wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ජීවයේ රසායනික පදනම

Total questions: 15

Worksheet time: 19mins

Name
Class
Date
1.

පහත වගන්ති වලින් අසත්‍ය වගන්තිය තෝරන්න

a)

ලිපිඩවල හයිඩ්රජන්, ඔක්සිජන් අතර අනුපාතය දෙකට එකට වඩා වැඩිවේ

b)

සියලුම හෝමෝන ප්‍රෝටීන වලින් සෑදී ඇති අතර දේහය තුළ සමායෝජනයට වැදගත්වේ

c)

එන්සයිම ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරයි

d)

විටමින් දේහයට කුඩා ප්‍රමාණ වලින් අවශ්‍ය වන කාබනික සංයෝගයකි

2.

ජීවීන්ගේ ප්‍රධාන කාබනික සංයෝග හතරෙහි අඩංගු මූලද්‍රව්‍ය නිවැරදිව දක්වා නොමැත්තේ,

a)

කාබෝහයිඩ්‍රේට් - C, H, O

b)

ලිපිඩ - C, H, O

c)

ප්‍රෝටීන - C, H, O, S ඇතැම් විට N

d)

න්‍යෂ්ටික අම්ල - C, H, O, N, P

3.

අසත්‍ය ප්‍රකාශය / ප්‍රකාශ තෝරන්න

a. ස්වභාවිකව පවතින මූලද්‍රව්‍ය 92න් එහි 25ක් පමණ ජීවී දේහ තුළ අඩංගු වේ

b. ස්කන්ධය අනුව වැඩිම ප්‍රතිශතයක් අඩංගු මූලද්‍රව්‍ය කාබන් වේ

c. ජීවී දේහය තුළ හතරෙන් තුනක් පමණ ජලය අඩංගු වේ

d. සියලු මොනොසැකරයිඩ පැණිරසය

a)

a, b

b)

b, c

c)

a, b, c

d)

b, c, d

4.

අසත්‍ය ප්‍රකාශය තෝරන්න

a)

එළකිරිවල ලැක්ටෝස් ප්‍රතිශතයට වඩා මව්කිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය ස්වල්පයක් වැඩිය

b)

ශාකවල නොමැති එකම සීනි වර්ගය ලැක්ටෝස්ය

c)

සියලුම ඩයිසැකරයිඩ පැණිරසය

d)

පොලිසැකරයිඩ ජල විච්ඡේදනය වීමෙන් මොනොසැකරයිඩ සෑදේ

5.

ජලයේ සුවිශේෂී ගුණය සහ එය ජීවය පවත්වා ගැනීමට ඇති දායකත්වය නිවැරදිව දක්වා නොමැත්තේ කුමණ ප්‍රකාශනයේද?

a)

සිසිලන කාරක ගුණය - දේහ උෂ්ණත්වය යාමනයට

b)

සන්ශක්ති ආශක්ති බල - බහිශ්‍රාවී ඵල පිටකිරීම පහසු වේ

c)

ද්‍රාවක ගුණය - ජලජ ජීවීන්ට ශ්වසනයට

d)

ජලය මිදීමේදී සිදුවන අසමාකාරී ප්‍රසාරණය - අයිස් ජලය මත පාවේ

6.

මානව දේහය තුළ පහත කාර්යභාර වලට අවශ්‍ය ඛනිජ ලවන අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක්ද?

a. ස්නායූ ආවේග සම්ප්‍රේෂණය

b. හිමොග්ලොබීන් සංස්ලේෂණය

c. තෛයිරොක්සීන් හෝමෝනය නිපදවීම

d. රුධිරය කැටි ගැසීම

a)

සෝඩියම්, කැල්සියම්, අයඩීන්, යකඩ

b)

සෝඩියම්, යකඩ, අයඩීන්, කැල්සියම්

c)

පොටෑසියම්, යකඩ, අයඩීන්, යකඩ

d)

පොටෑසියම්, අයඩීන්, කැල්සියම්, යකඩ

7.

