wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Agro-Trivia'21

Total questions: 15

Worksheet time: 5mins

Name
Class
Date
1.

දිවයිනේ වැඩිම වැඩිම වැව් ප්‍රමාණයක් ඇති දිස්ත්‍රික්කය වනුයේ,

a)

අනුරාධපුර

b)

මඩකලපුව

c)

පොළොන්නරුව

d)

අම්පාර

2.

රජරට වාරි ශිෂ්ටාචාරය තුළ ඉදි කරන ලද විශාලතම වැව වනුයේ,

a)

පාරාක්‍රම සමුද්‍රය

b)

මින්නේරිය වැව

c)

කලා වැව

d)

සේනානායක සමුද්‍රය

3.

ශ්‍රී ලංකාවේ ජාතික පැළෑටි නිරෝධායන සේවය පිහිටුවා ඇත්තේ,

a)

ගන්නෝරුවේ ය.

b)

පොළොන්නරුවේ ය.

c)

කටුනායක ය.

d)

මහඉලුප්පල්ලමේ ය.

4.

පරිසරයට හානිදායක කර්මාන්ත ආරම්භ කිරීමට ප්‍රථම අවශ්‍ය පරිසර බලපෑම් පිළීබඳ ඇගයීම් වාර්තාව හා අනුමැතිය ලබා ගත යුතු ආයතනය වන්නේ,

a)

මධ්‍යම පරිසර අධිකාරිය

b)

වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුව

c)

සංචාරක දෙපාර්තමේන්තුව

d)

වන ජීවී අමාත්‍යංශය

5.

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය හා සම්බන්ධ කෘත්‍රීම සිංචන මධ්‍යස්ථානය පිහිටා ඇති ස්ථානය වන්නේ,

a)

කුණ්ඩසාලේ ය.

b)

මහනුවර ය.

c)

ගන්නෝරුවේ ය.

d)

පේරාදෙණියේ ය.

6.

ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා දායකත්වය දක්වන ආයතනය වන්නේ,

a)

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යි.

b)

කෘෂිකාර්මික ගොවිජන රක්ෂණ මණ්ඩලය යි.

c)

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යි.

d)

කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව යි.

7.

කඩිනම් මහවැලි වැඩපිළිවෙළෙහි විශාලතම ජලශ යෝජනා ක්‍රමය වන්නේ,

a)

රන්දෙණිගල ය.

b)

මාදුරු ඔය ය.

c)

කොත්මලේ ය.

d)

වික්ටෝරියා ය.

8.

ශ්‍රී ලංකාවට ආනයනය කරන ප්‍රධාන ආහාර වර්ග අයත් කාණ්ඩය වන්නේ,

a)

තිරිඟු පිටි, සීනි සහ කිරිපිටි ය.

b)

සහල්, පොල්තෙල් සහ සීනි ය.

c)

සීනි, මිරිස් සහ කිරිපිටි ය.

d)

මුං ඇට, සහල් සහ සීනි ය.

9.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ,

a)

රෝමයේ ය.

b)

ලන්ඩන්හි ය.

c)

පැරිස්හි ය.

d)

ජිනීවාහි ය.

10.

සාමාජික රටවල ජනතාවගේ පෝෂණ මට්ටම හා ජීවන තත්ත්වය නංවාලීම සදහා පිහිටුවා ඇති අන්තර්ජාතික සංවිධානය වන්නේ,

a)

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය යි.

b)

යුනෙස්කෝ සංවිධානය යි.

c)

රතු කුරුස සංවිධානය යි.

d)

ලෝක ආහාර වැඩසටහන යි.

11.

ශ්‍රී ලංකාවේ මුළු කිරි අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය කරන ප්‍රමාණය දළ වශයෙන්,

a)

20% කි.

b)

15% කි.

c)

25% කි.

d)

30% කි.

12.

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල සහල් පරිභෝජනය,

a)

58kg කි.

b)

118kg කි.

c)

98kg කි.

d)

87kg කි.

13.

ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු කාර්‍යය සංවර්ධන යෝජනා ක්‍රමය වන්නේ,

a)

ගල්ඔය යෝජනා ක්‍රමය යි.

b)

කළු ගග යෝජනා ක්‍රමය යි.

c)

වලවේ ගග යෝජනා ක්‍රමය යි.

d)

පොල්ගොල්ල හැරවුම යි.

14.

ශ්‍රී ලංකාවේ වී වගාව සදහා ඉහළම දායකත්වයක් සපයන පළාත වනුයේ,

a)

උතුරු මැද ය.

b)

වයඹ ය.

c)

ඌව ය.

d)

උතුර ය.

15.

ලෝක කාලගුණික මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ,

a)

ජිනීවාහි ය.

b)

වොෂින්ටන්හි ය.

c)

ලන්ඩන්හි ය.

d)

රෝමයේ ය.