Worksheetsමෙහෙයුම් පද්ධති පසුගිය විභාග ප්‍රශ්න (2011 - 2017))
Total questions: 15
Worksheet time: 15mins
A පමණි.
A හා B පමණි.
B පමණි.
A හා C පමණි.
C පමණි.
ස්වයංක්‍රිය ගුවන් ගමන් පාලන පද්ධතියක් සඳහා වඩාත්ම සුදුසු මෙහෙයුම් පද්ධති වර්ගය
බහු-පරිශීලක බහු-කාර්ය වේ.
තනි-පරිශීලක බහු-කාර්ය වේ.
තථ්‍ය කාල (real time) වේ.
තනි-පරිශීලක තනි-කාර්ය වේ.
බහු - අනුක්‍රියායන (multi-threading) වේ.
සන්දර්භ ස්විචය (context switching) භාවිත කරමින් ව්‍යවහාරික ක්‍රමලේඛ (application programs) ගණනක් අතර එක ම ක්ෂුද්‍ර සකසනය බෙදාහදා ගැනීම (sharing) ලෙස හැඳින් වේ.
ඉහත හිස් තැන පිරවීම සඳහා වඩාත් ම යෝග්‍ය පිළිතුර කුමක්ද?
බහු පරිශීලක සැකැස්ම (Multi-user processing)
බහු කාර්ය කිරීම (Multitasking)
බහු සැකසුම (Multiprocessing)
කාණ්ඩ සැකසුම (Batch processing)
මාර්ගගත සැකසුම (Online processing)
ආයතනයක සේවකයන්ගේ මාසික වැටුප් විස්තර ජනනය කිරීම උදාහරණයක් වන්නේ,
කාණ්ඩ සැකසුම් (Batch processing) සඳහා ය.
තත්‍ය කාල සැකසුම (Real time processing) සඳහාය.
මාර්ගගත සැකසුම් (Online processing) සඳහා ය.
ගණුදෙනු සැකසුම (Transaction processing) සඳහාය.
අන්තර්ක්‍රියා සැකසුම (Interactive processing) සඳහාය
ස්ථිරාංග (firmware) පිළිබඳව පහත දැක්වෙන වගන්ති සලකන්න:
A පරිගණකයක් ක්‍රියා කරවීම ආරම්භ කිරීම (bootup) සඳහා අවශ්‍ය ක්‍රමලේඛය ස්ථිරාංගයක් වේ.
B රෙදි සෝදන යන්ත්‍රවල ස්ථිරාංග ඇතුළත් වේ.
C ස්ථිරාංග පසු කලක දී පහසුවෙන් වෙනස් කළ හැකි වේ.
ඉහත වගන්ති අතුරින් කවරක් නිවැරදි වන්නේද?
A පමණි.
B පමණි..
A හා C පමණි.
B හා C පමණි.
A හා B පමණි.
මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් නොවන්නේ කුමක් ද?
මතක කළමනාකරණය
ක්‍රියායන නියමකරණය (Process Scheduling)
ගොනු හැසිරවීම
වයිරස අනාවරණය
පරිශීලක අතුරු මුහුණත් කරණය
මෙහෙයුම් පද්ධතියක දී තවත් ක්‍රියාවලියක් ප්‍රධාන මතකයට ගෙන ඒම සඳහා ප්‍රධාන මතකයෙහි ඇති ක්‍රියාවලියක් ද්විතීයික ආචයනයට ගෙනයෑම ..................................................ලෙස හඳුන්වනු ලබයි.
ඉල්ලුම් පිටු සෑදීම (Demand Paging)
සන්දර්භ ස්විචයනය (Context Switching)
ප්‍රතිහරණය (Swapping)
අතුරු බිඳුම (Interrupting)
නියම කරණය (Scheduling)
පරිගණකයක ප්‍රාථමික මතකයේ උපරිම මතක අවකාශයට වඩා වැඩි අවකාශයක් අවශ්‍ය වන යෙදුමක් ධාවනය සඳහා සූදානම් වී ඇත. එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය පහත සඳහන් කුමක් උපයෝගි කරගෙන මෙම අවශ්‍යතාව සපුරාලයි ද?
සසම්භාවි ප්‍රවේශ මතකය (RAM)
පඨන මාත්‍ර මතකය (ROM)
නිහිත මතකය (Cache Memory)
අතථ්‍ය රූපි මතකය (Virtual Memory)
විස්තෘත මතකය (Extended Memory)
පරිගණකයකට නව දෘඩාංග උපක්‍රම සම්බන්ධ කළ විට ඒවා ස්වයංක්‍රීයව ස්ථාපිත කිරීමට ඉඩ ලබා දෙන නවීන මෙහෙයුම් පද්ධතිවල ඇති ගුණාංගය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ,
Add/Remove Hardware ලෙසය.
