NEW
Font size
WorksheetsGrade 10 Test 8
Total questions: 20
Worksheet time: 30mins
පරිගණක පද්ධතිවල දත්ත මිනුම් ඒකක, ඒවායේ විශාලත්වයට අනුව ආරෝහණ පටිපාටියට දක්වන්නේ පහත කවරක් මගින්ද?
බිටුව, බයිටය, කිලෝබයිටය, ටෙරාබයිටය
බයිටය, බිටුව, කිලෝබයිටය, ටෙරාබයිටය
මෙගා බයිටය, කිලෝබයිටය, බිටුව, බයිටය
ටෙරාබයිටය, ගිගාබයිටය, මෙගාබයිටය, කිලෝබයිටය
මේස පරිගණකයක් තුළ පවතින ආචයන උපක්‍රම (storage devices), ඒවායේ ආචායන ධාරිතාවය අනුව අවරෝහණ පටිපාටියට දක්වන්නේ කුමකින් ද?
රෙජිස්තර (Registers), නිහිත මතකය (Cache Memory), දෘඪ ඩිස්කය
දෘඪ ඩිස්කය, සසම්භාවී මතක ප්‍රවේශය (RAM), රෙජිස්තර
සසම්භාවී ප්‍රවේශ මතකය, රෙජිස්තර, නිහිත මතකය
සසම්භාවී ප්‍රවේශ මතකය, නිහිත මතකය, දෘඪ ඩිස්කය
පරිගණක පද්ධතියක ද්විතීයික මතකය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවරක්ද?
A - පරිගණකය ක්‍රියා විරහිත කළ ද (switched off) දත්ත මැකී නොයයි.
B- ඝන අවස්ථා උපක්‍රම (solid state devices) ද්විතීයික මතකය සඳහා භාවිත කළ හැකි ය.
C - ද්විතීයික මතකය, CPU මතකයේ කොටසකි.
A හා B පමණි
A හා C පමණි
B හා C පමණි
A, B හා C සියල්ලම
පරිගණක පරම්පරා සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවර වගන්ති ද?
A - පළමු පරම්පරාවේ පරිගණකවල ට්‍රාන්සිස්ටර හඳුන්වා දී ඇත.
B - දෙවැනි සහ තුන්වෙනි පරිගණක පරම්පරා වල උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා භාවිත කර ඇත.
C - චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් (GUI) සහිත මෙහෙයුම් පද්ධති හතර වැනි පරම්පරාවේ පරිගණකවල භාවිත කර ඇත.
A හා B පමණී
A හා C පමණි
B හා C පමණි
A, B හා C සියල්ලම
කමලසිරි රජයේ වෙබ් නාමාවලිය සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොරට (http://www.gov.lk) ප්‍රවේශ වේ. කමලසිරි. ශ්‍රී ලංකා රජයේ අන්තර්ජාල බිහිදොරින් ලබා ගත්තේ පහත සඳහන් කුමන සේවාව ද?
G2B
G2C
G2E
G2G
පරිගණක පරිණාමයේදී වර්ධනය වූ ලක්ෂණය කුමක්ද?
සැකසුම් වේගය
තාප උත්පාදනය
විදුලි පරිභෝජනය
ප්‍රමාණය
ගණිතමය මෙහෙයුම් සිදු කරනු ලබන්නේ පරිගණකයේ කවර කොටසක් (Component) මගින් ද?
ප්‍රතිදාන මතකය
මධ්‍ය සැකසුම් ඒකකය
ආදාන ඒකකය
ද්වීතීක ආචයන ඒකකය
මධ්‍ය සැකසුම් ඒකකයෙහි අන්තර්ගත ඒකක වන්නේ,
පාලන ඒකකය, අංක ගණිත හා තර්කන ඒකකය, ආදාන ඒකකයයි.
ප්‍රතිදාන ඒකකය, අංක ගණිත හා තර්කන ඒකකය, මතක ඒකක
පාලන ඒකකය, අංක ගණිත හා තකන ඒකකය
පාලන ඒකකය, මතක ඒකකය, ප්‍රතිදාන ඒකකයයි.
පරිගණක පද්ධතියක මූලික සංරචකයක් නොවන්නේ පහත කුමක්ද?
මුද්‍රණ යන්ත්‍ර
ආදාන උපක්‍රම
මධ්‍යය සැකසුම් ඒකකය
ප්‍රතිදාන උපක්‍රම
ඵලදායී තොරතුරුවල ගුණාංගයක් නොවන්නේ පහත දැක්වෙන කුමක්ක්ද?
අදාළ බව
විශාල ප්‍රමාණයක් පැවතීම
විශ්වාසනීයත්වය
නිරවද්‍යතාව
පරිගණක මතක පිළිබඳව නිවැරදි ප්‍රකාශය තෝරන්න.
පඨන මාත්‍ර මතකය (ROM) ද්විතීක මතකයේ කොටසක් වේ
සසම්භාවී ප්‍රවේශ මතකය (RAM) සැකසීමට ඇති දත්ත රඳවා තබා ගනී.
මතක රෙජිස්තර භෞතිකව මව් පුවරුව මත ස්ථාන ගත කර ඇත.
සංඛ්‍යාංක බහු විධ තැටි (DVD) සහ සංයුක්ත තැටි (CD) චුම්භක (magnetic) මාධ්‍යය ලෙස වර්ගී කරණය කර ඇත.
