wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Agro-Trivia'21 Round lV

Total questions: 15

Worksheet time: 5mins

Name
Class
Date
1.

සූර්යදීප්තමානය ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන්නේ,

a)

හිරු එළිය ලැබුණු කාලය මැනීමට යි.

b)

ආලෝකයේ ගුණාත්මය මැනීමට යි.

c)

අලෝකයේ වර්ණාවලිය මැනීමට යි.

d)

දිවා දිග මැනීමට යි.

2.

ශාකවල ආලෝකය නොමැති විටදී වේගවත් වන ක්‍රියාවලිය වන්නේ,

a)

අන්තර්පර්ව දික් වීම යි.

b)

රයිසෝද්ගමනය යි.

c)

ජල අවශෝෂණය යි.

d)

ඛනිජ අවශෝෂණය යි.

3.

ශාක වල ප්‍රභාසංශ්ලේෂණ වේගය වැඩි වනුයේ,

a)

රතු ආලෝකයේදී ය.

b)

අඛණ්ඩ ආලෝකයේදී ය.

c)

කොළ ආලෝකයේදී ය.

d)

ආලෝක තීව්‍රතාව වැඩි විටදී ය.

4.

අඹ වතුවල භාවිතා කරන පෙරමෝන උගුල් සඳහා methyl eugenol යොදා ගැනීම නිර්දේශ කරන්නේ,

a)

පලතුරු මැස්සා පාලනයට ය.

b)

පත්‍ර කනින්නා පාලනයට ය.

c)

පත්‍ර කීඩෑවා පාලනයට ය.

d)

පිටි මකුණා පාලනයට ය.

5.

ශ්‍රී ලංකාවේ බඩ ඉරිඟු වගාවට මෑතකදී පැවරුණ සේනා දළඹුවාගෙන් ඇති වූ බලපෑම නිසා,

a)

බඩ ඉරිඟු සැපයුම් වක්‍රය වමට විතැන් විය.

b)

බඩ ඉරිඟු සැපයුම් වක්‍රය දකුණට විතැන් විය.

c)

බඩ ඉරිඟු ඉල්ලුම් වක්‍රය වමට විතැන් විය.

d)

බඩ ඉරිඟු ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් විය.

6.

පොළොවෙන් ජලය ඉවත් වන මාර්ගය වන්නේ,

a)

වාෂ්පීකරණය, උත්ස්වේදනය හා ආසවනය යි.

b)

ආසවනය, අපධාවය හා වාෂ්පීකරණය යි.

c)

වර්ෂණය, අපධාවය හා වාෂ්පීකරණය යි.

d)

වාෂ්පීකරණය, උත්ස්වේදනය හා කාන්දු වීම යි.

7.

තිරසාර කෘෂිකර්මයේ පාරිසරික ප්‍රතිලාභයක් වන්නේ,

a)

පස හා ජල සංරක්ෂණය වීම යි.

b)

ආහාර සුරක්ෂිතතාව සහතික වීම යි.

c)

අනාගත පරම්පරාවන්ගේ ජීවන මට්ටම සහතික වීම යි.

d)

ආර්ථික ලාභදායිතාවක් ඇතිවීම යි.

8.

ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය ඉලක්ක කරන්නේ,

a)

පළිබෝධ ගහනය හානිදායක මට්ටමට පහළින් තබා ගැනීමට ය.

b)

පළිබෝධකයාගේ ස්වභාවික සතුරන් වැඩි කිරීමට ය.

c)

පළිබෝධකයාට එරෙහිව ධාරක ප්‍රතිරෝධීතාව වැඩි කිරීමට යි.

d)

ඉලක්ක පළීබෝධකයාගේ ද්විතීය ධාරකයන් විනාශ කිරීමට යි.

9.

ශාක රෝගයක් වර්ධනය වීමට අවශ්‍ය තත්ත්ව වන්නේ,

a)

ග්‍රාහීය ධාරක ශාකයක්, ව්‍යාධි ජනකයෙක් හා රෝග වර්ධනයට උචිත පරිසරයක් ය.

b)

ග්‍රාහීය ධාරක ශාකයක්, රෝග වාහකයෙක් හා රෝග වර්ධනයට උචිත පරිසරයක් ය.

c)

ග්‍රාහීය ධාරක ශාකයක්, ව්‍යාධි ජනකයාගේ ප්‍රචණ්ඩ දර්ශකයක් හා රෝග වර්ධනයට උචිත පරිසරයක් ය.

d)

ග්‍රාහීය ධාරක ශාකයක්, ව්‍යාධි ජනකයෙක් හා ද්විතීය ධාරක ශාකයක් ය.

10.

ද්වී ලිංගික ශාක වන්නේ,

a)

බටු හා මිරිස් ය.

b)

වට්ටක්කා හා මිරිස් ය.

c)

අලි පේර හා පොල් ය.

d)

පොල් හා මිරිස් ය.

11.

ශ්‍රී ලංකාවේ ජාතික පැළෑටි නිරෝධායන සේවය පිහිටුවා ඇත්තේ,

a)

කටුනායක ය.

b)

මහඉලුප්පල්ලමේ ය.

c)

පොළොන්නරුවේ ය.

d)

ගන්නෝරුවේ ය.

12.

පරිසරයට හානිදායක කර්මාන්ත ආරම්භ කිරීමට ප්‍රථම අවශ්‍ය පරිසර බලපෑම් පිළීබඳ ඇගයීම් වාර්තාව හා අනුමැතිය ලබා ගත යුතු ආයතනය වන්නේ,

a)

මධ්‍යම පරිසර අධිකාරිය

b)

සංචාරක දෙපාර්තමේන්තුව

c)

වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුව

d)

වන ජීවී අමාත්‍යංශය

13.

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය හා සම්බන්ධ කෘත්‍රීම සිංචන මධ්‍යස්ථානය පිහිටා ඇති ස්ථානය වන්නේ,

a)

කුණ්ඩසාලේ ය.

b)

මහනුවර ය.

c)

ගන්නෝරුවේ ය.

d)

පේරාදෙණියේ ය.

14.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ,

a)

රෝමයේ ය.

b)

ලන්ඩන්හි ය.

c)

ජිනීවාහි ය.

d)

පැරිස්හි ය.

15.

ලෝක කාලගුණික මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ,

a)

ජිනීවාහි ය.

b)

වොෂින්ටන්හි ය.

c)

ලන්ඩන්හි ය.

d)

පැරීසියේ ය.