WorksheetsMCQ Hunter with MA
Total questions: 15
Worksheet time: 13mins
කිසියම් නිශ්චිත කාල පරිච්ජේදයක් තුළ මුළු වත්කම් රු. 6000කින් අඩු වුයේ නම් සහ ප්‍රාග්ධනය රු. 12000කින් වැඩි වූයේ නම් එම කාලපරිච්ජේදය තුළදී මුළු වගකීම් වෙනස් වූ ප්‍රමාණය හා ආකාරය (වැඩිවීම හෝ අඩුවීම) කුමක්ද?
මුළු වගකීම් රු. 6000කින් අඩුවේ.
මුළු වගකීම් රු. 6000කින් වැඩිවේ.
මුළු වගකීම් රු. 18000කින් වැඩිවේ.
මුළු වගකීම් රු. 18000කින් අඩුවේ.
මුළු වගකීම් වල කිසිදු වෙනසක් ඇති නොවේ.
"ඓතිහාසික පිරිවැය " සංකල්පයෙන් පැහැදිලි කරන්නේ මින් කවර ප්‍රකාශයද?
මූල්‍යමය දත්ත, වර්ෂයක් වැනි කෙටි කාලයක් සඳහා වාර්තා කළ යුතුය.
අත්පත් කරගත් පිරිවැය, වත්කම් වාර්තා ගත කිරීම සඳහා යෝග්‍ය පදනමකි.
විකුණූ භාණ්ඩවල හිමිකම පැවරුණු අවස්ථාවේ අයභාරය ඉපැයු ලෙස සැලකිය යුතුය.
ගිණුම්කරණ මැනීමේ පොදු මාධ්‍යය ලෙස මෙ පිරිවැය භාවිතා කරනු ලැබේ
කාලච්ජේදයෙන් කාලච්ජේදයට එකම ගිණුම් කරණ මූලධර්මයක් යොදා ගැනීම.
මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය එකිනෙකින් වෙනස් වීමට තුඩු දෙන සාධක ඇතුළත් කාණ්ඩය තොරන්න.
නෛතික අවශ්‍යතාවය / තොරතුරු භාවිතාකරන පාර්ශවයන් / වටිනාකම මැනිමේ මිනුම් දණ්ඩ /තොරතුරු අඳාල වන කාලය.
නෛතික අවශ්‍යතාවය / තොරතුරු අඳාල වන කාලය / පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම භාවිතය / මූලික අරමුණු.
වාර්තාකරන කාලජේදය / තොරතුරු වාර්තා කරන කාල අන්තරය / තොරතුරු බිහි කිරීමට දායක වන ගණුදෙනු / නෛතික අවශ්‍යතාවය.
තොරතුරු වල ස්වභාවය/ වාර්තාකරන කාලය / තොරතුරු වල වැදගත්කම / පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම
නෛතික අවශ්‍යතාවය/ පොදුවේ පිළිගත් මූලධර්මවල බලපෑම / තොරතුරු අඳාල වන කාලය / තොරතුරු වාර්තාකරන කාලච්ජේදය.
කාලචිජේද සංකල්පය පැහැදිලි කරන ප්‍රකාශය වන්නේ පහත සඳහන් ප්‍රකාශ වලින් කවරක්ද?
අදාළ බව, විශ්වාසදායි බව, අපක්ෂපාති බව සන්සන්දනය කළ හැකි බව ය.
මූල්‍යමය දත්ත, වර්ෂයක් වැනි කෙටි කාලයක් සඳහා වාර්තා කළ යුතු බවය.
අත්පත් කරගත් පිරිවැය වත්කම් වාර්තාගත කිරීම සඳහා යෝග්‍ය පදනමක් බවය.
විකුණූ භාණ්ඩවල හිමිකම පැවරුණු අවස්ථාවේ අයභාරය ඉපැයූ ලෙස සැලකිය යුතුය.
