wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Test Quiz

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් නොවන්නේ,

a)

මතක කළමනාකරණය

b)

උපාංග කළමනාකරණය

c)

ජාල කළමනාකරණය

d)

ක්‍රියායන කළමනාකරණය

e)

අන්තර්ජාල පිවිසීම කළමනාකරණය

2.

මෙහෙයුම් පද්ධති වර්ග ලෙස හඳනාගත හැක්කේ,

a)

ඒක පරිශීලක - ඒක කාර්යය

b)

ඒක පරිශිලක - බහු කාර්යය

c)

බහු සම්බන්ධක

d)

බහු පරිශිලක - ඒක කාර්යය

e)

තථ්‍ය කාල

3.

ස්වයංක්‍රීය මුදල් ලබාගැනීමේ පද්ධතියක් (ATM) සඳහා වඩාත්ම සුදුසු මෙහෙයුම් පද්ධති (Operating System) වර්ගය වන්නේ,

a)

ඒක පරිශිලක - ඒක කාර්යය (Single User - Single Task)

b)

බහු සම්බන්ධක (Multi Threading)

c)

තථ්‍ය කාලීන (Real Time)

d)

බහු පරිශිලක - බහු කාර්යය (Multi User - Multi Task)

e)

ඒක පරිශිලක - බහු කාර්යය (Single User - Multi Task )

4.

1. පරිගණකය පන ගැන්වීමේදී ROM තුල ඇති .............. ක්‍රියාත්මකවේ. හිස්තැනට ආදාල වන්නේ

a)

මෙහෙයුම් පද්ධතිය( os)

b)

මෘදුකාංගය ( software)

c)

ස්ථිරාංග ( firmware)

d)

ජීවාංග ( Liveware)

e)

දෘඩාංග ( hardware)

5.

ක්‍රියායන තත්ත්ව අවස්ථා අනුව ධාවන තත්ත්වයේ පවතින ක්‍රියායනයක් පත්විය හැක්කේ,

a)

රැඳී සිටීම හෝ සූදානම් හා නව තත්ත්ව

b)

රැඳී සිටීම හෝ සූදානම් හා අවහිර කළ තත්ත්ව

c)

ප්‍රතිහරණය කළ හා රැඳී සිටින හා රැඳී සිටීම හෝ සූදානම් තත්ත්ව

d)

අවහිර කළ හා නව තත්ත්ව

e)

ප්‍රතිහරණය කළ හා රැඳී සිටින හා අවසන් කළ තත්ත්ව

6.

ක්‍රියායන පාලන කාණ්ඩය තුළ අන්තර්ගත නොවන තොරතුරක් වන්නේ,

a)

ක්‍රියායනය හඳුනා ගැනීමේ අංකය

b)

රෙජිස්තරවල අන්තර්ගතයන්

c)

ආදාන/ප්‍රතිදාන තොරතුරු

d)

වැඩසටහන් ගණකය

e)

ක්‍රියායන උපදෙස්

7.

නව තත්ත්වයේ පවතින ක්‍රියායනයක් සූදානම් තත්ත්වයට පත් කිරීම සඳහා භාවිත වන නියමකරණය වන්නේ,

a)

දිගු කාලීන නියමකරණය (Long Term Scheduler)

b)

කෙටි කාලීන නියමකරණය (Short Term Scheduler)

c)

මධ්‍ය කාලීන නියමකරණය (Mid Term Scheduler)

d)

ඉතා දිගු කාලීන නියමකරණය (Very Long Term Scheduler)

e)

ඉතා කෙටි කාලීන නියමකරණය (Very Short Term Scheduler)

8.

ක්‍රියායන නියමකරණ ඇල්ගොරිතම අතරින් වඩාත්ම සරලම ක්‍රියායන නියමකරණ ඇල්ගොරිතමය කුමක්ද?

a)

කෙටිම කාර්යය පළමුව සිදු කිරීම (Shortest Job First - SJF)

b)

පළමුව පැමිණිමට පළමුව සේවය ලබා දීම (First Come First Serve - FCFS)

c)

රවුන්ඩ් රොබින් (Round Robin)

d)

ප්‍රමුඛතාව පාදක (Priority Base)

e)

කාල විභජන (Time Sharing)

9.

සකසනයක් 01101110101010 ක අතත්‍ය රූපි මතක යොමුවක් නිර්මාණය කරන අතර එහි පිටු යොමුවේ විශාලත්වය බිටු 5කි. ඒ අනුව එහි විස්ථාපනය සඳහා භාවිත වන බිටු ගණන වන්නේ,

a)

10

b)

9

c)

8

d)

7

e)

11

10.

පරිගණක සකසනයක් බිටු 32 ක අතත්‍ය මතක අවකාශයකින් යුක්ත වන අතර එහි පිටු යොමුව සඳහා වෙන් කරන ලද බිටු ගණන බිටු 6කි. එසේනම් මෙහිදී නිර්මාණය කළ හැකි පිටු ගණන වන්නේ,

a)

32

b)

64

c)

128

d)

16

e)

256