wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Agro-Trivia'21 - Round 3

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.

ශ්‍රී ලංකාවේ රතු-දුඹුරු පස වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ,

a)

පහත රට වියළි කලාපයේ ය.

b)

පහත රට තෙත් කලාපයේ ය.

c)

මැදරට තෙත් කලාපයේ ය.

d)

මැදරට වියළි කලාපයේ ය.

2.

ශාක පෝෂණයේදී, කොබෝල්ට් හා සිලිකන් සලකන්නේ,

a)

හිතකර පෝෂක ලෙස ය.

b)

සචල පෝෂක ලෙස ය.

c)

ක්ෂුද්‍ර පෝෂක ලෙස ය.

d)

මහා පෝෂක ලෙස ය.

3.

පහත දැක්වෙන වාරි මාර්ග ජල සම්පාදන ක්‍රම අතුරෙන් ජලය වැඩිපුරම සං‍රක්ෂණය වන ක්‍රමය වනුයේ,

a)

බිංදු ජල සම්පාදනය යි.

b)

පිටාර ජල සම්පාදනය යි.

c)

බේසම් ජල සම්පාදනය යි.

d)

ඇලි ජල සම්පාදනය යි.

4.

ග්ලයිපොසේට් යනු,

a)

සංස්ථානික, වරණීය නොවන වල්නාශකයකි.

b)

ස්පර්ශ, වරණීය නොවන වල්නාශකයකි.

c)

ස්පර්ශ, වරණීය වල්නාශකයකි.

d)

සංස්ථානික, වරණීය වල්නාශකයකි.

5.

පලතුරු මැස්සා පාලනයට වඩාත් සුදුසු ක්‍රමය වන්නේ,

a)

පෙරමෝන උගුල් භාවිතය යි.

b)

ස්පර්ශ කෘමිනාශක ඉසීම යි.

c)

ආලෝක උගුල් භාවිතය යි.

d)

කොහොඹ නිස්සාරණය ඉසීම යි.

6.

බෝග ශාකවල වෛරස් රෝග සාර්ථකව පාලනය කළ හැක්කේ,

a)

පෙරමෝන උගුල් භාවිතය යි.

b)

ආසාදිත ශාක ක්ෂේත්‍රය ඉවත් කිරීම යි.

c)

රෝග ලක්ෂණ දැකීමෙන් පසු ගෙන්දගම් ඉසීමෙනි.

d)

රෝග ලක්ෂණ දැකීමෙන් පසු ස්පර්ශ කෘමිනාශක ඉසීමෙනි.

7.

තවාන්වල දියමලන් කෑමේ රෝගයට හේතුකාරක වනුයේ,

a)

දිලීරය කි.

b)

වෛරසය කි.

c)

ප්‍රොටොසෝවාවෙ කි.

d)

බැක්ටීරියාව කි.

8.

උත්ස්වේදනය ශාක වලට,

a)

සිසිල්ව පැවතීමට උපකාරී වේ.

b)

වායු හුවමාරුවට උපකාරී වේ.

c)

පෝෂක අවශෝෂණයට උපකාරී වේ.

d)

ශුන්‍ය පීඩනය පවත්වා ගැනීමට උපකාරී වේ.

9.

පලතුරු ඉදවීම සඳහා සුලබව යොදා ගන්නා ශාක වර්ධක යාමකය වන්නේ,

a)

Ethylene

b)

NAA

c)

GA3

d)

IAA

10.

C4 ශාකයට උදාහරණයක් වනුයේ,

a)

බඩ ඉරිඟු ශාකයකි.

b)

තක්කාලි ශාකයකි.

c)

බෝංචි ශාකයකි.

d)

වී ශාකයකි.

11.

එළදෙනකගේ ගර්භණී කාලය ආසන්න වශයෙන්,

a)

දින 280 යි.

b)

දින 210 යි.

c)

දින 310 යි.

d)

දින 380 යි.

12.

එන්සයිම ප්‍රතික්‍රියා නිසා ආහාර නරක් වීමට උදාහරණයක් වශයෙන්,

a)

පලතුරු මෘදු වීම.

b)

කිරි ඇඹුල් වීම.

c)

කිරි කැටි ගැසීම.

d)

පරණ මාළු වල දුර්ගන්ධය.

13.

ප්‍රාථමික බිම් සැකසීමේ ප්‍රධාන අරමුණ වනුයේ,

a)

පස බුරුල් කිරීම හා වල් පැළ පාලනය කිරීම යි.

b)

පස මට්ටම් කිරීම හා පාංශු ඛාදනය වැළැක්වීම යි.

c)

පස මට්ටම් කිරීම හා පසේ කඩෝර ස්ථරය කැඩීම යි.

d)

පාංශු ඛාදනය වැළැක්වීම හා වල් පැළ පාලනය කිරීම යි.

14.

උතුරු මැද පළාතේ මහවැලි පිටාර තැනිවල දක්නට ලැබෙන ස්වභාවික තණබිම් හඳුන්වන්නේ,

a)

විල්ලු ලෙසය.

b)

ලඳු කැලෑ ලෙසය.

c)

තෙත් පතන ලෙසය.

d)

සැවානා ලෙසය.

15.

පහත දිස්ත්‍රික්ක අතුරින් නිදැලි ක්‍රමය යටතේ කිරි ගව නිෂ්පාදනය සඳහා වැඩිම විභවය ඇති දිස්ත්‍රික්කය වනුයේ,

a)

කුරුණෑගල ය.

b)

යාපනය ය.

c)

අම්පාර ය.

d)

මාතර ය.