wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Agro-Trivia'21 - Round 2

Total questions: 15

Worksheet time: 5mins

Name
Class
Date
1.

වී තැම්බීමේදී,

a)

පිෂ්ඨය ජෙලටිනීකරණය වේ.

b)

නිවුඩ්ඩ ඉවත් වේ.

c)

පිෂ්ඨය ග්ලූකෝස් බවට පත් වේ.

d)

මේදය මේද අම්ල බවට පත් වේ.

2.

ධාන්‍ය වල පසු අස්වනු හානි වැඩියෙන් ම සිදුවන්නේ අස්වනු,

a)

ගබඩා කිරීමේදී ය.

b)

නෙළීමේදී ය.

c)

තැම්බීමේදී ය.

d)

සහල් බවට පත් කිරිමේදී ය.

3.

පලතුරු පරිණත වීමට පෙර නෙළා ගැනීමේදී ඒවායේ,

a)

පළිබෝධ හානි වැඩි වේ.

b)

බර වැඩි වේ.

c)

සුවඳ වැඩි වේ.

d)

ලාක්ෂණික වර්ණය වැඩි වේ.

4.

උදය වරුවේ අඹ අස්වැන්න නෙළීමෙන්,

a)

කිරි වැටීම නිසා පොත්තේ පිළිස්සුම් ලප ඇති වේ.

b)

අඹ ගෙඩිවල නියමිත බර අඩු වේ.

c)

අඹ ඉදීම ප්‍රමාද වේ.

d)

නටු අග කුණු වීමේ රෝගයට පාත්‍ර වේ.

5.

කොළ එළවළු හා පලතුරු නෙළීමට වඩාත් සුදුසු කාලය වන්නේ,

a)

පිනි හිඳුණු පසු උදේ කාලය යි.

b)

හිරු නැගිමට පෙර හිමිදිරි පාන්දර කාලය යි.

c)

හිරු බැසගිය පසු සන්ධ්‍යා කාලය යි.

d)

හිරු මධ්‍යස්ථගත වන මධ්‍යහ්න කාලය යි.

6.

දියර ඉසින යන්ත්‍රයක පීඩන කුටීරය තුළ ඇති දියර පීඩනය නොවීමට හේතුවක් වන්නේ,

a)

චූෂණ හා පිටාර බෝල කපාට නිසා නිසි පරිදි ක්‍රියා නොකිරීම යි.

b)

නැසින්න තුළ අපද්‍රව්‍ය බැඳී තිබීම යි.

c)

වායු ශෝධකය දුර්වල වීම යි.

d)

ඉන්ධන ටැංකියේ කරාම අවහිර වීම යි.

7.

වාහක කෘමීන් මඟින් බෝගවලට රෝග සිදු කරන්නේ,

a)

නෙමටෝඩාවකි.

b)

දිලීරයකි.

c)

වෛරසයකි.

d)

ප්‍රොටොසෝවා ය.

8.

පන් විශේෂ වන්නේ,

a)

කුඩ මැට්ට හා කොක් මොට වේ.

b)

කුඩ මැට්ට හා වෙල් මාරුක් වේ.

c)

වෙල් මාරුක් හා බලු නගුට වේ.

d)

වෙල් මාරුක් හා කොක් මොට වේ.

9.

තෘණ විශේෂයක් වන්නේ,

a)

වෙල් මාරුක් වේ.

b)

කුඩ මැට්ට වේ.

c)

බලු නගුට වේ.

d)

කොක් මොට වේ.

10.

ප්ලෝයම තුළින් පරිවහනය වන ප්‍රධාන අංශු වර්ගය වන්නේ,

a)

සුක්‍රෝස් ය.

b)

පිෂ්ටය ය.

c)

ග්ලූකෝස් ය.

d)

මෝල්ටෝස් ය.

11.

ADP හා ATP වල සංඝටකයක් ලෙස වැදගත් වන මූලද්‍රව්‍ය වන්නේ,

a)

පොස්පරස් ය.

b)

ක්ලෝරීන් ය.

c)

කැල්සියම් ය.

d)

නයිට්‍රජන් ය.

12.

හරිතාගාර පවත්වා ගැනීමට වඩාත් සුදුසු ප්‍රදේශයක් වන්නේ,

a)

නුවරඑළිය ය.

b)

රත්නපුරය යි.

c)

කළුතර යි.

d)

මහනුවර යි.

13.

පූර්ණ ආරක්ෂිත ගෘහයක වගා කිරීමට වඩාත් යෝග්‍ය වන්නේ,

a)

ඉහළ වටිනාකම් සහිත එළවලු ය.

b)

ඇන්තූරියම් ය.

c)

සාමාන්‍ය කොළ එළවලු ය.

d)

කටුක තත්ත්වවලට ඔරොත්තු දෙන එළවලු ය.

14.

ලැත් නිවාස ආවරණය කර ඇත්තේ,

a)

ලී පටිවලිනි.

b)

පොලීතීන්වලිනි.

c)

වීදුරුවලිනි.

d)

පොල් අතුවලිනි.

15.

නව ශාක ප්‍රභේද නිපදවීම සඳහා සුදුසු වන්නේ,

a)

වරණය හා අභිජනනය යි.

b)

හඳුන්වාදීම හා විකෘති ජනනය යි.

c)

පටක රෝපණ තාක්ෂණය යි.

d)

වරණය හා හඳුන්වා දීම යි.