wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Blaster Paper 1 💣- Thisara ekanayake

Total questions: 10

Worksheet time: 20mins

Name
Class
Date
1.

ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය කුමක්ද ?

a)

සෛලයයි

b)

පටකයයි

c)

ඉන්ද්‍රියයි

d)

පද්ධතියයි

2.

එකිනෙක ආකර්ශනය වන උප පරමාණුක අංශු යුගල වන්නේ

a)

ඉලෙක්ට්‍රොන හා නියුට්‍රෝන

b)

ඉලෙක්ට්‍රොන හා ප්‍රෝටෝන

c)

ප්‍රෝටෝන හා නියුට්‍රෝන

d)

ඉලෙක්ට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන

3.

ගම්‍යතාවයේ ඒකක වනුයේ

a)

Kgms-1

b)

Kgms-2

c)

Kg m-1 S-2

d)

Kg m2 S-2

4.

පහත A, B හා C රූප සටහන්වලින් දැක්වෙන පේෂි පටක වර්ග තුනකි.
පහත A , B ,C පිලිවෙලින් ,

a)

සිනිදු පේශී , හෘත් පේශි හා කංකාල පේශි

b)

කංකාල පේශි,  සිනිදු පේශී හා හෘත් පේශි

c)

සිනිදු පේශි , කංකාල පේශි , හෘත් පේශී

d)

හෘත් පේශි , කංකාල පේශී හා සිනිදු පේශී

5.

පහත දැක්වෙන අණු අතරින් වැඩිම සහසංයුජ බන්ධන සංඛ්‍යාවක් සහිත අණුව කුමක්ද ?

a)

O2

b)

N2

c)

NH3

d)

CO2

6.

සූර්යයාගේ සිට පෘථිවියට තාපය සංක්‍රමණය වන්නේ ,

a)

විකිරණය මගිනි

b)

සන්නයනය මගිනි

c)

සංවහන මගිනි

d)

විකිරණය හා සංවහනය මගිනි

7.

ශිෂ්‍යයෙකු විසින් පාරිසරික පිරමීඩයකින් උපුටා ගත් පරිදි එම පරිසර පද්ධතියේ එක් නිෂ්පාදකයෙක්ද ප්‍රාථමික යැපෙන්නෝ අට දෙනෙක්ද ද්වීතීක යැපෙන්නෝ විසි තුන්දෙනෙක් ද සිටිති. ශිෂ්‍යයා මෙම තොරතුරු උපුටා ගන්නා ලද්දේ

a)

උඩුකුරු සංඛ්‍යා පිරමීඩයකිනි.

b)

යටිකුරු සංඛ්‍යා පිරමීඩයකිනි.

c)

උඩුකුරු ජෛව ස්කන්ධ පිරමීඩයකිනි.

d)

යටිකුරු ජෛව ස්කන්ධ පිරමීඩයකිනි.

8.

වස්තුවක චලිතයේ විස්තාපන කාල ප්‍රස්ථාරය මෙහි දැක්වේ. t0 සිටt1 එක දක්වාත් t1 සිට t2 දක්වාත් කාල ප්‍රාන්තරවලදී වස්තුවේ චලිත ස්වභාවය පිළිවෙලින්

a)

ඒකාකාර ප්‍රවේගයක් හා ත්වරණයකි.

b)

ඒකාකාර ප්‍රවේගයක් හා මන්දනයකි.

c)

ඒකාකාර ත්වරණයකි හා මන්දනයකි.

d)

ඒකාකාර මන්දනයක් හා ත්වරණයකි

9.

දෛහික වර්ණ දේහයක ජාන විකෘති වීම නිසා ඇතිවන ප්‍රවේණික ආබාධයක් වන තැලසීමියාව හේතුවෙන් හිමොග්ලෝබීන් නිෂ්පාදනය අඩාල වේ. ස්වාභාවිකව හිමොග්ලෝබීන් නිෂ්පාදනයට අදාළ ප්‍රමුඛ ජානය T ද විකෘති නිළීන ජානය t ද වේ. A, B, C හා D මගින් දැක්වෙන්නේ F1 පරම්පරාවයි.

F1 පරම්පරාවට අයත් තැලසීමියා රෝගියෙකු වන්නේ,

a)

A

b)

B

c)

C

d)

D

10.

දෛහික වර්ණ දේහයක ජාන විකෘති වීම නිසා ඇතිවන ප්‍රවේණික ආබාධයක් වන තැලසීමියාව හේතුවෙන් හිමොග්ලෝබීන් නිෂ්පාදනය අඩාල වේ. ස්වාභාවිකව හිමොග්ලෝබීන් නිෂ්පාදනයට අදාළ ප්‍රමුඛ ජානය T ද විකෘති නිළීන ජානය t ද වේ. A, B, C හා D මගින් දැක්වෙන්නේ F1 පරම්පරාවයි.

F1 පරම්පරාවට අයත් තැලසීමියා රෝගීන් , නිරෝගී රෝග වාහකයින් හා නිරෝගී පුද්ගලයින් අතර අනුපාතය ,

a)

1 : 1 : 1

b)

1 : 1 : 2

c)

1 : 2 : 1

d)

2 : 1 : 1