wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

10 ව්‍යාකරණ

Total questions: 15

Worksheet time: 3mins

Name
Class
Date
1.

අක්ෂර මාලාව ප්‍රධාන කොටස් දෙක වන්නේ

a)

හ්‍රස්ව - දීර්ඝ

b)

අල්පප්‍රාණ - මහාප්‍රාණ

c)

ස්වර - ව්‍යංජන

2.

අල්පප්‍රාණ අක්ෂර ගණන වන්නේ

a)

05

b)

10

c)

20

3.

අක්ෂර මාලාවේ ස්වර ගණන වන්නේ

a)

42

b)

12

c)

18

4.

සංයුක්ත අක්ෂර කාණ්ඩය වන්නේ

a)

ඔ,ඕ, උ, ඌ

b)

එ, ඔ, ඓ, ඖ

c)

අ, ආ, ඇ, ඈ

5.

ව්‍යංජන අක්ෂර ගණන වන්නේ

a)

43

b)

18

c)

42

6.

"සරුංගලය" යන පදයේ 'රු' අකුරේ ඇති පිල්ලම වන්නේ

a)

ඇලපිල්ල

b)

ඇදපිල්ල

c)

පාපිල්ල

7.

"ගස" සහ "කුරුල්ලා" යන පදවල ප්‍රකෘති වන්නේ

a)

ගස සහ කුරුල්ල

b)

ගස් සහ කුරුලු

c)

ගසක් සහ කුරුල්ලෙක්

8.

පුදා, පුදමින්, පුදනු යන පද අයත් ක්‍රියා වර්ග වන්නේ

a)

පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, විධි ක්‍රියා

b)

මිශ්‍ර ක්‍රියා, පූර්ව ක්‍රියා, විධි ක්‍රියා

c)

පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, ආශීර්වාද ක්‍රියා

9.

" කළහොත් "යන පදය අයත් ක්‍රියා වර්ගය වන්නේ

a)

කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා

b)

අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා

c)

අපර ක්‍රියා

10.

අපර ක්‍රියාවකට උදාහරණයක් වන්නේ

a)

කරද්දී

b)

නටනු

c)

බලනුව

11.

ප්‍රයෝජ්‍ය ක්‍රියාවකට උදාහරණයක් වන්නේ

a)

කරයි

b)

නැටේවා

c)

දුවවයි

12.

උපසර්ග පදයක් නොයෙදුණු පද පේළිය වන්නේ

a)

නිමල, විමල, අමිල

b)

සයන, සහන, අමන

c)

අවමන්, අභිමානය, වර්ධනය

13.

නිපාත පද පේළිය වන්නේ

a)

අනේ, අපොයි, පනේ

b)

කොච්චර, මෙච්චර,සොච්චම

c)

වැලිදු, යලිත්, නැවත

14.

" ජනිත් මල් කඩයි " යන වාක්‍ය කර්මකාරකයට හැරවූ පසු

a)

ජනිත් විසින් මල් කඩනු ලබයි

b)

ජනිත් විසින් මල් කඩනු ලැබුවේය

c)

ජනිත් විසින් මල් කඩන ලදී.

15.

" උත්තම " යන පදයේ විරුද්ධාර්ථ පදය වන්නේ

a)

පහත්ම

b)

නීචම

c)

අධම