් උල් හක්
24.
එක් ලෝක කුසලාන තරගාවලි‍යක අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩා‍යම් 4 අතරින් කිසිදු කණ්ඩායමක් ඊට පසු පැවැත්වූ ලෝක කුසලාන තරගාවලියේ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ නැත. මෙම තරගාවලි දෙක වනුයේ (45 Seconds)
a)
2011 සහ 2015
b)
1975 සහ 1979
c)
1983 සහ 1987
d)
1992 සහ 1996
25.
මේ ක්‍රීඩකයන් තම රටේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ අනුපිළිවෙල අනුව නොගැලපෙන (වැරදි අනුපිලිවෙල ඇති) පිලිතුර තෝරන්න. (45 Seconds)
a)
ඩෙස්මන් හේන්ස් - රිචී රිචඩ්සන් - කර්ට්නි වොල්ෂ්
b)
රන්ජන් මඩුගල්ල - සෝමචන්ද්‍ර ද සිල්වා - අර්ජුන රණතුංග
c)
කිම් හියුස් - ඇලන් බෝඩර් - මාක් ටේලර්
d)
සලිම් මලික් - රමිස් රාජා - සයිඩ් අන්වර්