NEW
Font size
Worksheets10 වසර විද්‍යාව - 14 පාඩම, ජීවයේ අඛණ්ඩතාවය 2
Total questions: 10
Worksheet time: 5mins
වර්ධක ප්‍රජනනය මගින් ලැබෙන දුහිතෘ ශාක වල ලක්ෂණ මාතෘ ශාකයේ ලක්ෂණ වලට සර්වසම නොවේ
සත්‍ය වේ
අසත්‍ය වේ
මුල් මගින් සිදුකරනු ලබන වර්ධක ප්‍රචාරණය සඳහා උදාහරණයක් නොවන්නේ
කරපිංචා
අක්කපාන
ස්වභාවික වර්ධක ප්‍රචාරණය සලකු විට අන්නාසි වලින් පැල ලබාගත හැකි ක්‍රම 2 ම දක්වා ඇති වරණය තෝරන්න
මොටියන්, පත්‍ර
බල්බිල, මුල්
බල්බිල, මොටියන්
පත්‍ර, බල්බිල
අහිතකර කාල තරණය සඳහා වැදගත් වන්නේ ?
මොටියන්
බල්බිල
භූගත කඳන්
පත්‍ර
ස්කන්ධ ආකන්ධය සඳහා උදාහරණයක් වන්නේ ?
කෙසෙල්
අර්තාපල්
ඉඟුරු
ගහල
කෘතීම වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් නොවන්නේ ?
පටක රෝපණය
අතු බැඳීම
බද්ධ කිරීම
ධාවක
අතු කැබලිවලින් මුල් ඇද්දවීම සඳහා භාවිතා කරනු නොලබන ශාකයක් වන්නේ
රෝස
අරලිය
බෝගන්විලා
කෙසෙල්
අතු බැඳීම හෙවත් ලේයර් ක්‍රමයෙහි ප්‍රයෝජනයක් නොවන්නේ
මව් ශාකයේ පැවැත්මට හානියක් සිදු නොකර පැල ලබා ගත හැකි වීම
පැළ කිහිපයක් එකවර ලබා ගත හැකි වීම
මව් ශාකයේ ලක්ෂණ වලට සර්ව සම ලක්ෂණ සහිත දුහිතෘ ශාක ලබා ගැනීම
කාල තරණ යාන්ත්‍රණයක් සිදු කරගත හැකි වීම
රෝග වලට සහ පාරිසරික වෙනස්කම් වීම් වලට ඔරොත්තු දීම ග්‍රහක කඳ කොටස සතු විය යුතු ලක්ෂණයක් වේ
සත්‍ය වේ
අසත්‍ය වේ
යහපත් ලක්ෂණ සහිත ප්‍රභේදයක් වීම හැරුණු කොට අනුජය සතු ලක්ෂණයක් විය යුත්තේ
පළිබෝධකයන් හා රෝග වලින් රෝග වලින් තොර වීම
ශක්තිමත් මූල පද්ධතියක් දැරීම
ඒකාකාර වර්ධනයක් සහිත වීම
පාරිසරික වෙනස්කම් වලට ඔරොත්තු දීම
