wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Agro-Trivia'21

Total questions: 15

Worksheet time: 5mins

Name
Class
Date
1.

වැඩිම වාෂ්පිකරණ ශ්‍රීඝ්‍රතාවයක් පවතින වේලාව වනුයේ,

a)

පෙ.ව. 8.00 වේ.

b)

පෙ.ව. 9.00 වේ.

c)

පෙ.ව. 10.00 වේ.

d)

‍ප.ව. 4.00 වේ.

2.

පුෂ්පීකරණය සදහා උෂ්ණත්වය බලපාන බෝගයක් වන්නේ,

a)

නිවිති වේ.

b)

වී වේ.

c)

බණ්ඩක්කා වේ.

d)

කැරට් වේ.

3.

මැටි ඛණිජ සෑදි ඇති මූලද්‍රව්‍ය වනුයේ,

a)

සෝඩියම් හා ඔක්සිජන් ය.

b)

සිලිකන් හා සෝඩියම් ය.

c)

ඇලුමිනියම් හා සිලිකන් ය.

d)

කැල්සියම් හා ඇලුමිනියම් ය.

4.

පාංශු වර්ණය නීර්ණය කිරීමට භාවිතා කරන මන්සල් වර්ණ සටහනේ ඇති ප්‍රධාන වර්ණ සංඛ්‍යාව වන්නේ,

a)

04 කි.

b)

05 කි.

c)

06 කි.

d)

07 කි.

5.

පාංශු වර්ණය නීර්ණය කිරීම සදහා යොදා ගනු ලබන්නේ,

a)

ක්ෂේත්‍ර ආතති මානය යි.

b)

රිපැට්ටෝ මීටරය යි.

c)

මන්සල් සටහන යි.

d)

BDH දර්ශකය යි.

6.

ආග්නේය පාෂාණ වර්ගයක් වනුයේ,

a)

ඩොලමයිට් ය.

b)

චානොකයිට් ය.

c)

කිරිගරුඩ ය.

d)

ස්ක්ලේට් ය.

7.

සම්මත පසක තිබිය යුතු වායු පරිමා ප්‍රතිශතය වන්නේ,

a)

05% කි.

b)

25% කි.

c)

10% කි.

d)

50% කි.

8.

ආම්ලික පසක වඩාත් හොදින් වැඩෙන බෝගයක් වනුයේ,

a)

උක් ය.

b)

කුරක්කන් ය.

c)

වී ය.

d)

තේ ය.

9.

වැලි පසක් ජනනය කෙරෙහි බලපාන මාතෘ පාෂාණය වන්නේ,

a)

ක්වෝර්ට්ස් ය.

b)

ග්‍රැනයිට් ය.

c)

නයිස් ය.

d)

මයිකා ය.

10.

පසක සත්‍ය ඝනත්වය වෙනස් වීමට හේතුවක් වී ඇත්තේ,

a)

පසේ වැලි ප්‍රතිශතය යි.

b)

පසේ සිදුරු අනුපාතය යි.

c)

පසේ නියැදි ලබා ගත් ආකාරය යි.

d)

පසේ ජල ප්‍රතිශතය යි.

11.

පහත සඳහන් බෝග අතරින් මාෂ බෝගයක් වන්නේ,

a)

රටකජු ය.

b)

මෙනේරි ය.

c)

වී ය.

d)

බඩ ඉරිඟු ය.

12.

පහත සඳහන් බෝග අතරින් ධාන්‍ය බෝගයක් වන්නේ,

a)

තන හාල් ය.

b)

උඳු ය.

c)

මුං ය.

d)

කව්පි ය.

13.

පහත දැක්වෙන කෘමීන් අතරින් ගබඩා පළිබෝධකයෙකු වන්නේ,

a)

රතු ගුල්ලා ය.

b)

කීඩෑවා ය.

c)

එපිලැක්නා ය.

d)

රතු කුරුමිණියා ය.

14.

ගසේ ඉදුණු පසු නෙලා ගත යුතු පලතුරු වර්ගයක් වනුයේ,

a)

මිදි ය.

b)

කෙසෙල් ය.

c)

අලිගැට පේර ය.

d)

අඹ ය.

15.

වැඩිම පසු අස්වනු හානියක් දැකිය හැකි එළවලුවක් වන්නේ,

a)

තක්කාලි ය.

b)

ලීක්ස් ය.

c)

බණ්ඩක්කා ය.

d)

මිරිස් ය.