ගිණුම්කරණ මැනීමේ පොදු මාධ්‍යය ලෙස මූල්‍යය ඒකකය භාවිතාකරනු ලබන බවය.
2012 වර්ෂය සදහා ශුද්ධ ලාභය හෝ පාඩුව සොයන්න.
රු.11,000,000 ලාභය
රු. 2,000,000 පාඩුව
රු.2,000,000 ලාභය
රු. 500,000 පාඩුව
රු.2,100,000 ලාභය
පහත සදහන් ප්‍රකාශ අධ්‍යනය කරන්න.
1. මූලධර්ම දෝෂයක් ශේෂ පිරික්සුම තුලනය වීමට බලපායි.
2. අත්හැරිම් දෝෂයක් (error of omission) ශේෂ පිරික්සුම තුලනය වීමට බල නොපායි.
ඉහත කී ප්‍රකාශ දෙකෙන්,
1 හා 2 යන දෙකම වැරදිය
1 හා 2 යන දෙකම නිවැරදිය
1 නිවැරදිය 2 වැරදිය
1 වැරදිය 2 නිවැරදිය
කිසිවක් ප්‍රකාශ කල නොහැකිය
තනි ව්‍යාපාරිකයෙක්, සිය ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් ඔහුගේ ව්‍යාපාරික ආදායම සදහා බදු ගෙවීම.
වෙළෙද ගිණුමට හර කළ යුතුය.
ලාභ ලාභ ගිණුමට හර කළ යුතුය.
අයිතිකරුගේ ගැණිලි ගිණුමට හර කළ යුතුය.
ආදායම් බදු ගිණුමට හර කළ යුතුය.
ගැණිලි ගිණුමට බැර කළ යුතුය.
˝හෙල්ප්-ඕල්” පුන්‍ය ආයතනයකි.
2018/2019 මුදල් වර්ෂය තුල ආයතනයට මුදලින් මෙන්ම, විශේෂ පරිත්‍යාග ද ලැබුණි. මුදල් හා විශේෂ පරිත්‍යාග ලැබීම් සටහන් කිරීමට අවශ්‍ය මූලික පොත් වන්නේ:
මුදල් ලැබීම් ලේඛණයේ පමණි.
මුදල් ලැබීම් ලේඛණය, මිලට ගැනීමේ ජ'නලය, විකුණුම් ජ'නලය
මුදල් ලැබීම් ලේඛණය හා පොදු ජ'නලය
මුදල් ලැබීම් ලේඛණය හා ආධාර ලැබීම් ගිණුම.
සුළු මුදල් ගෙවීම් ලේඛණය සහ පොදු ජ'නලය
සමාගමක් රු.100,000 වටිනාකමක් දැක්වූ භාණ්ඩ තොගයක් ගණුදෙනුකරුවකුට රු.20% වෙළද වට්ටමකට යටත්ව හා 12% ක VAT අනුපාතයකට යටත්ව ණයට විකුණන ලද අතර තබන ලද ද්විත්ව සටහන වූයේ රු.100,000 ක් ණයගැති ගිණුම හරකර විකුණුම් ගිණුමට බැර කිරීමයි. මෙම වරද නිවැරදි කිරීමට කළ යුතු සටහන් වන්නේ,
බැරකමක් ලක්ෂණයක් නොවන්නේ,
වර්තමාන බැදීමක් පැවතීම
අතීත සිද්ධියක ප්‍රතිඵලයක් සේ පැන නැගීම
මුදල් ගෙවා නිදහස් කළ යුතු වීම
නිරවුල් කිරීමේදී සම්පත් බැහැරට ගලායාම.
ව්‍යාපාරයේ පැවැත්මට හානියක් නොවීම.
T ගිණුමක හර පාදයක් හා බැර පාදයක් පිළිවෙලින්,
වත්කමක වැඩිවීමක් හා බැරකමක වැඩිවීමක් නිරූපනය කළ හැකිය.
වත්කමක අඩුවීමක් අදායමක වැඩිවීමක් නිරූපනය කළ හැකිය.
