Worksheetsපදාර්තයේ ව්‍යූහය
Total questions: 10
Worksheet time: 8mins
පරමාණුව පිළිබද ග්‍රහ ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ,
ජේ.ජේ, තොම්සන්
අර්නස්ට් රදර්ෆඩ්
නීල්ස් බෝර්.
ජෝන් ඩෝල්ටන්.
මූලද්‍රව්‍ය පරමාණුවක අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව එහි,
සංයුජතාවයයි.
ස්කන්ද ක්‍රමාංකයයි.
පරමාණුක ක්‍රමාංකයයි.
ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි.
එකම මූලද්‍රව්‍යක ඇති වෙනස් ස්කන්ද ක්‍රමාංක සහිත පරමාණු,
සමස්තානික නම්වේ.
පරමාණුක ක්‍රමාංක නම්වේ.
ඉලෙක්ට්‍රෝන වින්‍යාස නම්වේ,
ලෝහාලෝහ නම්වේ.
ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍ය විස්ස අතුරින්, ලෝහාලෝහ වනුයේ,
C සහ Si
Al සහ si
B සහ C
B සහ .Si
ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍ය 20 අතුරින් විද්‍යුත් ඍණතාවය වැඩිම මූලද්‍රව්‍ය,
Ar.
Cl
F
o
විද්‍යුත් ඍණතාවය සදහා පෝලිං පරිමාණයේ අගයක් දී නොමැති මූලද්‍රව්‍ය අඩංගු වන්නේ ආවර්තිතා වගුවේ කුමන කාණ්ඩයටද?
1 කාණ්ඩයටය.
2 කාණ්ඩයටය.
7 කාණ්ඩයටය.
8 කාණ්ඩයටය
ආවර්තිතා වගුවේ මුල් මූලද්‍රව්‍ය 20 අතුරින් පළමු අයනීකරණ ශක්තිය වැඩිම මූලද්‍රව්‍ය
හීලියම්
ආගන්
නියෝන්
ක්ලෝරීන්
පළමු අයනීකරණ ශක්තිය හා විද්‍යුත් ඍණතාවය අඩුම මූලද්‍රව්‍ය,
සෝඩියම්
පොටෑසියම්
කැල්සියම්
ලිතියම්
උභයගුණි ඔක්සයිඩයක් වනුයේ,
සෝඩියම් ඔක්සයිඩ්
මැග්නීසියම් ඔක්සයිඩ.
ඇලුමිනියම් ඔක්සයිඩ්
කැල්සියම් ඔක්සයිඩ්
පහත සංයෝග අතුරින් ආම්ලික ඔක්සයිඩයක් වනුයේ,
සල්ෆර් ඩයොක්සයිඩ්
සෝඩියම් ඔක්සයිඩ්
පොටෑසියම් ඔක්සයිඩ්
ඇලුමිනියම් ඔක්සයිඩ්
