NEW
Font size
WorksheetsAgro-Trivia'21 - Round 2
Total questions: 15
Worksheet time: 5mins
ගවයාගේ මහා අන්ත්‍රයේ ප්‍රධාන කෘත්‍ය වන්නේ,
ජල ප්‍රතිපෝෂණය යි.
එන්සයිම ජීර්ණය යි.
යාන්ත්‍රික ජීර්ණය යි.
මේද අවශෝෂණය යි.
රෝමාන්තික ආහාර ජීර්ණයේදී සෙලියුලෝස් ජීර්ණය වීමෙන් නිපදවෙන වායුවක් වන්නේ,
මීතේන් ය.
හයිඩ්‍රජන් ය.
නයිට්‍රජන් ය.
ඔක්සිජන් ය.
සත්ත්ව ආහාර සඳහා යොදා ගන්නා ශාකමය සම්භවයක් සහිත ප්‍රෝටීන පරිපූරකයක් වන්නේ,
සෝයා පුන්නක්කු ය.
කිරිපිටි ය.
බඩ ඉරිඟු ය.
සහල් නිවුඩු ය.
වී වගාවේ දී පැරෂුට් ක්‍රමය යොදා ගනු ලබන්නේ,
පැළ වැපිරීමට යි.
බීජ තවාන් කිරීමට යි.
පැළ සිටුවීමට යි.
බීජ වැපිරීමට යි.
වී වගාවට හානි කරන ගොයම් මකුණා අයත් වන ගෝත්‍රය වන්නේ,
Hemiptera ය.
Hymenoptera ය.
Lepidoptera ය.
Isoptera ය.
ශ්‍රී ලංකාවේ පහත දැක්වෙන දිස්ත්‍රික්ක අතරින් වැඩිම වී නිෂ්පාදනයක් සිදු කරන දිස්ත්‍රික්කය වන්නේ,
අම්පාර ය.
පොළොන්නරුව ය.
යාපනය ය.
අනුරාධපුරය ය.
වී වගාව සඳහා බිම් සැකසීම ආරම්භ කළ යුත්තේ, බෝගය ක්ෂේත්‍රයේ සංස්ථාපනයට දින,
21 කට පෙර ය.
3 කට පෙර ය.
7 කට පෙර ය.
14 කට පෙර ය.
සාමාන්‍යයෙන් මඩ තවාන් සඳහා වඩාත් සුදුසු භූමි ප්‍රමාණය මුළු ඉඩම් ප්‍රමාණයෙන්,
1/10 කි.
1/8 කි.
1/5 කි.
1/4 කි.
කුඹුරු වලට පිදුරු දැමීම මඟින් පසට වැඩියෙන් ලබා ගත හැකි මූලද්‍රව්‍යය වන්නේ,
සිලිකන් ය.
පොටෑසියම් ය.
නයිට්‍රජන් ය.
පොස්පරස් ය.
වී වගාවේදී හානි කරන ලෙපිඩොප්ටෙරාවක් වන්නේ,
කහ පුරුක් පණුවා ය.
පළ මැක්කා ය.
ගොක් මැස්සා ය.
දුඹුරු පැළ කීඩෑවා ය.
යල කන්නයේ අස්වනු නෙළීම සිදු කරන කාල වකවානුව වන්නේ,
අගෝස්තු - සැප්තැම්බර් වේ.
මැයි - ජුනි වේ.
පෙබරවාරි - මාර්තු වේ.
ජුනි - ජූලි වේ.
ඇන්තැක්නෝස් රෝගය ඇති වීමට බලපාන රෝග කාරකය,
දිලීරයකි.
වෛරසයකි.
නෙමටෝඩාවකි.
බැක්ටීරියාවකි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර බෝගය අයත් කුලය වන්නේ,
Gramineae ය.
Solanaceae ය.
Cucurbitaceae ය.
Arecaceae ය.
අත්ත උපරිමය නොවන කාණ්ඩයට ඇතුළත් පළතුරු වර්ගයක් වනුයේ,
කජු ය.
කෙසෙල් ය.
පේර ය.
අඹ ය.
කාබනික දිලීර නාශකයක් වන්නේ,
තිරාම් ය.
බෝඩෝ මිශ්‍රණය ය.
කොපර් සැන්ඩෝස් ය.
ලයිම් සල්ෆර් ය.