වියදමක වැඩිවීමක් හා ප්‍රාග්ධනයේ අඩුවීමක් නිරූපණය කළ හැකිය.
වත්කමක අඩුවීමක් හා ප්‍රාග්ධනයේ වැඩිවීමක් නිරූපණය කළ හැකිය.
වියදමක වැඩිවීමක් හා බැරකමක අඩුවීමක් නිරූපනය කල හැකිය.
චමල්ගේ ව්‍යාපාරයේ පොත්වලින් 2017/2018 වර්ෂයේ සම්පුර්ණයෙන්ම බොම්ණය වශයෙන් කපාහරින ලද රු.80,000/- ක මුදලක් 2018/2019 වර්ෂයේදී ණය ගැතියා විසින් චමල්ගේ ව්‍යාපාරයට ගෙවා ඇත. මෙම කපා හැරි බොල් ණය ආපසු ලැබීමේ ගණූදෙනුව හේතුවෙන් ගිණුම්කරණ සමීකරණයේ වෙනස්වීමට භාජනය වන්නේ කිනම් මූලිකාංගයද?
වත්කම් පමණි
වත්කම් හා බැරකම්
වත්කම් හා ප්‍රාග්ධනය
ප්‍රාග්ධනය පමණි
වත්කම් හා ලාභයට පමණි.
වසරකට වඩා භාවිතයට ගත හැකි වුවත් සුළු උපකරණවල පිරිවැය ඒවා මිලදී ගත් වර්ෂය තුළදී සම්පූර්ණයෙන්ම ලාභාලාභ ගිණුමට කපා හරිනු ලබයි. මෙම ගිණුම්කරණ පිළිවෙත කුමන ගිණුම්කරණ සංකල්පයට අනුකූල වේද?
විචක්ෂණබව
ගැලපුම්
කාලච්ජේද
ප්‍රමාණාත්මකබව
උපචිත
2009.04.01 දින සමාගමක් රු. 800 000 කට උපකරණ ණයට අත්පත්කර ගන්නා ලදී. මෙම උපකරණ 2010.03.31. දිනෙන් අවසන් වර්ෂය සඳහා පිරිවැය මත 10% ක් ක්ෂය කරන ලදී. මෙම ගනුදෙනුවල බලපෑම පහත සඳහන් කුමන සමීකරණය මඟින් පෙන්නුම් කරයිද?
+ 800 000 (වත්කම්) = +880 000 (වගකීම්) - 80 000 (හිමිකම්)
+ 800 000 (වත්කම්) = +720 000 (වගකීම්) - 80 000 (හිමිකම්)
+720 000 (වත්කම්) = +800 000 (වගකීම්) - 80 000 (හිමිකම්)
+720 000 (වත්කම්) = +720 000 (වගකීම්)
+720 000 (වත්කම්) = +720 000 (හිමිකම්)
ආයතනයක් සුළු මුදල් අග්‍රීම ක්‍රමය අනුගමනය කරයි. සෑම මසකම අවසානයේදී සුළු මුදල් ප්‍රතිපූර්ණය කරනු ලබයි. 2020.02.28 සුළු මුදල් භාරකරු සතුව රු. 1 200 ක මුදලක් පැවතුණු අතර 2020.03.31 දිනට ඔහු සතුව පැවති මුදල රු. 1 500 කි. පෙබරවාරි මාසය තුළ දී සුළු මුදල් භාරකරු විසින් කරන ලද සුළු මුදල් වියදම් ප්‍රමාණය රු. 5 600 කි. මාර්තු මස සුළු මුදල් අග්‍රීමය රු. 500 කින් ඉහළ දැමීමට ආයතනය තීරණය කරන ලදී. 2020.04.01 දින ප්‍රතිපූර්ණය කළ යුතු මුදල කොපමණද?
රු. 5 600 කි.
රු. 5 800 කි
රු. 5 900 කි
රු. 6 100 කි.
රු. 6 400 කි.