Easy Installer
Plug and Play
Add Hardware Utility
Fetch and Store 5.
පුද්ගල පරිගණකයක (Personal Computer) ඇති සසම්භාවි ප්‍රවේශ මතකයෙහි (RAM) දර්ශීය භාවිතයක් (typical use) නොවන්නේ පහත සඳහන් කවරක්ද?
සැකසුම සඳහා දත්ත පවත්වා ගැනීම
මෙහෙයුම් සඳහා උපදෙස් රඳවා ගැනී
මෙහෙයුම් පද්ධතිය සඳහා ආචයනය (storage) සැපයීම
ප්‍රතිදානය සඳහා තොරතුරු පවත්වා ගැනීම
ප්‍රවේෂණය (boot-up) කිරීම සඳහා BIOS ක්‍රමලේඛය පවත්වා ගැනීම
මෙහෙයුම් පද්ධතියක් තුළ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලියක් (process) අත්හිටුවා (suspend), ඉන් පසු, එය යළි පටන් ගැනීම (resuming) හෝ වෙනත් ක්‍රියාවලියක් පටන් ගැනීම (starting) හඳුන්වනු ලබන්නේ,
පිටු කිරීම (paging) ලෙස ය.
සන්දර්භ හුවමාරුව (context switching) ලෙස ය.
ප්‍රතිහරණය (swapping) ලෙස ය.
අතුරු බිඳීම (interrupting) ලෙස ය.
අවහිර කිරීම (blocking) ලෙසය.
නවීන මෙහෙයුම් පද්ධතිවල ක්‍රියාවලියක් නව අවස්ථාවේ සිට සූදානම් අවස්ථාවට වන සංක්‍රාන්තිය නියමාකරණය මගින් තීරණය කරනු ලැබේ.
ඉහත වගන්තියෙහි හිස් තැන පිරවීම සඳහා පහත දක්වා ඇති යෙදුම් අතුරෙන් නිවැරදි වන්නේ කවරක්ද?
මධ්‍ය කාලීන (mid-term)
දිගු කාලීන (long-term)
ඉතා දිගු කාලීන (very long-term)
ඉතා කෙටි කාලීන (very short-term)
කෙටි කාලීන (short-term)
පුද්ගල පරිගණක බලගැන්වීම (boot-up) සඳහා සාමාන්‍යයෙන් භාවිත කරනුයේ පහත දෑ අතුරෙන් කවරක්ද?
ස්ථිරාංගය (Firmware)
අනිෂ්ට මෘදුකාංග (Malware)
වෙළඳ මෘදුකාංග (Adware)
කප්පම් මෘදුකාංග (Ransomware)
ජීවාංග (Liveware)
පුද්ගල පරිගණකයක අනුපූරක ලෝහ ඔක්සයිඩ අර්ධ සන්නායක මතකයේ (CMOS) ප්‍රධාන භාවිතයක් වන්නේ පහත දැක්වෙන දෑ අතුරෙන් කුමක්ද?
සැකසීම සඳහා ආදාන තබා ගැනීම
මෙහෙයුම් සඳහා උපදෙස් රඳවා ගැනීම
මෙහෙයුම් පද්ධතිය ප්‍රවේශනය (loading) සඳහා අවකාශ ලබා දීම
ප්‍රතිදානය සඳහා තොරතුරු තබා ගැනීම
බල ගැන්වීමේ ක්‍රියාවලිය සඳහා මූලික ආදාන ප්‍රතිදාන පද්ධතියේ (Basic Input Output System) කට්ටල් අංග (settings) තබා ගැනීම
තනි සකසනයක් ඇති පරිගණකයක් තුළ අන්තර් ක්‍රියාකාරී නොවන කා ර් ය (non-interactive jobs) අනුක්‍රමයක් පරිශීලකයාට සාපේක්ෂව එකවර ක්‍රියාත්මක කිරීම හඳුන්වනු ලබනුයේ,
බහු කාර්ය (multitasking) ලෙස ය.
බහු සැකසීම (multiprocessing) ලෙස ය.
මෙහෙයුම් පද්ධතිය ප්‍රවේශනය (loading) සඳහා අවකාශ ලබා දීමමාර්ගගත සැකසීම (online processing) ලෙස ය.
බහු පරිශීලක සැකසීම (multiuser processing) ලෙසය.
කාණ්ඩ සැකසීම (batch processing) ලෙස ය.
