NEW
Font size
WorksheetsAgro-Trivia'21 - Round 2
Total questions: 15
Worksheet time: 5mins
'Marble Cancer' රෝගයට හේතුකාරක වන්නේ,
අම්ල වැසි ය.
බැක්ටීරියා ය.
වෛරස් ය.
වට පණුවන් ය.
ශ්‍රී ලංකාවේ ජල දූෂණය සඳහා අවම වශයෙන් දායක වන්නේ,
රත් වූ අපද්‍රව්‍ය මුදා හැරීම යි.
පාංශු ඛාදනය යි.
පොහොර අධික ලෙස භාවිතය යි.
මල ද්‍රව්‍ය බැහැර කිරීම යි.
වී වගා ක්ෂේත්‍ර වලින් වායු ගෝලයට නිදහස් වන ප්‍රධාන හරිතාගාර වායුව වන්නේ,
මීතේන් ය.
කාබන්ඩයොක්සයිඩ් ය.
ඕසෝන් ය.
නයිට්‍රජන් ඔක්සයිඩ් ය.
පෙලාග්‍රා රෝගය වැළඳීමට හේතුවක් වන්නේ,
නියැසින්වල ඌනතාවය යි.
තයමීන්වල ඌනතාවය යි.
පිරිඩොක්සයින්වල ඌනතාවය යි.
රයිබොෆ්ලේවින්වල ඌනතාවය යි.
අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලයක් වන්නේ,
ටයිරොසින් ය.
වේලින් ය.
ලයිසීන් ය.
හිස්ටිඩීන් ය.
70kg ක් බර හා 150cm ක් උසැති පුද්ගලයෙකුගේ දේහ ස්කන්ධ දර්ශකය වන්නේ,
31 කි.
32 කි.
28 කි.
27 කි.
ජලයේ ද්‍රාව්‍ය විටමින් වර්ගයක් වන්නේ,
රයිබොෆ්ලෙවීන් ය.
රෙටිනෝල් ය.
ටොකොෆෙරෝල් ය.
නැප්තොක්වීනෝන් ය.
ජලයේ ද්‍රාව්‍ය පොලිසැකරයිඩයක් වන්නේ,
ඉනුයිලින් ය.
පිෂ්ඨය ය.
ග්ලයිකොජන් ය.
සුක්‍රෝස් ය.
ග්ලූකෝස්, පෘක්ටෝස් හා ගැලැක්ටෝස්,
මොනොසැකරයිඩ වේ.
පොලිසැකරයිඩ වේ.
ඩයිසැකරයිඩ වේ.
මොනොසැකරයිඩ, පොලිසැකරයිඩ, ඩයිසැකරයිඩ වේ.
මොනොසෝඩියම් ග්ලූටමේට් යනු,
රස ප්‍රවර්ධකය කි.
ස්වාදය කි.
පරිරක්ෂකය කි.
රස කාරකය කි.
රික්තක ඇසුරුම් මඟින් ඇසුරුම් කරන ආහාර ද්‍රව්‍ය වන්නේ,
ග්‍රීන් පීස් ය.
කිරිපිටි ය.
මාගරින් ය.
ටොෆි ය.
ආහාර ආකලන ද්‍රව්‍යක් වන්නේ,
වර්ණක වේ.
ප්‍රතිඔක්සිකාරක වේ.
තෛලෝදක වේ.
ඝනීකාරක වේ.
යකඩ අනවශ්‍ය ලෙස වැඩිපුර ශරීරයට ලබා ගැනීම නිසා අතිවන රෝගී තත්ත්වයක් වන්නේ,
හිමොක්‍රොමටෝසිස් ය.
මරිස්මස් ය.
බෙරි බෙරියාව ය.
හිමෝෆීලියාව ය.
මිනිස් සිරුර තුල සංශ්ලේෂණය විය නොහැකි බහු අසංතෘප්ත මේද අම්ලයක් වන්නේ,
ලිනොලෙයික් අම්ලය යි.
ලෝරික් අම්ලය යි.
කැප්‍රික් අම්ලය යි.
පාමිටික් අම්ලය යි.
කෙටිම පරම්පරා අන්තරයක් ඇත්තේ,
කුකුළාට ය.
ඌරාට ය.
එළුවාට ය.
ගවයාට ය.
