wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

11 ශ්‍රේණිය සත්ත්ව පාලනය

Total questions: 20

Worksheet time: 20mins

Name
Class
Date
1.

කුකුළන්ට වැළදෙන කොක්සිඩියෝසිස් රෝගයේ ව්‍යාධි ජනකයා,

a)

බැක්ටීරියාවකි

b)

ප්‍රෝටොසෝවාවෙකි

c)

වට පණුවෙකි

d)

වයිරසයකි

2.

ගැබ්ගත් ගව දෙනක වියළීම ආරම්භ කළ යුත්තේ ප්‍රසූතියට කොපමණ කාලයකට පෙර සිට ද?

a)

සති12

b)

සති10

c)

සති8

d)

සති4

3.

නිරෝගී ගව දෙනක මද ලක්ෂණ පෙන්නුම් කරන්නේ,

a)

දින 14 - 17 කට වරක්

b)

දින 18 - 21 කට වරක්

c)

දින 24 - 27 කට වරක්

d)

දින 28 - 30 කට වරක්

4.

ජර්සි ගව වරිගය, සහිවාල් හෝ සින්දි සමග අභිජනනය කිරීමෙන් ලැබෙන දෙමුහුන් ගව වරිගය,

a)

බීෆ් මාස්ටර් ය

b)

නිලිරවි ය

c)

සූර්ති ය

d)

ඕස්ට්‍රේලියන් මිල්කින් සීබු ය

5.

ගව පැටවකු ඉපදුණු විගස පළමුවෙන්ම කළ යුතු සත්කාර ය වන්නේ,

a)

මුල් කිරි බීමට සැලැස්වීම යි

b)

පෙකනිවැල කපා අයඩීන් ආලේප කිරීම යි

c)

නාසයේ හා මුඛයේ ඇති ශ්ලේෂ්මල පිහදැමීමයි

d)

ජලය ස්වල්පයක් බීමට සැලැස්වීම යි

6.

කිරි ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති කරනු ලබන ඉන්දීය ගව වරිගය කි.

a)

ජර්සි

b)

ෆ්‍රීෂියන්

c)

සින්දි

d)

අයර්ෂයර්

7.

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන ගව වසංගත රෝග යකි

a)

කිරි උණ

b)

ගව රක්තාශ්‍රය

c)

බුරුළු ප්‍රදාහය

d)

කිණිතුලු උණ

8.

ගව දෙනකගේ මද චක්‍රය දින,

a)

21කි

b)

30 කි

c)

285 කි

d)

305 කි

9.

සතුන් ගේ වර්ධනය සහ ගෙවීගිය පටක අලුත්වැඩි කිරීම සදහා වැදගත් වන පෝෂක ය වනුයේ

a)

කාබෝහයිඩ්‍රේට

b)

ප්‍රෝටීන

c)

ලිපිඩ

d)

විටමින්

10.

සත්ත්ව ආහාර සලාකයක ප්‍රෝටීන් ලබාදීම ට යොදා ගතහැකි ආහාර සංගටකයකි,

a)

පොල් පුන්නක්කු

b)

සිප්පිකටු කුඩු

c)

බඩ ඉරිඟු

d)

හාල් නිවුඩු

11.

ගවයින් සදහා ලබා දියහැකි සානද්‍ර ආහාර යකි,

a)

සයිලේජ්

b)

පිදුරු

c)

තෘණ

d)

පුන්නක්කු

12.

වැඩිම කිරි නිෂ්පාදනයක් ලබාදෙන ගව වරිගය කුමක් ද?

a)

රතුසින්දි

b)

ජර්සි

c)

ෆ්‍රීෂියන්

d)

සහිවාල්

13.

නළල ,පාද කෙළවර හා වලිගය කෙළවර සුදු පැහැති මී ගව වරිගය වනුයේ,

a)

මූරා

b)

සූර්ති

c)

නිලිරවි

d)

අයර්ෂයර්

14.

මවගෙන් වෙන් කර ඇති කරනු ලබන ගව පැටවකු ට කිරි ලබා දිය යුත්තේ පැටවාගේ ජීව බරින්,

a)

6%

b)

10%

c)

15%

d)

18%

15.

දහවල් කාලයේ එළිමහනේ දිගේලි කර උලා කෑමට ඉඩ හැර, රාත්‍රී කාලයේ ගාලක ලැගීමට සලසන ගවයන් ඇති කිරීමේ ක්‍රමය

a)

නිදැලි ක්‍රමය

b)

අඩ සියුම් ක්‍රමය

c)

සියුම් ක්‍රමය

d)

හිසට හිස ක්‍රමය

16.

කුකුළු පැටවුන් එකට ගුලි වී මලානික වී සිටීම,සුදු පාට ට හුරු පාචනය , ඔවුන්ගේ ජම්බාලිය වටා සුදු පැහැති බදාමයක් මෙන් මල ඉතිරි වී තිබීම වැනි ලක්ෂණ දක්නට ලැබීම.ඔවුන්ට වැළදී ඇති රෝගය,

a)

පුල්ලෝරම්

b)

කොක්සිඩියෝසිස්

c)

රැනිකට්

d)

කුකුළු වසූරිය

17.

කිරි දෙවීමේදී ඉතා සුළු වේලාවකින් කිරි දොවා අවසන් කළ යුතුය.මෙයට හේතු ව,

a)

කම්කරු ශ්‍රමයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම

b)

ඔක්සිටොසීන් හෝමෝනයේ බලපෑම පවතින්නේ කෙටි කාලසීමාවක් පමණක් වීම

c)

ඉක්මනින් කිරි දොවා නොගතහොත් කිරි බුරුල්ල ආසාදනය වීමට ඉඩ තිබීම

d)

බොහෝ වේලාවක් කිරී දෙවීමේදී කිරි වල තත්ත්වය බාල වීම

18.

හොඳ අතුරුණුවක්,

a)

තෙතමනය උරා නොගනියි

b)

දූවිලි ලෙස තිබෙයි

c)

අවශ්‍ය උෂ්ණත්වය ආරක්ෂා කරයි

d)

විටමින් B සංස්ලේෂණය නොකරයි

19.

දිනක් වයසැති පැටවුන් රැකබලා ගන්නේ,

a)

ඉන්කියුබේටරය තුලය

b)

අතුරුණුව තුලය

c)

කුකුළු නිවාස තුල ය

d)

බෲඩරය තුලය

20.

කුකුළන් ට වැළදෙන බැක්ටීරියා රෝග යකි .

a)

කොක්සිඩියෝසිස්

b)

පුලලෝරම්

c)

ගම්බෝරෝ

d)

රැනිකට්