සසම්භාවී ප්‍රවේශ මතකය (RAM) සහ දෘඪ ඩිස්කය (Hard disk) අතර වෙනස් කම් වන්නේ සසම්භාවී ප්‍රවේශ මතකය ..........A............. වන අතර දෘඪ ඩිස්කය ............B...........වීමයි.
හිස් තැන සඳහා සුදුසු පිළිතුරු වනුයේ
තාවකාලික, ස්ථිර
වේගයෙන් අඩු, වේගවත්
ස්ථිර, තාවකාලික
අභ්‍යන්තර, භාහිර
පහත සඳහන් ඒවායින් කුමන ආචයන උපාංගයක් ලිවීම හා කියවීම සඳහා චුම්භක ක්ෂේත්‍රයක් භාවිතා කරනු ලබයිද
දෘඩ තැටිය (Hard disk)
DVD ROM
සැණෙලි මතක ධාවකය (Flash Drive)
Blue Ray
දත්ත ස්ථිර වශයෙන් ආචයනය (store) කිරීම සඳහා පහත සඳහන් දෑ අතුරෙන් කවරක් භාවිත කළ නොහැකි වන්නේ ද?
දෘඪ ඩිස්කය
සසම්භාවී ප්‍රවේශ මතකය (RAM)
චුම්බක පටිය (Magnetic tape)
සැනෙලි මතකය (USB Flash Drive)
පරිගණක පද්ධතියක දී ඇති ආචයන (storage) සංරචක ඒවායේ ආචයන ධාරිතාවට අනුව අවරෝහණ පිළිවෙළට පහත සඳහන් කුමන පිළිතුර මගින් නිවැරදිව පෙන්වනු ලබන්නේද?
දෘඪ ඩිස්කය, නිහිත මතකය (Cache memory), ප්‍රධාන මතකය
දෘඪ ඩිස්කය, ප්‍රධාන මතකය, නිහිත මතකය
ප්‍රධාන මතකය, නිහිත මතකය, දෘඪ ඩිස්කය
ප්‍රධාන මතකය, දෘඪ ඩිස්කය, නිහිත මතකය
දී ඇති විශාලත්ව සහිත පහත ගොනු හතර USB ධාවකයකට පිටපත් කිරීමට අමරට අවශ්‍ය විය: invitation.doc (15kB), yesterday.mp3 (26MB), concert.mp4 (150MB), tajmahal.jpg (28kB)
ධාරිතාවන් දක්වා ඇති පහත හිස් USB ධාවක හතර අතුරෙන්, ඉහත ගොනු ආචය (store) සඳහා භාවිත කළ හැකි වඩාත් පිරිමැසුම්දායක ධාවකය කුමක්ද? (USB ධාවකයේ ගොනු කළමනා කරණය සඳහා අවශ්‍ය අවකාශය නොසලකන්න.)
1GB
2GB
128MB
256MB
. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භාවිත වන තාක්ෂණික උපාංගයක් වන විද්‍යුත් නිකර්පර රේඛණ යන්ත්‍රය (EEG) මගින් කරනු ලබන කාර්යය නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ කුමක්ද?
ප්‍රබල චුම්බක අනුනාද මගින් ශරීර අභ්‍යන්තරයේ සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීමයි
හෘදයේ ඇතිවන විද්‍යුත් ස්පන්දනයට අනුව නිපදවන තරංග ප්‍රස්තාර කඩදාසියක සටහන් කිරීමයි.
මොළයෙන් නිකුත්වන විද්‍යුත් ස්පන්දන ග්‍රහණය කර එහි ක්‍රියාකාරීත්වය රූපවාහිනී තිරයක සටහන් කිරීමයි.
හෘදයේ ක්‍රියාකාරීත්වය පරිගණක තිරයක දැක්වීමයි.
නවීන තාක්ෂණයෙන් නිපදවා ඇති රොබෝ යන්ත්‍ර, නිෂ්පාදන කාර්යය සඳහා යොදා ගැනීමෙන් ලැබෙන වාසියක් නොවන්නේ කුමක්ද?
පැය අටෙහි සේවාව
නිරවද්‍යතාවය
වැඩි කාර්යක්ෂමතාව
වැඩි කාර්යක්ෂමතාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අවභාවිතය සහ යහ භාවිතය පිළිබඳ ප්‍රකාශ පිළිවෙලින් අඩංගු පිළිතුර වනුයේ කුමක්ද?
ඇබ්බැහි වීම හේතුවෙන් ඇති වන ශාරීරික අපහසුතා සහ වෛරස මගින් ඇතිවන පරිගණක දෝෂ
නොගැලපෙන වෙබ් අඩවි භාවිතය හා අධ්‍යාපනික වෙබ් අඩවි භාවිතය
දුරස්ථ අධ්‍යාපනය හා ඉ-පොත්පත් කියවීම
පරිගණක ක්‍රීඩා හුරු වීම හා සමාජ ජාල තුල නොගැලපෙන මිතුරන් ඇසුර
මානව සම්පත් කළමණාකරණයට යොදාගත හැකි තොරතුරු හා සන්නිවේදන උපාංගයක් වන්නේ.
ඇඟිලි සළකුණු සුපරීක්ෂකය. (Finger Print Scanner)
ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය. (ATM)
(BAR Code Reader)
විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය (ECG)
