NEW
Font size
WorksheetsAgro-Trivia'21 - Round 3
Total questions: 15
Worksheet time: 8mins
කඩිනම් මහවැලි වැඩපිළිවෙළෙහි විශාලතම ජලශ යෝජනා ක්‍රමය වන්නේ,
රන්දෙණිගල ය.
මාදුරු ඔය ය.
කොත්මලේ ය.
වික්ටෝරියා ය.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ,
රෝමයේ ය.
ලන්ඩන්හි ය.
පැරිස්හි ය.
ජිනීවාහි ය.
සාමාජික රටවල ජනතාවගේ පෝෂණ මට්ටම හා ජීවන තත්ත්වය නංවාලීම සදහා පිහිටුවා ඇති අන්තර්ජාතික සංවිධානය වන්නේ,
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය යි.
යුනෙස්කෝ සංවිධානය යි.
රතු කුරුස සංවිධානය යි.
ලෝක ආහාර වැඩසටහන යි.
ශ්‍රී ලංකාවේ මුළු කිරි අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය කරන ප්‍රමාණය දළ වශයෙන්,
20% කි.
15% කි.
25% කි.
30% කි.
පහත සදහන් බෝග අතරින් මීතේන් වායුව වායු ගෝලයට පිට කිරීම වැඩි වශයෙන්ම සිදුකරන වගාව වන්නේ,
උක් වගාවයි.
තෘණ වගාවයි.
වී වගාවයි.
උඩරට එළවළු වගාවයි.
පෘථිවි පෘෂ්ඨය මගින් අවශෝෂණය කර ගන්නා සූර්ය විකිරණ අතරින් බහුතරයක් නැවත අවකාශයට මුදා හරින විද්‍යුත් චුම්භක විකිරණ වර්ගය වන්නේ,
x කිරණ ය.
අධෝරක්ත කිරණ ය.
පාරජම්බුල කිරණ ය.
රේඩියෝ තරංග ය.
මිහිතලය උණුසුම් වීම නිසා දේශගුණයේ ඇතිවී තිබෙන හා ඇතිවන වෙනස්කම් හැදින්වෙන්නේ,
හරිතාගාර ආචරණය ලෙස ය.
දේශගුණ විපර්යාසය ලෙස ය.
කාලගුණ විපර්යාසය ලෙස ය.
උෂ්ණත්ව විචලතා ලෙස ය.
සූර්ය විකිරණය වඩාත් කාර්යයක්ෂමව අවශෝෂණය කරන්නේ,
තෘණ භූමි මඟිනි.
වනාන්තර මඟිනි.
වැලි මඟිනි.
වගුරුබිම් මඟිනි.
ගංවතුර තත්ත්වවලට නිතර භාජනය වන, ආම්ලික පසකට යෙදීමට වඩාත් යෝග්‍ය නයිට්‍රජන් රසායනික පොහොර වර්ගය වන්නේ,
යූරියා ය.
ඩොලමයිට් ය.
ජිප්සම් ය.
ඇමෝනියම් සල්ෆේට් ය.
පහත සඳහන් කාබනික පොහොර වලින් වැඩිම නයිට්‍රජන් ප්‍රතිශතයක් පවතින පොහොර වර්ගය වන්නේ,
කුකුළු පොහොර ය.
ඌරු පොහොර ය.
ගොවිපොළ පොහොර ය.
එළු පොහොර ය.
හොඳින් සෑදූ කොම්පෝස්ට් පොහොර නියැදියක්,
කහ පැහැ වන අතර සැහැල්ලු ය.
කහ පැහැ වන අතර බර ය.
දුඹුරු පැහැ වන අතර බර ය.
කලු පැහැ වන අතර සැහැල්ලු ය.
බිම් සැකසීම නිසා පසේ,
වයනය හා ph අගය වැඩිවේ.
වර්ණය හා ක්ෂුද්‍ර ඝනත්වය වැඩිවේ.
වයනය හා ක්ෂුද්‍ර ඝනත්වය වැඩිවේ.
ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය හා සවිවරතාවය වැඩිවේ.
තෙත් කලාපීය ගිල් වූ පාත්තිවල සිටුවීමට වඩාත් සුදුසු බෝගය වනුයේ,
අඹ ය.
වම්බටු ය.
මෑ ය.
කොහිල ය.
ජල වහන කාණු අතර පරතරය තීරණය කරන සාධකයක් වනුයේ,
භූමිය බෑවුම යි.
පාංශු වැස්ම යි.
පාංශු වර්ණය යි.
පාංශු පාරගම්‍යතාවය යි.
පහත පවතින ගංගා අතරින් ඍතුමය ගංගාවක් වන්නේ,
කොත්මලේ ඔය යි.
දැදුරු ඔය යි.
මල්වතු ඔය යි.
වස්ගමු ඔය යි.
