NEW
Font size
WorksheetsAgro-Trivia'21
Total questions: 15
Worksheet time: 5mins
ගංවතුර තත්ත්වවලට නිතර භාජනය වන, ආම්ලික පසකට යෙදීමට වඩාත් යෝග්‍ය නයිට්‍රජන් රසායනික පොහොර වර්ගය වන්නේ,
යූරියා ය.
ඩොලමයිට් ය.
ජිප්සම් ය.
ඇමෝනියම් සල්ෆේට් ය.
කාබන්ඩයොක්සයිඩ් නිර්ජලීය සමඟ අධික පීඩනයක් යටතේ දී ප්‍රතික්‍රියා කිරීමෙන් නිපදවන ලබන පොහොර වර්ගය වන්නේ,
යූරියා ය.
සෝඩියම් නයිට්‍රේට් ය.
ත්‍රිත්ව සුපර් පොස්පේට් ය.
ඇමෝනියම් සල්ෆේට් ය.
පහත සඳහන් කාබනික පොහොර වලින් වැඩිම නයිට්‍රජන් ප්‍රතිශතයක් පවතින පොහොර වර්ගය වන්නේ,
කුකුළු පොහොර ය.
ඌරු පොහොර ය.
ගොවිපොළ පොහොර ය.
එළු පොහොර ය.
පහත පවතින මූලද්‍රව්‍ය අතරින් වැඩිම චලතාවයක් පෙන්වන මූලව්‍රව්‍ය වන්නේ,
නයිට්‍රජන්
සල්ෆර්
කැල්සියම්
පොටෑසියම්
නයිට්‍රීහරණය සිදුකරන බැක්ටීරියා වන්නේ,
සියුඩොමොනාස් ය.
නයිට්‍රොබැක්ටර් ය.
ඇසිටොබැක්ටර් ය.
රයිසෝබියම් ය.
හොඳින් සෑදූ කොම්පෝස්ට් පොහොර නියැදියක්,
කලු පැහැ වන අතර සැහැල්ලු ය.
දුඹුරු පැහැ වන අතර බර ය.
කහ පැහැ වන අතර බර ය.
කහ පැහැ වන අතර සැහැල්ලු ය.
පහත සඳහන් ශාක වර්ගය අතරින් කොළ පොහොර සෑදීම සඳහා වඩාත් යෝග්‍ය වනුයේ,
වල්සූරියකාන්‍ත හා හන්සෙම්ප් ය.
ගෝතමාලා හා ඇසොල්ලා ය.
කැප්පෙටියා හා ගිනි තෘණ ය.
ගිනි තෘණ හා පියුරේරියා ය.
බිම් සැකසීම නිසා පසේ,
ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය හා සවිවරතාවය වැඩිවේ.
වයනය හා ක්ෂුද්‍ර ඝනත්වය වැඩිවේ.
වර්ණය හා ක්ෂුද්‍ර ඝනත්වය වැඩිවේ.
වයනය හා ph අගය වැඩිවේ.
පසේ අහඹු රළු බව වැඩිවීම නිසා,
පසේ සෑදෙන කුඩා අවපාත ප්‍රමාණය වැඩි වේ.
මතුපිට අපධාවය වැඩිවේ.
පසේ ජල සන්නායකතාව අඩුවේ.
පසේ ජලය රඳවා ගැනීමෙ ධාරිතාව අඩුවේ.
ගැඹුරු සී සෑමේදී සී සාන ගඹුර වන්නේ,
25cm - 30cm කි.
5cm - 10cm කි.
15cm - 20cm කි.
30cm - 35cm කි.
පාත්ති දැමීමෙන් තොරව වගා කළ හැකි බෝග ඇතුළත් කාණ්ඩය වන්නේ,
මුං, කව්පි හා සෝයා බෝංචි ය.
කරවිල, වැටකොළු හා පතෝල ය.
පලා වර්ග, වී, උක් ය.
තක්කාලි, මිරිස් හා බටු ය.
ශුන්‍ය බිම් සැකසීමේ වාසියක් වනුයේ,
පාංශු හා ජල සංරක්ෂණය වැඩි වීම.
පස සුසංහනය නොවීම.
බීජ ප්‍රරෝහණ ප්‍රතිශතය වැඩිවීම.
රසායනික පොහොර භාවිතය අඩු වීම.
පාංශු ව්‍යුහය විනාශ වනුයේ,
මඩ කිරීමේදී ය.
ගැඹුරු සී සෑමේදී ය.
යටි පස බුරුල් කිරීමේදී ය.
අවම බිම් සැකසීමේදී ය.
ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණයක් වන්නේ,
තැටි නඟුල යි.
කොකු නඟුල යි.
වල් නෙළන යන්ත්‍රය යි.
රොටවේටරය යි.
බහු කාර්‍යය බිම් සැකසීමේ උපකරණයක් වනුයේ,
උදැල්ල ය.
අත් මුල්ලුව ය.
ඇණදත් පෝරුව ය.
රොටවේටරය ය.
