wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Agro-Trivia'21 - Round 3

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.

රතු දත්ත වාර්තා පොතට අනුව ශ්‍රී ලංකාවේ න්‍යෂ්ට වූ ශාකයක් වනුයේ,

a)

පිණි බෙරලිය වේ.

b)

කළුවර වේ.

c)

දොරණ වේ.

d)

වේවැල් වේ.

2.

දිනකට වැඩිම භූමි ප්‍රමාණයක් වගා කළ හැකි නගුල් වර්ගයක් වන්නේ,

a)

තැටි නගුල යි.

b)

ගැමි ලී නගුල යි.

c)

සැහැල්ලු යකඩ නගුල යි

d)

දෙරෝද ට්‍රැක්ටරයට සවි කරන ලද හැඩ ලෑලි නගුල යි.

3.

සෙවණ ලබා දීම අරමුණු කරගෙන නිර්මාණය කරන අර්ධ ස්ථීර ප්‍රචාරක ව්‍යුහයක් වන්නේ,

a)

දැල් ගෘහ ය.

b)

ශීත රාමු ය.

c)

උණුසුම් පාත්ති ය.

d)

හරිතාගාර ය.

4.

ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශ වල පොලිතීන් උමං භාවිතයේ ගැටලුවක් වන්නේ එම ප්‍රදේශවල,

a)

අධික ලෙස උෂ්ණත්වය වැඩි වීම යි.

b)

වර්ෂාපතනය අධික වීම යි.

c)

සුළං හානි අධික වීම යි.

d)

කෘමි පළිබෝධ හානි අධික වීම යි.

5.

නිර්පාංශු වගා ක්‍රමය සඳහා සුදුසු රෝපණ මාධ්‍ය වනුයේ,

a)

B6 මාධ්‍ය යි.

b)

ඇල්බට් ද්‍රාවණය යි.

c)

ඇලන් කූපර් ද්‍රාවණය යි.

d)

කොහුබත් මාධ්‍ය යි.

6.

උත්ස්වේදන ශීඝ්‍රතාවය පාලනය කරන කෘෂිකාර්මික භාවිතයක් වනුයේ,

a)

සෙවණේ ඇති අතු කප්පාදු කිරීම යි.

b)

වර්ධක හෝමෝන භාවිතය යි.

c)

සෙවණ ලබා දීම යි.

d)

මුල් කප්පාදු කිරීම යි.

7.

ශාක ප්‍රචාරක ව්‍යුහ ලෙස දැල් ගෘහ භාවිතයේ ප්‍රධාන අරමුණ වන්නේ,

a)

ආලෝකය පාලනය කර ගැනීමට යි.

b)

උෂ්ණත්වය පාලනය කර ගැනීමට යි.

c)

කෘමි පළිබෝධ පාලනය කර ගැනීමට යි.

d)

රෝග වලින් බෝග ආරක්ෂා කර ගැනීමට යි.

8.

එන්සයිම වල සංඝටකයක් ලෙස ක්‍රියා කරන මූලද්‍රව්‍යයක් වනුයේ,

a)

හයිඩ්‍රජන් ය.

b)

යකඩ ය.

c)

සල්ෆර් ය.

d)

බෝරෝන් ය.

9.

පුෂ්පීකරණය සදහා උෂ්ණත්වය බලපාන බෝගයක් වන්නේ,

a)

කැරට් වේ.

b)

බණ්ඩක්කා වේ.

c)

වී වේ.

d)

නිවිති වේ.

10.

මැටි ඛණිජ සෑදි ඇති මූලද්‍රව්‍ය වනුයේ,

a)

ඇලුමිනියම් හා සිලිකන් ය.

b)

කැල්සියම් හා ඇලුමිනියම් ය.

c)

සිලිකන් හා සෝඩියම් ය.

d)

සෝඩියම් හා ඔක්සිජන් ය.

11.

සම්මත පසක තිබිය යුතු වායු පරිමා ප්‍රතිශතය වන්නේ,

a)

25% කි.

b)

05% කි.

c)

10% කි.

d)

50% කි.

12.

පහත සඳහන් බෝග අතරින් මාෂ බෝගයක් වන්නේ,

a)

රටකජු ය.

b)

මෙනේරි ය.

c)

වී ය.

d)

බඩ ඉරිඟු ය.

13.

දේශීය ආහාර බෝග නිෂ්පාදන දිරි ගැන්වීමේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ආරම්භ කරන ලද්දේ,

a)

2013 දී ය.

b)

2001 දී ය.

c)

2008 දී ය.

d)

2007 දී ය.

14.

පසේ ජල මට්ටමේ සිට ක්ෂුද්‍ර අවකාශ ඔස්සේ ජලය ඉහළට ගෙන යාම සිදු කරන්නේ,

a)

කේශාකර්ෂණය නිසා ය.

b)

මූල පීඩනය නිසා ය.

c)

ආසක්‍ති බල නිසා ය.

d)

සංසක්ති බල නිසා ය.

15.

ලෝකයේ ජල දූෂණයට වැඩිපුරම දායක වන සාධකය වන්නේ,

a)

කෘෂිකාර්මික ක්‍රියා යි.

b)

කර්මාන්තශාලා යි.

c)

නාගරීකරණය යි.

d)

ජල විදුලිය නිෂ්පාදනය යි.