Font size
Worksheetsව්‍යාකරණ 02
Total questions: 15
Worksheet time: 3mins
නාසික්‍ය අක්ෂර කාණ්ඩය වන්නේ
ග, ජ, ඩ, ද, බ
ය, ර, ල, ව, ස
ඥ, ඤ , න, ණ, ම
මහප්‍රාණ අකුරක් නොයෙදුණු වචනය වන්නේ
සම්භාව්‍ය
ද්විභාෂා
විශිෂ්ට
අක්ෂර වින්‍යාසය නිවැරදි වචන යුගලය වන්නේ
ලේඛනය,නිඝණ්ඩු
චත්‍රය, ඡන්දය
අධිෂ්ටානය, ධර්මිෂ්ට
මොණරාගල ප්‍රදේශයේ යමෙකුට විධානයක් දෙන ශෛලිය වන්නේ මින් කුමක්ද
බලපන්
බලහන්කෝ
බලප
අසමින් යන පදයේ ක්‍රියා ප්‍රකෘතිය වන්නේ
අසා
අස
අසම
කපනු යන පදයේ ක්‍රියා ප්‍රකෘතිය වන්නේ
කපන්න
කපන
කප
වාලිකංගන යන පදයේ සිංහල තේරුම වන්නේ
භෝගය
සෑගෙය
වැලි මළුව
විරුද්ධ පද යුගලය වන්නේ
අනාශ්‍රය - නිරාශ්‍රය
අවරදිග - පැදුම්දිග
ආගන්තුක - නේවාසික
" එකට එක්ව සිටි " යන අදහස දෙන වඩාත් යෝග්‍ය ඉඟිවැකිය වන්නේ
දිවෙන් දිව ගාගෙන
එක පතේ කෑ
ජාඩියට මූඩිය වගේ
"නිරර්ථක දෙයක් කිරීම " යන්නට ගැලපෙන පිරුළ වන්නේ
දියකාවගේ පිටේ ලුණු හැංගුවා වගේ
කබලෙන් ලිපට වැටුනා වගේ
නරියට කුකුල් කොටුව භාර දුන්නා වගේ
"කෞශල්‍ය" යන පදයේ අර්ථය වන්නේ
අලංකාර
කුසලතාව
කෝසල බව
"සිනිදු සුදු මුදු තලාවේ.." යන ගීතයේ රචකයා වන්නේ
මහින්ද දිසානයක මහතා
රත්න ශ්‍රී විජේසිංහ මහතා
මහගම සේකරයෝ
කෙටි කතාවක තිබිය යුතු සුවිශේෂී ලක්ෂණය වන්නේ
චරිත බොහොමයක් තිබීම
පසුබිම් නිරූපණය
ප්‍රබල සිද්ධියක් ඉස්මතු වීම
ර්යෝහෙයිගේ චරිතය ප්‍රධාන වූ කෙටි කතා පරිවර්තකයා වන්නේ
ඒ. පී. ගුණරන්ත
ජයන්ත විමලසේන
සුදත් රෝහණ
තම මාතෘ භුමිය කෙරෙහි ඇති ඇල්ම හදුන්වන්නේ,
දේශාභිමානය ලෙසය
ස්වාභිමානය ලෙසය
දේශානුරාගය ලෙසය
