wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

මිනුම් හා ඇගයුම්

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ශිෂ්‍ය ප්‍රාප්ති මට්ටම් ඇගයීම සඳහා මිනුමට ලක් කළ යුතු මූලික ක්ෂේත්‍ර කීයද?

a)

2

b)

5

c)

4

d)

3

2.

විෂය ක්ෂේත්‍රයක ශිෂ්‍යාගේ දැනුම හා දැනුම පදනම් කරගත් බුද්ධිමය හැකියා සමූහයක් ලෙස අර්ථ දැක්වෙන්නේ කුමක්ද?

a)

ආවේදන ක්ෂේත්‍රය

b)

මනෝචාලක ක්ෂේත්‍රය

c)

සමාජීය කුසලතා

d)

ප්‍රජානන ක්ෂේත්‍රය

3.

බී.එස් බ්ලූම් විසින් ප්‍රජානන ක්ෂේත්‍රය හා සම්බන්ධ අධ්‍යාපන අරමුණු වර්ගීකරණයකක් සිදු කර ඇත්තේ කිනම් වර්ෂයේද?

a)

1999

b)

1956

c)

1898

d)

1992

4.

පහත කරුණු අතරින්ම නෝ චාලක ක්ෂේත්‍රයේ ඉගෙනුම් ඵල වර්ගීකර⁣ණයට අදාළ කරුණක් වන්නේ මින් කුමක්ද?

a)

සංජානනය

b)

ඉවසීම

c)

ග්‍රහණය

d)

ප්‍රතිචාරය

5.

අවබෝධය ඇති වන්නේ කුමක් පදනම් කරගෙනද?

a)

දැනුම

b)

ආකල්ප

c)

කුසලතා

d)

භාවිතය

6.

පෞරුුෂ කුසලතා සම්බන්ධයෙන්,

"ඒ ඒ පුද්ගලයාට සුවිශේෂ වූ පරිසරයට අනුව පුද්ගලයාගේ චර්යාව හා චින්තනය නියත කරනු ලබන පුද්ගලයා තුළම පවතින්නා වූ මනෝභෞතික පද්ධතීන්ගේ ගතික සංවිධානය පෞරුෂය නම් වේ."යන නිර්වචනය ඉදිරිපත් කළේ කවුරුන්ද?

a)

ඊ.ජේ.සිම්ප්සන්

b)

ඩී.ආර්.ක්‍රැත්වෝල්

c)

ලොරිස් ඇන්ඩර්සන්

d)

ගෝල්ඩන් ඕල්පොට්

7.

පහත දැක්වෙන කරුණු අතරින් වාස්තවික පරීක්ෂණයක වාසියක් නොවන්නේ මින් කුමක්ද?

a)

පිළිතුරු පරීක්ෂා කිරීම හෙවත් ලකුණු පැවරීම පුද්ගල බද්ධ නොවීම.

b)

ලකුණු පැවරීම උපරිම විශ්වාසයකින් යුතු වීම.

c)

පිළිතුරු පත් ලකුණු කිරීමට විෂය ප්‍රවීණයන් අවශ්‍ය නොවීම.

d)

පිළිතුරු අනුකරණය බහුල වීම.

8.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය යන්න හඳුන්වනු ලබන්නේ,

1.) නේටෝ යනුවෙනි

2.) යුනිසෙෆ් යනුවෙනි

3.) යුනෙස්කෝ යනුවෙනි

4.) උන්ක්ඩාඩ් යනුවෙනි

මෙම ප්‍රශ්නය අයත් ප්‍රශ්න වර්ගය කුමක්ද?

a)

ප්‍රතිශේධාත්මක වර්ගය

b)

අසම්පූර්ණ ප්‍රකාශන වර්ගය

c)

හොඳම පිළිතුරු වර්ගය

d)

රචනා ප්‍රශ්න වර්ගය

9.

ගුණාත්මක පරීක්ෂණ උපකරණයක තිබිය යුතු ලක්ෂණයක් නොවන්නේ මින් කුමක්ද?

a)

විශ්වස්‍යතාව

b)

වලංගුතාව

c)

ප්‍රායෝගික බව

d)

සමායෝගය

10.

පරීක්ෂණයක විශ්වස්‍යතාව මැන බැලීමට යොදා ගන්නා ශිල්ප ක්‍රම කීයද?

a)

3

b)

2

c)

5

d)

4