NEW
Font size
WorksheetsAgro-Trivia'21
Total questions: 15
Worksheet time: 5mins
ශාක ප්‍රචාරක ව්‍යුහ ලෙස දැල් ගෘහ භාවිතයේ ප්‍රධාන අරමුණ වන්නේ,
ආලෝකය පාලනය කර ගැනීමට යි.
උෂ්ණත්වය පාලනය කර ගැනීමට යි.
කෘමි පළිබෝධ පාලනය කර ගැනීමට යි.
රෝග වලින් බෝග ආරක්ෂා කර ගැනීමට යි.
ස්ථීර ශාක ප්‍රචාරක ව්‍යුහයක් වන්නේ,
හරිතාගාර වේ.
ශීතගාර වේ.
උණුසුම් පාත්ති වේ.
පොලිතීන් උමං වේ.
තෙත් කලාපයේ සකසන පොලිතීන් උමං වල බිත්ති සඳහා පොලිතීන් වෙනුවට කෘමි ආරක්ෂිත දැල් යොදනු ලබයි. මෙහි විශේෂ වාසියක් වනුයේ,
ව්‍යුහය තුළ වාතය උණුසුම් වීම වැළැක්වීම යි.
ව්‍යුහය තුළ උෂ්ණත්වය වැඩි වීම යි.
ව්‍යුහය තුළ සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩිවීම යි.
ව්‍යුහය තුළට කෘමීන් ඇතුළු වීම පාලනය කිරීම යි.
සෙවණ ලබා දීම අරමුණු කරගෙන නිර්මාණය කරන අර්ධ ස්ථීර ප්‍රචාරක ව්‍යුහයක් වන්නේ,
දැල් ගෘහ ය.
හරිතාගාර ය.
උණුසුම් පාත්ති ය.
ශීත රාමු ය.
ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශ වල පොලිතීන් උමං භාවිතයේ ගැටලුවක් වන්නේ එම ප්‍රදේශවල,
අධික ලෙස උෂ්ණත්වය වැඩි වීම යි.
වර්ෂාපතනය අධික වීම යි.
සුළං හානි අධික වීම යි.
කෘමි පළිබෝධ හානි අධික වීම යි.
නිර්පාංශු වගා ක්‍රමය සඳහා සුදුසු රෝපණ මාධ්‍ය වනුයේ,
කොහුබත් මාධ්‍ය යි.
ඇලන් කූපර් ද්‍රාවණය යි.
ඇල්බට් ද්‍රාවණය යි.
B6 මාධ්‍ය යි.
නිර්පාංශු වගාව සම්බන්ධයෙන් වඩාත් උචිත ප්‍රකාශය වනුයේ,
කම්කරු ශ්‍රමය අධික වශයෙන් අවශ්‍ය වන කාර්‍යයන් අවම වේ.
තාක්ෂණික හා පුහුණු ශ්‍රමය අවශ්‍ය නොවේ.
සුළු දෝසයක් නිසා ඇතිවිය හැකි අහිතකර ප්‍රථිඵල අඩු ය.
ඕනෑම කාලගුණික තත්වයක් යටතේ සිදු කළ නොහැකි ය.
පොලීතීන් උමං බහුලව යොදා ගනු ලබන්නේ,
කැපුම් මල් වගා කිරීම යි.
මිරිස් වගා කිරීම යි.
පලා වර්ග වගා කිරීම යි.
අර්තාපල් වගා කිරීම යි.
හරිතාගාර පවත්වා ගැනීමට වඩාත් සුදුසු ප්‍රදේශයක් වනුයේ,
නුවරඑළිය යි.
කළුතර යි.
මහනුවර යි.
රත්නපුරය යි.
ජලගත රෝපණය යනු,
නිර්පාංශු වගා ක්‍රමය යි.
ජලජ ශාක වගා කරන ක්‍රමයකි.
ජලය ඇතුළත ශාක වවන ක්‍රමයකි.
ජලය මතුපිට ජලවාංග වවන ක්‍රමයකි.
ප්‍රභාසංස්ලේෂණ ශ්‍රීඝ්‍රතාව වැඩි කර ගැනීමට වැදගත් වන දෘෂ්‍ය ආලෝකයේ වර්ණය වන්නේ,
නිල් ය.
කොළ ය.
කහ ය.
තැඹිලි ය.
එන්සයිම වල සංඝටකයක් ලෙස ක්‍රියා කරන මූලද්‍රව්‍යයක් වනුයේ,
හයිඩ්‍රජන් ය.
යකඩ ය.
සල්ෆර් ය.
බෝරෝන් ය.
ශාක තුළ ජලය පරිවහනය කිරීම සම්බන්ධයෙන් පිළිගත් න්‍යායක් වනුයේ,
උත්ස්වේදන වූෂණ වාදය යි.
නිපාත වාදය යි.
මූල පීඩන වදය යි.
වායුගෝලීය පීඩන වාදය යි.
උත්ස්වේදන ශීඝ්‍රතාවය පාලනය කරන කෘෂිකාර්මික භාවිතයක් වනුයේ,
සෙවණේ ඇති අතු කප්පාදු කිරීම යි.
මුල් කප්පාදු කිරීම යි.
සෙවණ ලබා දීම යි.
වර්ධක හෝමෝන භාවිතය යි.
ප්ලෝයම තුළින් පරිවහනය වන ප්‍රධාන අංශු වර්ගය වනුයේ,
සුක්‍රෝස් ය.
පිෂ්ටය ය.
පෘක්ටෝස් ය.
ග්ලූකෝස් ය.
