wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Agro-Trivia'21

Total questions: 15

Worksheet time: 5mins

Name
Class
Date
1.

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යට‍තේ ඉදිවූ ජලාශ පමණක් අයත්වන පිළිතුර වන්නේ,

a)

සේනානායක සමුද්‍රය, උඩවලව, කොත්මලේ හා රන්දෙණිගල

b)

උඩවලව, පොල්ගොල්ල, ලුණුගම්වෙහෙර හා රන්දෙණිගල

c)

චන්ද්‍රිකා වැව, සේනානායක සමුද්‍රය, මාදුරුඔය හා රන්ටැඹේ

d)

කොත්මලේ, රන්දෙණිගල, වික්ටෝරියා හා රන්ටැඹේ

2.

ශ්‍රී ලංකාවේ උක් පර්යේෂණ ආයතනය පිහිටා ඇත්තේ,

a)

අගලවත්තේ ය.

b)

මහඉලුප්පල්ලමේ ය.

c)

උඩවලවේ ය.

d)

කුණ්ඩසාලේ ය.

3.

අතීත ශ්‍රී ලාංකීක වියළි කලාපීය කෘෂිකර්මාන්තය තුල සීමාකාරී සාධකයක් ව පැවතුණේ,

a)

ශ්‍රමය

b)

භූමිය

c)

ජලය

d)

ආලෝකය

4.

රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉදිකළ ප්‍රථම වැව වන්නේ,

a)

අභය වැව

b)

කලා වැව

c)

තිසා වැව

d)

නුවර වැව

5.

පුරාණ වැව් නිර්මාණය වූයේ, ස්වාභාවික‍ පෝෂිත ආශ්‍රිතව අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇතිවන පරිදිය. මෙම වැව් පද්ධතිය හදුන්වන්නේ,

a)

වැව් බැදි රාජ්‍ය ලෙසය.

b)

එල්ලංගා පද්ධතිය ලෙසය.

c)

වැව් පද්ධතිය ලෙසය.

d)

කුළු වැව් පද්ධතිය ලෙසය.

6.

අතීතයේ දී වැව් හා වාරි පද්ධතියේ නඩත්තු කටයුතු හා පරිපාලනය සිදුකර ඇත්තේ,

a)

රජතුමා විසිනි.

b)

රජු, විහාරස්ථානය, ග්‍රාමීය ආයතන වල පුද්ගලයින් මගිනි.

c)

ජලබදු අයකරන නිලධාරින් මගිනි.

d)

ජලය පරිභෝජනය කරන්නන්ගේ ස්වයං පාලනය මගිනි.

7.

කුඹුරු ඉඩම අනවසරයෙන් වෙනත් කාර්යයක් සදහා භාවිතා කිරීම වැළැක්වීම සම්බන්ධව වගකීම දරන ආයතනය වන්නේ,

a)

මධ්‍යම පරිසර අධිකාරිය යි.

b)

ගොවිජන කේන්ද්‍රය යි.

c)

කාෂි රක්ෂණ මණ්ඩලය යි.

d)

ගොවි සංවිධානය යි.

8.

ශ්‍රී ලංකාවේ සත්ව පාලන පුහුණු මධ්‍යස්ථාන ඇති ප්‍රදේශ වන්නේ,

a)

පේරාදෙණිය හා උඩවලව යි.

b)

හම්බන්තොට හා ගන්නෝරුව යි.

c)

කොටදෙණියාව හා කැකණදුර යි.

d)

කොටදෙණියාව හා මහනුවර යි.

9.

ශ්‍රී ලංකාවේ පැරණි රජ සමයේ අනුරාධපුර ප්‍ර‍දේශයේ පැවැති ජල හිගය මගහරවා ගැනීම සදහා නිර්මාණය කරන ලද ලොව පතළ වාරිමාර්ග පද්ධතිය වන්නේ,

a)

යෝධ ඇල යි.

b)

මල්වතු ඔය යි.

c)

හැමිල්ටන් ඇල යි.

d)

මිණිපේ ඇල යි.

10.

ජල චක්‍රයේ විවිධ සංඝටක හා ක්‍රියාදාමයන් කෙරෙහි මිනිසාගේ ක්‍රියාකාරකම් විවිධාකාරයෙන් බලපෑම් ඇතිකරයි. පසට වසුන් යෙදීම මගින් සිදුවනුයේ,

a)

උත්තේජනය පාලනය වීම යි.

b)

කාන්දු වන වේගය අඩුවීම යි.

c)

ශාක ආවරණය වෙනස්වීම යි.

d)

වාෂ්පිභවනය පාලනය වීම යි.

11.

පෘථිවි වායුගෝලයේ ඇති සුළං වක්‍රව හමන්නේ,

a)

පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වන නිසායි.

b)

පෘථිවියේ වායුගෝලයේ රත්වීමේ අසමානතාවය නිසායි.

c)

පෘථිවිය මතුපිට රත්වීමේ අසමානතාවය නිසායි.

d)

චන්ද්‍රයා වෙතට පෘථිවියෙන් ඇතිකරන ගුරුත්වාකර්ෂණ බලය නිසායි.

12.

පහත සදහන් බෝග අතරින් මීතේන් වායුව වායු ගෝලයට පිට කිරීම වැඩි වශයෙන්ම සිදුකරන වගාව වන්නේ,

a)

උක් වගාවයි.

b)

තෘණ වගාවයි.

c)

වී වගාවයි.

d)

උඩරට එළවළු වගාවයි.

13.

සූර්ය විකිරණය වඩාත් කාර්යයක්ෂමව අවශෝෂනය කරන්නේ,

a)

තෘණ භූමි මඟිනි.

b)

වැලි මඟිනි.

c)

වනාන්තර මඟිනි.

d)

වගුරුබිම් මඟිනි.

14.

පෘථිවි පෘෂ්ඨය මගින් අවශෝෂනය කර ගන්නා සූර්ය විකිරණ අතරින් බහුතරයක් නැවත අවකාශයට මුදා හරින විද්‍යුත් චුම්භක විකිරණ වර්ගය වන්නේ,

a)

x කිරණ ය.

b)

රේඩියෝ තරංග ය.

c)

අධෝරක්ත කිරණ ය.

d)

පාරජම්බුල කිරණ ය.

15.

මිහිතලය උණුසුම් වීම නිසා දේශගුණයේ ඇතිවී තිබෙන හා ඇතිවන වෙනස්කම් හැදින්වෙන්නේ,

a)

හරිතාගාර ආචරණය ලෙස ය.

b)

දේශගුණ විපර්යාසය ලෙස ය.

c)

කාලගුණ විපර්යාසය ලෙස ය.

d)

උෂ්ණත්ව විචලතා ලෙස ය.