පහත කාබනික සංයෝග අතරින් ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියකරන්නේ මොනවාද?

a. කාබෝහයිඩ්‍රේට්

b. ලිපිඩ

c. ප්‍රෝටීන

d. න්‍යෂ්ටික අම්ල

a)

a

b)

a, b, d

c)

a, b, c

d)

a, b, c, d

8.

එක්තරා ආහාර සාම්පලයක අඩංගු කාබෝහයිඩ්‍රේට වර්ගය සොයාගැනීමට පහත පරීක්ෂණය සිදුකරන ලදි.

ආහාර සාම්පලයෙන් ද්‍රාවණයක් සාදාගෙන පරීක්ෂණ නලයකට ස්වල්පයක් එක්කිරීම

තනුක H2SO4 බිංදු කීපයක් දමා රත්කිරීම

ඉන්පසුව බෙනඩික්ට් ද්‍රාවණයෙන් ස්වල්පයක් එක් කිරීම

ගඩොල් රතු අවක්ශේපයක් ඇතිවීම

එහි අඩංගු සීනි වර්ගය විය හැක්කේ?

a)

පිෂ්ඨය

b)

සුක්රෝස්

c)

ග්ලූකෝස්

d)

ගැලැක්ටෝස්

9.
a)

ග්ලූකෝස්, මෝල්ටෝස්

b)

ග්ලූකෝස්, සෙලියුලෝස්

c)

ෆ්රැක්ටෝස්, පිෂ්ඨය

d)

ෆ්රැක්ටෝස්, ග්ලයිකෝජන්

10.

ශාකවල ලපටි පත්‍රවල හරිතක්ෂය ඇත්වන්නේ කුමන කනිජ ලවණය / ලවණ අඩුවීම නිසාද?

a)

N හා Fe

b)

N හා S

c)

S පමණි

d)

Fe පමණි

11.

නියුක්ලෙයික් අම්ල පිළිබඳව අසත්‍ය වගන්තිය තෝරන්න.

a)

තැනුම් ඒකකය නියුක්ලියෝටයිඩ නම් වේ

b)

ස්වභාවික බහුඅවයවකයකි

c)

ප්‍රවේණික තොරතුරු ගබඩා කරයි

d)

C, H, O හා N යන මූලද්‍රව්‍ය පමණක් අඩංගු වේ

12.

මලබද්ධය වළක්වා ගැනීමට උපකාරී වන්නේ ශාක සෛලවල අඩංගු වන කුමන පොලිසැකරයිඩයද?

a)

පිෂ්ටය

b)

ග්ලයිකොජන්

c)

සෙලියුලෝස්

d)

ලැක්ටෝස්

13.

න්‍යෂ්ටික අම්ලවල කාර්යයක් නොවන්නේ පහත කවරක්ද?

a)

ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරිම

b)

ප්‍රෝටීන සංස්ලේෂණයට දායක වීම

c)

සෙලයේ සිදුවන ක්‍රියාවලි පාලනය කිරීම

d)

දේහ උෂ්ණත්වය පවත්වාගෙන යෑම

14.

අමාලිගේ සම වියළි වන අතර ඇගේ වැලමිටල දනහිස ආදී ස්ථානවල කටු වැනි බිබිළි මතුවී ඇත. තවද ඇයගේ ඇස්වල බීටෝ ලප ඇත. අමාලි පෙළෙනුයේ පහත සඳහන් කුමන විටමිනයේ ඌනතාවයෙන්ද?

a)

විටමින් A

b)

විටමින් B

c)

විටමින් C

d)

විටමින් D

15.

අයඩිනිකෘත ලූණු භාවිත කිරීමෙන් කුමන තත්ත්වයක් වළක්වා ගත හැකි ද?

a)

දියවැඩියාව

b)

ගලගණ්ඩය

c)

සමේ රෝග

d)

හෘද රෝග