wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Agro-Trivia'21 - Round 2

Total questions: 15

Worksheet time: 5mins

Name
Class
Date
1.

දේශීය ආහාර බෝග නිෂ්පාදන දිරි ගැන්වීමේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ආරම්භ කරන ලද්දේ,

a)

2013 දී ය.

b)

2001 දී ය.

c)

2008 දී ය.

d)

2007 දී ය.

2.

අපක්‍රමණ බලය ඇතිවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන්නේ,

a)

පෘථිවි භ්‍රමණය යි.

b)

සුළඟේ චලනය යි.

c)

පීඩන අවපාතය යි.

d)

පොළොවේ ඝර්ෂණය යි.

3.

තෙත් කලාපයේ ඉඟුරු සහ කහ අස්වනු නෙළීමට යෝග්‍ය කාලය වනුයේ,

a)

නොවැම්බර් සහ දෙසැම්බර් ය.

b)

මැයි සහ ජුනි ය.

c)

අප්‍රේල් සහ මැයි ය.

d)

ජුනි සහ ජූලි ය.

4.

හෙක්ටෙයාර් එකක භූමියකට මිලි මීටර 20 ක වර්ෂාපතනයක් ලැබුණි නම් එම භූමිය මත පතිත වූ ජල පරිමාව ඝන මීටර්,

a)

200 කි.

b)

500 කි.

c)

20 කි.

d)

50 කි.

5.

පසේ ජල මට්ටමේ සිට ක්ෂුද්‍ර අවකාශ ඔස්සේ ජලය ඉහළට ගෙන යාම සිදු කරන්නේ,

a)

කේශකර්ෂණය නිසා ය.

b)

මූල පීඩනය නිසා ය.

c)

ආසක්‍ති බල නිසා ය.

d)

සංසක්ති බල නිසා ය.

6.

මීටරයට ඩෙසි සීමන්ස් ඒකකයෙන් මනිනු ලබන්නේ,

a)

පාංශු ජලයේ විද්‍යුත් සන්නායකතාවය යි.

b)

පාංශු ජලයේ ආතතිය යි.

c)

පසේ බන්ධනකාරක වල ප්‍රභලතාවය යි.

d)

පාංශු ජලයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණය යි.

7.

ෆෙල්ඩ්ස්පාර් ජීර්ණය වෙමින් සාදන්නේ,

a)

කෙඔලින් ය.

b)

වර්මිකියුලයිට් ය.

c)

ඉලයිට් ය.

d)

ක්ලෝරයිට් ය.

8.

ගොවිපොළ කළමනාකරණය යනු,

a)

භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරමින් ගොවිපොළ නිෂ්පාදනයේ යෙදීම යි.

b)

පිරිවැය අවම කර ගැනීමට ගොවිපොළ කටයුතු පාලනය කිරීම යි.

c)

අවදානම් තත්වයන්ට මුහුණ දෙමින් දිගටම තීරණ ගැනීමේ ක්‍රියාවලිය යි.

d)

නිෂ්පාදන කටයුතු හොඳින් සංවර්ධනය කරමින් කන්නයක් පාසා සිදුකරන කාර්යයකි.

9.

ඉල්ලුම් න්‍යායෙන් ප්‍රකාශ වන්නේ,

a)

මිල ඉහළ යන විට ඉල්ලුම අඩු වන බව යි.

b)

ආදායම ඉහළ යන විට ඉල්ලුම අඩු වන බව යි.

c)

ආදායම ඉහළ යන විට ඉල්ලුම ද ඉහළ යන බව යි.

d)

ආදායම හා මිල ඉහළ යන විට ඉල්ලුමද ඉහළ යන බව යි.

10.

පාරිභෝගිකයෙකුගේ ආදායම ඉහළයත්ම යම් භාණ්ඩයක් සඳහා ඉල්ලිම පහළ යයි නම් එය,

a)

බාල භාණ්ඩය කි.

b)

උසස් භාණ්ඩය කි.

c)

ආදේශක භාණ්ඩය කි.

d)

සාමාන්‍ය භාණ්ඩය කි.

11.

ආදේශක භාණ්ඩ සඳහා නිදසුන් වන්නේ,

a)

ලෙමන් සෝඩා සහ ක්‍රීම් සෝඩා ය.

b)

පාන් සහ බටර් ය.

c)

අලි පේර සහ කැරට් ය.

d)

සීනී සහ තේ කොළ ය.

12.

ගොවිපොළක ඇති ප්‍රධාන සම්පත් වර්ග 3 වන්නේ,

a)

භූමිය, ශ්‍රමය හා ප්‍රාග්ධනය යි.

b)

ගොඩනැගිලි, සතුන් හා භෝග යි.

c)

මුදල්, සතුන් හා භෝග යි.

d)

මුදල්, සතුන් හා ශ්‍රමය යි.

13.

අම්ල වැසි ඇතිවීමට හේතු වන්නේ,

a)

නයිට්‍රජන් ඩයොක්සයිඩ් හා සල්ෆර් ඩයොක්සයිඩ් වායු වේ.

b)

කාබන් ඩයොක්සයිඩ් හා සල්ෆර් ඩයොක්සයිඩ් වායු වේ.

c)

මීතේන් හා ඕසෝන් වායු වේ.

d)

මීතේන් හා සල්ෆර් ඩයොක්සයිඩ් වායු වේ.

14.

ලෝකයේ ජල දූෂණයට වැඩිපුරම දායක වන සාධකය වන්නේ,

a)

කෘෂිකාර්මික ක්‍රියා යි.

b)

කර්මාන්තශාලා යි.

c)

නාගරීකරණය යි.

d)

ජල විදුලිය නිෂ්පාදනය යි.

15.

ජෛව විවිධත්ව සං‍රක්ෂණය සඳහා යොදන ක්‍රමයක් වන්නේ,

a)

සෝල්ට් ක්‍රමය භාවිතය යි.

b)

බිම් සැකසීම යි.

c)

ගල් වැටි බැදීම යි.

d)

කානු කැපීම යි.